(ඉන්දිකා රාමනායක)
මොරටුව මහේසත්‍රාත් අධිකරණයෙන් දඩුවම් කළ රැඳවියෙක් සිය ශරීරයේ සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන ආ හොරොයින් පැකට් 46 හා දුම්කොළ 6 ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සැකකරු ගංජා ළග තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (16) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩුවම් කර ඇති බවත්, බන්ධනාගාර තුළට රැගෙන යාමට පෙර ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරීම සදහා මොහු බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් සිටින අවස්ථාවේ සැකකරු එකවරම එහි වැසිකිලිය තුළට ගොස් ගුද මාර්ගයේ තිබු මත්ද්‍රව්‍ය පැකට් හා දුම්කොළ පිටතට ගැනීමට සුදානම් වු අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් සුපරික්ෂාකාරිව සිට සැකකරු භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සදහා කළුතර උතුර පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd