හිරාන් ප්‍රියංකර ජයසිංහ

රුපියල් කෝටි තුනකට ආසන්න හොරෝයින් කිලෝ හතරකට වැඩි ප්‍රමානයක් පුත්තලම කඩමයාකුලම් ප්‍රදේශයෙදී ( 9 ) දින උදෑසන පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් හත් දෙනෙකු සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කඩමයන්කුලම් ප්‍රදේශයේ නුර් පල්ලිය ආසන්නයේ ප්‍රධාන පෙලේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ නිවසක සගවා තිබු රුපියල් ලක්ෂ 300 කට වැඩි හෙරෝයින් කිලෝ 4 යි ග්‍රෑම් 368 ක ප්‍රමානයක් බව කියයි.

අදාල මත් ද්‍රව්‍ය තොගය ජාවාරම් කරුගේ නිවසේ කබඩයක් තුල සගවා තිබියදි අත් අඩංගුවට ගෙන තිබුනී .

පුත්තලම පොලිස් විශේෂ කාර්යාංශයේ තොරතුරකට අදාල මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබු බව කියයි.

අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පුත්තලම මුලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කරමින් තිබුනී.


ඡායාරූප - එච්. චන්දන