IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හරීන් ප්‍රනාන්දුගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

( බන්ධුල ඉලේපෙරුම)

තමාට අපහාස වන අයුරින් වැරදි සංඛ්‍යාලේඛන දක්වමින් පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමේ ගූගල් බැලුන් ව්‍යාපෘතිය පිළිබඳ අසත්‍ය තොරතුරු පළ කිරීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද(10) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

“කවුද මේකට වගකියන්නේ. පාර්ලිමේන්තුවේ නිල ලාංඡනය යොදාගෙන මෙහෙම බොරු ප්‍රවෘත්ති හදන්න බෑ. කෝප් එකේ සාකච්ඡා කළා කියලා මේක ඇතැම් මාධ්‍ය මාත් එක්ක පෞද්ගලික තරහට මේ‍ක යොදාගෙන මඩ ගහනවා.” යැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.

එ‍්ත් සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හා කථානායක මේ පිළිබඳ සොයා බැලිය යුතුයි. වගකිවයුත්තන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා එහිදී කියා සිටියේ පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය මගින් මෙම ට්විටර් ගිණුමට කෝප් කමිටුවේ සිදුවන දෑ වාර්තා කරන බවයි.

“කවුද මේ මාධ්‍ය අංශය හැදුවේ. කරු ජයසූරියගේ වුවමනාවට. අපි ඒකයි කිව්වේ මේවා සජීවිව මාධ්‍යයට දෙන්න එපා කියලා” යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද එහිදී කියා සිටියේය.

පාර්ලිමේන්තු ට්විටර් ගිණුම මාධ්‍ය අංශය මගින් පවත්වාගෙන යන බවත් මෙවැනි වැරදි තොරතුරු ඇතුළත් කළ අය පිළිබඳ සොයා බලන බවත් කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.



අදහස් (5)

හරීන් ප්‍රනාන්දුගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

විජේ Thursday, 10 December 2020 10:21 AM

තමුන්ගෙ හුලං ගිහින් ඉවරයි මනුස්සයො. තමුන්ට අලුතින් අපහාස කරන්න දෙයක් නෑ, තමුන් අසූචි ගොඩක් බව රටම දැනගත්තා....

:       12       9

අනුර පැස්කුවල් Thursday, 10 December 2020 10:56 AM

ජනාධිපතිගේ ඉඳන් ගම්සභා මන්ත්‍රීට යනකන් ඔක්කොම කට්ටිය අසුචි තවරාගෙන ඉන්න රටේ තව එක්කෙනෙක් ගැන විශේෂයෙන් සඳහන් කරන එකේ පදනමක් නැහැ නේද?

:       7       14

විජේ Thursday, 10 December 2020 06:58 PM

සම්පූර්ණ ඇත්ත අනුර. ඒත් පාස්කු දා කරපු වැඩෙන් පස්සෙ මේවගේ අවස්ථාවාදී නරින්ට කට අරින්න දෙන්න හොද නෑ.

:       1       0

Raveendra Thursday, 10 December 2020 12:37 PM

අප දන්නා තරමින් අතීතයේ මහජන සේවයට පැමිණියේ කිසිදු වරප්ප්‍රසාද බලාගෙන නොව අවංකව රටට සේවය කිරීමට අප සැම දන්නා කරුණක් වුවත් දැම් නම් දියවන්නාව පට්ටියට යන්නට මිහරකුන් එකිනෙකා මරා ගන්නේ තම සුඛවිහරණය වෙනුවෙන් බව නැවතත් ඔප්පු කර ඇත..

:       0       2

Gihan Thursday, 10 December 2020 07:08 PM

ඔයා දේශයේ කුඩා ළමුන් ඇතුළුව මිනිසුන් පාවා දුන්නා. කුහක ගති තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site