
(මංගල එදිරිසිංහ)
හොරණ අඟුරුවාතොට මාර්ගය පුළුල් කර සංවර්ධනය කටයුතු සිදුකෙරෙමින් තිබියදී, හොරණ බෝගස අසළ එකිනෙකට යාබද පිහිටි ව්‍යාපාරික ස්ථාන තුනක් අද පොළොවට ගිලා බසිමින් කඩාවැටුණු බව හොරණ නගරාධිපති විතාරමගේ සිරිසෝම මහතා පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ හොරණ විධායක ඉංජිනේරු කාර්යාලය අධීක්ෂණය යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. එකින්එකට යාබදව පිහිටා තිබූ වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක පිහිටි සපත්තු සෙරෙප්පු අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන තුනක් මෙලෙස සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇත.
මෙම අලෙවිසැල් ගිලාබසින අවස්ථාවේදී එම වෙළඳසැල තුළ ව්‍යාපාරිකයින් සහ පාරිභෝගික කිහිපදෙනෙක් ද සිට ඇති අතර ගිලාබසිනවාත් සමගම ඔවුන් සියලු දෙනා එම ව්‍යාපාරික ස්ථානවලින් පිටතට පැනීම නිසා සිදුවන්නට ගිය ජීවිත අනතුරු වැළකී ඇත.
හොරණ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට සහනයක් ලෙස මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම සිදු කරන බවත් ඒ අනුව සියලුම ව්‍යාපාරිකයින් හොරණ නගර ශාලාවට කැඳවා මෙම සංවර්ධන කටයුතු කරන ආකාරය පිළිබඳව ඔවුන් සම්පූර්ණයෙන් දැනුවත් කළ බවත් ඒ අනුව ඔවුන්ගේ විරුද්ධතාවක් නොමැතිව සංවර්ධන කටයුතු ආරම්භ කල බවත් නගරාධිපති සිරිසෝම මහතා පැවසීය. කෙසේ වෙතත් සුන්බුන් අතර ඇති ඔවුන්ගේ ව්‍යාපාරික භාණ්ඩ එළියට ගැනීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවන නිලධාරීන්ගේ සහාය ලබා දෙන බවත් නගරාධිපතිවරයා පැවසීය.

2025 නොවැම්බර් මස 04
343
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2149
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1628
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොරණ නගරය මැද වෙළෙඳසැල් 3ක් ගිලා බහී
Demuni Uduwara Friday, 31 July 2020 11:58 AM
සිදුවීම ගැන කණගාටුයි... රටත් ඒ ඉරණමටම පත්වෙයි දැන් හෝ පසුව...
අනුර Saturday, 01 August 2020 02:47 AM
නගර මධ්‍යයේ ඇති මෙවැනි කල් ඉකුත් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, කඩා ඉවත් කිරීම හෝ නැවත ගොඩ නැගීම පිළිබඳ සියළුම නගර සභා අවධානය යොමු කළ යුතුය.