IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දුන් හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන හමුදා සෙබළුන් දෙදෙනකුට  පහර දුන් බව කියන විශ්‍රාමික හමුදා සෙබළකු අත්අඩංගුවට ගිය පොලිස් පරීක්ෂකවරයකුට ද පහරදීමට තැත් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය පවසයි.

අලුත්ගම පොලිස් වසමේ පදිංචි හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදිමට අදාළ සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා  බේරුවල පාදාගොඩ පින්හේන, ප්‍රදේශයට ගිය පොලිස් පරීක්ෂකවරයාට ද සැකකරුව  සාපරාධි බලහත්කාරය පාමින් පොලිස් පරීක්ෂකවරයට ද පහරදිමට තැත්කර ඇත.

පසුව එම නිලධාරීන් අලුත්ගම පොලිස්ථානය දැනුවත්කර තවත් නිළධාරි කණ්ඩායමක් ගෙන්වා ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

පහරකෑමට ලක්වූ හමුදා සෙබලුන් දෙදෙනා අලුත්ගම සීනවත්ත රෝහලට ඇතුලත්වි ප්‍රතිකාර ලබමින් සිටි.

මොවුන් දෙදෙනා වව්නියාව හා මින්නේරිය යුධ හමුදා කදවුරුවලට අනුයුක්තව සේවය කරන සෙබලුන් ය.

කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න , කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල ප්‍රේමදාස , නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් සහ මෙහෙයවීම මත අලූත්ගම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහ පොලිස් පරීක්ෂක අංජන සිල්වා ,උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ , පොලිස් කොස්තාපල් ජයරත්න(83618) යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .



අදහස් (0)

හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දුන් හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1002 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site