(ඔගස්ටින් ප්‍රනාන්දු)
අද (13) දහවල් 11 සිට හෙට (14) දහවල් 11 දක්වා කාලය තුළ දිවයින පුරා සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව කල්පනාකාරිව සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි දක්වා ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබදව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව මෙම කාලයේ දි සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 - 80 අතර වේගයකින් දිවයින හරහා විශේෂයෙන්ම බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර, උතුරුමැද, වයඹ හා මධ්‍යම පළාත් වලත් ත්‍රිකුණාමලය දිසාව තුළත් හමා යා හැකි බවත් කියයි.
වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි අතර සුළඟ විටින් විට වේගවත් විය හැකි නිසා නාවික කටයුතු මෙන්ම ධීවර කටයුතු නොකරන ලෙසත් දන්වා ඇත.
මෙම සුළඟ හේතුකර ගෙන පොළවට ශක්තිමත්ම සවි නොවු වෘක්ෂයන් හා දිරාපත් වෘක්ෂයන් කඩා වැටිය හැකි බවත් තාවකාලික නිවාසවල මුදුන් වහලයන්ට යම් හානියක් ඇති විය හැති අතර තහඩු සුළගේ ගසා යා හැකිවේ.
වෘක්ෂයන් කඩා වැටීමෙන් විදුලි රැහැන් කඩා වැටිය හැකි බැවින් කල්පනාකාරි වන ලෙසත් වෙරළාසන්නයේ රළ පහර ගොඩ ගලා එමෙන් හානි ඇති විය හැකි බවත් නිතර හානි සම්බන්ධයෙන් අවදියෙන් සිටිමින් යම් විපතක් සිදුවේ නම් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරින් දැනුවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙට දහවල් 11 දක්වා කාලගුණ තත්ත්වයේ වෙනස්වීම්