IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


හිටපු අගමැති රනිල්ගේ ආරක්ෂක කණ්ඩායම 10 දෙනකුට සීමා කරන්නයි පොලිස්පතිගෙන් උප⁣දෙස්

(තරිඳු ජයවර්ධන)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවය යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වහාම ඉවත් කර  නිලධාරීන් 10 දෙනකු පමණක් ආරක්ෂාවට යොදවන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (28) සවස අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට නියෝග කර තිබේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරනු ලැබ ඇතැයි ද, එබැවින් ආරක්ෂාවට යොදවා සිටින අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ  අතිරික්ත නිලධාරීන්  ඉවත් කර වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 10 දෙනකු පමණක් යොදවන්නැයි ද පොලිස්පතිවරයාගේ  නියෝගයේ සඳහන් වේ.

මෙය අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සලකා ක්‍රියාත්මක කර තමා දැනුම්වත් කරන ලෙස ද ජයසුන්දර මහතා දැනුම් දී ඇත.

තවමත් නීත්‍යනුකූල අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහුගේ ආරක්ෂාව මෙලෙස ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් යම් අනතුරක් සිදුවුවහොත් ජනාධිපතිවරයා ඇතුළු පිරිස වගකීම භාරගත යුතු බවත් නීතිය හා සාමය හිටපු නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පැවසීය.

පාර්ලිමේන්තුව කැඳවන තුරු හෝ වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටින බව  ද බණ්ඩාර මහතා කීවේය.

හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ආණ්ඩුව යටතේ යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 70 දෙනකුගේ ආරක්ෂාවක් ලබා දී තිබුණු බව කී නලීන් බණ්ඩාර මහතා මෙලෙස වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් බව ද ප්‍රකාශ කළේය. 

නලීන් බණ්ඩාර මහතා මේ අදහස් ප්‍රකාශ කළේ අද (28) රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රුවන් විජයවර්ධන, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ඇතළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එම මාධ්‍ය සාකච්ඡාවට එක්වූහ.



අදහස් (7)

හිටපු අගමැති රනිල්ගේ ආරක්ෂක කණ්ඩායම 10 දෙනකුට සීමා කරන්නයි පොලිස්පතිගෙන් උප⁣දෙස්

Chaminda Sunday, 28 October 2018 11:08 PM

මේ ගොල්ලෝ රටේ නීතිය හරියට කලානම් මොකටද බය වෙන්නේ මේ කරන්නේ ආරක්ෂාව යයි කියමින් ජනතාවගෙන් බේරෙන්නයි...... ඔය නටන්න දෙයක් නැහැ දැන් ඡන්දයකට ගියානම් ඉවරයි

:       0       2

Ruwan Monday, 29 October 2018 12:20 AM

උගේම නයි උන්වම කයි..

:       0       2

roy Monday, 29 October 2018 01:17 AM

බොරු පොරොන්දු දීලා බලය ගත්තාට මෙහෙම වෙලා මදී...........

:       3       6

abey Monday, 29 October 2018 03:07 AM

එක පුද්ගලයෙකුට ආරක්ෂාවට දෙදෙනෙකු හිටියම හොඳටම ඇති. දුප්පත් මිනිසුන්ගේ ලේ දහදිය කඳුළු සෝ සුසුම් හඳුනන්නේ නැති මේ මිනිස්සු කවුරුවත් මරන්නේ නෑ. සොබාදහම නිසි වෙලාවට නිසි දඬුවම දේවි.

:       26       93

Nalaka Monday, 29 October 2018 04:22 AM

කල හොඳ පස්සෙන් එනවා කියන්නේ මේවට. අගමැති තුමාටත් හොඳ වැඩේ. මහින්දට ආරක්ෂාව දීල යන්න හෙල්කොප්ටරෙකුත් දුන්නනේ.

:       38       90

sam Monday, 29 October 2018 05:15 AM

පොලිස්පතිගේ වැඩ නම් තමන්ගේ බලය සහ රස්සාව තියාගන්නයි. මෙයා ආපු ගමන් එකාබද්ධයට ලොකුවට සයිස් දැම්ම. අපි හැමදාම මහින්ද පැත්තට කතාකරේ නමුත් මේ පොලිස්පති සහ සිකුරාදා හවස සිට රෑ වෙනකොට පාට මාරුකරපු ලිස්ට් එක නිසා පොහොට්ටුවෙත් නම කැත වෙනවා. රනිල්ලාට නම් හොඳ වැඩේ තමයි ලිස්ට් එකේ මුලින් හිටපු නමට තැන නොදී මෙයාට තැන දුන්නට.

:       1       10

ruchi Monday, 29 October 2018 05:28 AM

නාලක, මහින්දට හෙලිකොප්ටර් දීලා ගෙදර යැවුවේ මහින්දට තියෙන ආදරේට නෙවෙයි. රනිල්ට ඉක්මනට බලයට එන්න තියෙන පෙරේතකමට.

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 727 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 892 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site