(රංජන් කස්තුරි)
මේ සතියේ සිට කිසිඳු හිඟයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් දෙකේ බලධාරීහු අද (05) පෙරවරුවේ ජීවන වියදම් කමිටුව හමුවේ සහතික වී තිබේ.
මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලිට්රෝ ගෑස් සමාගමේ සහ පෞද්ගලික අංශයට අයත් ලාෆ්ස් ගෑස් සමාගමේ ඉහළ කළමණාකාරීත්වයට අයත් නිලධාරීහු අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වූ ජීවන වියදම් කමිටුව හමුවට කැඳවා තිබූ අතර ඔවුහු එහිදී එම සහතිකය ලබාදී තිබිණි.
දෛනිකව වෙළඳපොළට නිකුත් කරන ගෘහස්ත ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 75000 සිය ලක්ෂය දක්වා ඉහළ නංවමින් ගෑස් හිඟය අවසන් කරන බව එහිදී ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කළේය.
මේ අතර ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ තම සමාගම දෛනිකව වෙළඳපොළට නිකුත් කරන ගෑස් ප්‍රමාණය සියයට 35 න් ඉහළ නංවන බවය.
එමෙන්ම ගෑස් ටොන් 27000 ක පමණ ආරක්ෂක ගෑස් තොගයක් පවත්වාගෙන යන බවද ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ජීවන වියදම් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් සමාගමේ අයිතිකාරයා මහින්දගේ ගෝලයෙක්.
සජිත්ට කියන්න. පැය 24 ම වැඩ. දුකට පත් අයගේ දෙපා ලඟට එනවා.
ඔය කියන විදියට ගෑස් ටොන් 27,000 තොගයක් තිබුන නම් රටේ ගෑස් හිඟයක් මවලා විතරක් නේද? බොරුවට කසි කබල් කඩ ටිකක් වටලලා සංදර්ශනයක් නොදා ඒ සමාගම වටලන්න තිබුනනේ?
මහින්දගේ කට්ටිය ගෑස් හංගලා බොරු හිගයක් මවා පෑවා ඡන්ද කඩාගන්න