(*** මාවනැල්ල විශේෂ පී. ශාන්ත බණ්ඩාර)
බීමත්ව රිය පැදවීමේ වරදකට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා (16) වරදකරු කළ වෙළෙඳ ව්‍යාපාරිකයකු උදේ 11.30 ට පමණ රුපියල් 25,000 ක දඩ මුදල ගෙවා අධිකරණ භූමියෙන් පිටතට ගොස් මත්පැන් පානය කර නැවත රිය පැදවීමේ වරදට එදිනම ප.ව. 2.00 ට පමණ අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.
දඩ මුදල ගෙවා අධිකරණ භූමියෙන් පිටතට ගොස් තවත් පුද්ගලයකු හා කාන්තාවක් සමග අවන්හලකට ගොස් ඇති එම ව්‍යාපාරිකයා එහිදී මත්පැන් පානය කර වාහනය පදවාගෙන යාමේ දී උතුවන්කන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
අපරික්ෂාකාරීව රිය පදවන බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම වාහනය නතර කිරීමට උත්සාහ ගත්ත ද බීමත් රියැදුරා අවස්ථා දෙකකදීම පොලිස් නිලධාරීන්ගේ ඇඟට වාහනය කපා පළා යෑමට උත්සාහ ගත් බව ද පොලිසිය කියයි.
ඉන්පසුව උතුවන්කන්ද ප්‍රදේශයේ දී වාහන හරස්කර මාර්ගය අවහිර කර ඔහු සහ ඔහු සමග ගිය අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.
අධිකරණය මුල් වතාවේ දී බීමත්ව රිය පැදවූ එම ව්‍යාපාරිකයාට දඩ මුදල නියම කර රියැදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවා තිබිණි.
එම ව්‍යාපාරිකයා අධිකරණ භූමියෙන් පිටතට ගොස් ඇත්තේ පෙරවරු 11.30 ට පමණ වන අතර නැවත පොලිසියට හසුවන විට දහවල් 2.00 පමණ වී තිබුණු බව ද පොලිසිය කියයි.
පසුව ඔහු ශ්වසන පරීක්ෂාවකට ලක්කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාවනැල්ල රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
මෙම රියදුරු සමග ගිය අනෙක් තැනැත්තා ද බීමත්ව සිටි නිසා ඔහු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාව නිදහස් කර ඇත.
අණ නොතකා අපරික්ෂාකාරීව ධාවනය කිරීම, බීමත්ව රිය පැදවීම, මිනිස් ජීවිතවලට හා දේපළවලට හානි සිදු කිරීමට තැත් කිරීම යන කරුණු යටතේ රියැදුරු නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්. රත්නායක සහ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.ආර්. ලක්මාල් යන මහත්වරු බීමත් රියැදුරා අත්අඩංගුවට ගත්හ.
හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි ප
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහ
වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සූර් වී 25,000 ක් දඩ කාලා ආපසු යද්දීත් බීලා මාට්ටු
Bamunuarachchi Friday, 18 September 2020 12:36 PM
සමර එයාට සිහි බුද්ධියෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ දෙකක් දැම්මම. නැතිනම් අත් වෙව්ලන්න පටන් ගන්නවා. මමත් දෙකක් දැම්මාම හොඳට පරික්ෂාකාරී වෙනවා.
BamunuarachchiSaturday, 19 September 2020 01:41 AM
දෙකක් තියා එකක්වත් නොදැම්ම මිනිස්සු ඩිස්ලයික් දාලා.
Peter Saturday, 19 September 2020 02:33 AM
මතට ඇබ්බැහි වීම බෙහෙත් ගත යුතු ලෙඩක්. එ්කෙන් ගැලවීමට අනිත් අයගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා. වහාම දොස්තර කෙනෙක් ළඟට එක්කන් යන්න.
ජගා Sunday, 20 September 2020 01:30 AM
එතකොට රියදුරු බලපත්‍රයක් නැතිවට නඩු නැද්ද? බලපත්‍රය අහෝසි කරලනේ...