(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ට සහන පොලී මත බැංකු ණය නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මීට ඉහතදී ද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ නමුත් ඉකුත් යහපාලන ආණ්ඩුව එම ණයදීම නතර කර තිබූ බවද නව රජය එම වැඩපිළිවෙල යළිත් ක්‍රියාත්මක කරන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
ආර්ථික දුෂ්කරතා ඇති විද්‍යාර්ථීන්ට එම බැංකු ණය නිකුත් කරන බවද ඇමැතිවරයා කීය.
COMMENTS
අර ඇමෙරිකාවේ වගේ ඒ සහන පොළිය උපාධිය ලබා රැකියාවක් ලැබෙන තුරුම පවත්වාගෙන යන්න බැරිද..?
උසස් අධ්‍යාපනයට ණය නිකුත් කලේ යහපාලන ආණ්ඩුව.. උපාධියට අවශ්‍ය සියලු මුදල් නිදහස් කළා.. රැකියාවක් ලැබීමෙන් පසු තමයි ආපසු ගෙවන්න තියෙන්නේ.. මෙයාලා ආව ගමන් නතර කරලා වෙන ණයක් ගේන්න හදනවා. දුන්නු ණය ඇයි අනුමත කරන්න බැරි..? ඒකනේ ළමයින්ට තියන පහසුම ණය ක්‍රමය.. කාලකනන්නි විදියට මේවා නෑ කියලා මේ මහ ලොකු උගතුත් කියනවනේ..
වැඩි විස්තර තියෙන වෙබ් සයිට් එකක් තියනවාද?
මහපොළ ශිෂ්‍යත්ව මුදල් සාධාරණව බෙදී නොයන බව පෙනෙනවා. මේ නිවැරදි කිරීමට අදායම් බදු නොගෙවන සියලුම දෙමාපියන්ගේ විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ දෙන්න...
හොඳ වැඩක්. ණය ආපසු ගෙවීමේ කාල සීමාව? ඕනේට වඩා ඉඩ දුන්නොත් කෙලින්ම බොල්ණය වෙනවා. අනික තමයි ඉක්මනින්ම රැකියාවන් සොයාගන්න උනන්දු නොවෙන එක... වැදගත්ම දේ තමයි උසස් අධ්‍යාපන කාලය තුළ අනවශ්‍ය පෙළගැසීම් වලට නොයෑම... හැකි ඉක්මණින්ම තම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කර රැකියාවකට පෙළඹීම. නැතිනම් පුහුමාන්නයෙන් ඉඳගෙන ඉතා ඉහළ මට්ටමේ රැකියා බලාපොරොත්තුවෙන් කාලය කාදමාවි...
ඇමතිතුමා බොරු කියන්නේ මොකද? ණය දුන්නේ ගිය රජයෙන්නේ. ළමයි කීදෙනෙක් ණය නිසා උසස් අධ්‍යාපනය ලබනවද?
වෙබ් සයිට් එකේ ලින්ක් එකක් සමගම නිව්ස් එක දාන්න.
පසුගිය රජයෙන් පොලිය නැතිව උසස් අධ්‍යාපනය සඳහා ණය ලබා දුන්නා. පාඨමාලාව වසන් වී රැකියාවක් ලැබුණාට පසුව අවුරුදු 5,7 ක් තුළදී ආපසු ගෙවිය යුතු පරිදියි. නමුත් ජනාධිපතිවරණය ප්‍රකාශ වූවාට පසුව මෙය නවතා තිබෙනවා. ඉල්ලුම කළ සිසුන්ට තවම ණය මුදල ලැබී නැත.
මේ වගේ අය එක්ක කොහොමද රට හදන්නේ..? කවුරු කරත් හොඳ වැඩේ ඒ විදිහටම කරගෙන යන එක තමයි හරි... එ්ක ඒ ආණ්ඩුවද? මේ ආණ්ඩුවද? කියලා වැඩක් නෑ.
ආ... පොඩි වෙනසයිනේ තියෙන්නේ... ගිය ආණ්ඩුව පොලී රහිත ණයක් දීලා රැකියාවක් ලැබිලා වසර 5න් පමණ ගෙවන්න.. මෙයාලා දෙනවා සහන පොලී ණයක් .... ඉගෙන ගන්න ගමන් ගෙවන්න... හරි හරි තේරුණා. මාරයිනේ අලුත් ප්‍රතිපත්ති..