
(අජිත්ලාල් ශාන්තඋදය)
වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති රන් දොතලු පැළ 60 ක් ගලවා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් වරද පිළිගැනීමෙන් පසු රුපියල් 10,000 දඩයක් ගෙවන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ඩි.ඩී.එස්. වීරවර්ධන මහතා අද (18) නියෝග කළේය.
මෙසේ දඩ නියම වුයේ ගිලීමලේ, කැටවල පදිංචිකරුවකුටය. සමනල ස්වභාව රක්‍ෂිතයට යාබද සිරිපා අඩවියේ මොරන්ගල, කන්දෙගල කැලෑවෙන් ගලවා ගෙනවිත් තිබූ රන් දෝතලු පැළ 60ක් සැකකරු සන්තකයේ තබාගෙන තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ සමනල ස්වභාව රක්‍ෂිතයේ අඩවි ආරක්‍ෂක ඩී.පී. සියාසිංහ මහතා පැවසුවේ මෙම රන් දෝතලු ශ්‍රීලංකාවට ආවේනික වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාකයක් බවයි.
සැකකරු සිරිපා අඩවියේ මොරන්ගල, කන්දෙගල කැලෑවට ගොස් මෙම රන් දෝතලු ගස්වල පැළ ගලවා සිය නිවසට ගෙනවිත් මුහුණු පොතේ ඒ විස්තර ඇතුළත් කර තිබියදී කළ විමර්ශනයකින් පසුව අත්අඩංගුවට ගත් බවද කීවේය.
මෙම රන් දෝතලු මිනිස් වාසයේ ඈත සීත පරිසරයක් සහිත දේශගුණයක පැළවෙන බවත්, ඒවායේ පරිසරය වෙනස් කළහොත් පැල නොවන බවත් එය වනසත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතට අදාලව වරදක් බවද කීවේය.
‘ශ්‍රීපාද අඩවියට පමණක් ආවේනික ඉතා දුර්ලභ රත් දෝතලු සොයා ගිය ඉතාමත් දුෂ්කර ගමනක, අතිසාර්ථක ගමනක ප්‍රීතිමත් අවසානය...’ යනුවෙන් සටහන් කර ඡායාරූපද සමග සැකකරුගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබු බවද පැමිණිල්ල ඉදිරිපත් කළ වනජීවී අඩවිආරක්‍ෂක නිලධාරියා පැහැදිලි කළේය.
එම ෆේස්බුස් සටහන සම්බන්‍ධයෙන් ලද තොරතුරක් අනුව කළ විමර්ශනයකින් පසු සැකකරු සහ ඔහු විසින් ගලවන ලද රන් දෝතලු පැළ 60 ක් අත්අඩංගුවට ගත් බවද කීවේය.
වරද පිළිගත් විත්තකරුගේ නීතීඥවරයා පැවසුවේ ඔහු මේවා පැලකර විහාරස්ථානවලට ලබාදිමේ අරමුණ ඇතිව ගෙන ආ බවයි.
දෙපාර්ශවයේ කරුණු දැක්වීම්වලට අවදානය යොමුකළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට රුපියල් දස දහසක දඩයක් නියම කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විහාරස්ථාන වලට දෙන්න හිතාගෙන කරපු නිසා මෙයාව නිදහස් කරයි. මතකද සිල්රෙදි බෙදුවා. උපාසක මහත්තයෙක් වත් නිදහස් කළා.
පැල ගලවපු කෙනාට දහ දාහයි, පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනාට ලක්ෂයක ශරීර ඇප. මොන කාලෙ නීතිද මන්දා...?
බුදු අම්මෝ රු 100000. කොහොම ගෙවන්නද ඔය මනුස්සයා?. ඔච්චර දඩ ගහන්න හොඳ නෑ. ඊට පස්සේ මිනිස්සු ඔය වගේ ලොකු දඩ ගෙවා ගන්න බැරිව හිරේ යනවා අවුරුදු ගාණකට. හිර ගෙදර ඉඩත් නෑ මේ වගේ ලොකු ලොකු දඩ ගෙවා ගන්න බැරි මිනිස්සු එකතු වුණාම. පැළ 60ට රුපියල් 60ක් ගැහුවා නම් වැඩිත් එක්ක...