(ටී.කේ.ජී.කපිල)

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකාව මිළදී ගත් , චීනයේ " සයිනොෆාම් " එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 10 ක් , අද දින අලුයම , බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට රැගෙන ආවේය. 

චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්, මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් අනතුරුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ , මෙම එන්නත් තැන්පත් කිරීමෙන් පසුව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ .