
(සුජිත් හේවාජුලිගේ)
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව සම්පන්දන් මහතා දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා හා අමුත්තන් හමුවීම යනාදී කටයුතුවලින් තාවකාලිකව ඉවත් වනු ඇත.
ඔහු ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී ඇතත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී හෝ පක්ෂ නායකත්වයේ වැඩබැලීමට කිසිවකු පත් කර හෝ නැතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
සම්පන්දන් මහතා පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මුලින්ම පත්වූයේ 1977 වර්ෂයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ වාර්තාව කඩන්න බැරිවෙයි වගේ...
ඔව් අත්හරින්න එපා. අන්තිම වෙනකම් නායකත්වයේ එල්ලිලා ඉන්න..
තව ඉම්මු. මහින්ද ලොක්කා , වාසුදේව සීයා , තිස්ස විතාරණ මුත්තා එහෙමත් තව ඉන්නේ.
අනිත් මහල්ලුනුත් ඔය අඩිපාරෙම ගියා නම් රටට සෙතක්...