
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
මේ ක්‍රියාව තුළින් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිලාභී විද්වතුන් සිය අභීතභාවය, ආත්මීය ගරුත්වය මැනවින් ප්‍රදර්ශනය කර ඇති බවත්, ජනාධිපතිවරයා හා රජය ඔවුන් ලබාදුන් පණිවුඩය තේරුම් ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මහානායක නායක, හිමිවරු ඇතුලු සියලුම ආගමික නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙය පාඩමක් කරගත යුතු බව කී සෝභිත හිමියෝ බොහෝ දෙනෙක් උගුරට හොරා බෙහෙත් කන ආකාරයේ නෝංජල්, දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන් ඝෘජු ලෙස තමන්ගේ මතය පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ද කියා සිටියහ.
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් අමතමිනි.
රජයක් නියෝජනය කරන්නේ මෙහිදී අපහාසයට, උපහාසයට යොමුවුණු තනතුරු බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත්, පෞද්ගලික, දේශපාලන, ඥාති හිත්‍රමිත්‍රකම් මුල්කරගෙන තනතුරු දෙනවිට, බොහෝ දෙනෙක් නිහඬව සිටියත්, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්, එම විරෝධය ප්‍රදර්ශනය කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
හිතවතුන්ට තනතුරුදීම හේතුවෙන් රටම මහත් ව්‍යසනයට ගොදුරු වී තිබෙන බව කී සෝභිත හිමියෝ තමන් මේ දක්වා ගෙන ගිය වැඩපිළිවෙල අසාර්ථක බව ජනාධිපතිවරයා දැන්වත් තේරුම් ගත යුතු බව ද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් හාමුදුරුවනේ පුරුදු පරිදි, පාවාදෙන්නෙක් ඉඳලා තියෙනවා යැයි කියා ආරංචියි. උපාධියේ වටිනාකම නොදන්න අය ගිහිල්ලා සහතික පත්‍ර අරගෙනලු. ඊට වැඩිය හොඳයි.. එයා සල්ලි දීලා උපාධි ගත්තු දේශපාලකයෙකුගෙන් හරි උපාධි සහතික පත ලබාගත්තානම්..
කියන්න වදන්න නැහැ.. මට එහෙ දෙයක් වුණා නම් ඒ වෙලාවේම ඉල්ලා අස්වෙනවා. පැවිදි වුණා නම් දැනගන්න ඕනෑතමන්ට උරුම මොකක්ද කියලා..?
දැන් සකස්කරගෙන යන ව්‍යවස්ථා සංශෝධනවලින් දේශපාලකයින්ටත් අධ්‍යාපන සුදුසුකම් නිර්දේශ කළ යුතුයි. අඩුම තරමින් අලුතින් දේශපාලනයට එන අයටවත්....
කොන්ද පන තියෙන පුරවැසියන් කීප දෙනෙක් හරි ඉතුරු වෙලා ඉන්න එක ලොකු දෙයක්..., නැත්තං එහෙයියන් ටික එකතු වෙලා මේ රට නැත්තට නැති කරලයි පස්ස බලන්නේ...
කශේරුකාවක් ඇති පරපුරක්...
උසස්පෙළ ඉහළින් සමත් වෙලා කැම්පස් ගිහින් මොන මහන්සියක් අරන්ද මේ දරුවෝ උපාධියක් ගන්නේ...? එතැනින් ඒ උපාධිය ගෞරවයෙන් පිරිනමන්නේ නැතිව දේශපාලනයට උදව් කරන අය අතින් දෙන එක හොඳ මදිනේද? සරසවි ළමයි උගත් දරුවෝ නේද?
තමුන් අකැමති නම් උපාධි ප්‍රදානෝත්සවයට නොගිහින් ඉන්න තිබුනා. පුද්ගලයා කවුරු උනත් කුලපති තනතුරටයි නිගා නොකල යුතුව තිබුනා. හාමුදුරුවන්ට තනතුරු දීමත් වැරදියි හාමුදුරුවෝ දේශපාලනේ කරන එකත් වැරදියි. සෝභිත හාමුදුරුවන්ටත් ඒක අදාලයි.
හාමුදුරුවන්ට තියන ගෞරවය ඔය වගේ දේවල් හින්ද නැති වෙනවා .
විශ්ව විද්‍යාල වලින් උපාධියක් ගන්න සරසවි සිසුන් කොපමණ කැපවීමක් කරනවද .රටේ තේරිලා එන උගත් කණ්ඩායමක් නේද. විශ්ව විද්‍යාල විහිලුවකට පත් වෙනවා නුසුදුස්සන් පත් කලාම .මේ තරම් මහන්සි වෙලා ගන්න උපාධියට උපරිම වටිනා කමක් උපාධි ප්‍රධානොත්සවයේදී දිය යුතු නේද. ඒකත් දේශපාලනයට හෑල්ලු නොකර
එහෙමයි අපේ හාමුදුරුවනේ ... ඔබ වහන්සේ සත්‍යයක්ම පවසන සේක. උතුම් බුද්ධ චීවරය දරා සිටින සැබෑ සිල්වත් භික්ෂූන් වහන්සේලා දේශපාලකයන්ගේ තනතුරු තාන්න මාන්න ලබමින් ඒ අයට කඩේ යන අය නොවෙයි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ... !!!
කොන්ද පණ කෙසේවෙතත් ඔය අයට ජොබ් එකක් හොයාගන්න නම් අමාරුවෙනවා. ආකල්ප අන්තිමයි. රජයෙන් නොමිලේ අධ්‍යාපනය, මහපොළ ගත්තා නම් රජයෙන් පත්කරපු කෙනා සුදුසු නුසුදුසු වුණත් පිළිගන්න ඕනෑ. ඒත් ඒක ළමයින්ට තීරණය කරන්න බැහැ...
මේ සිද්ධිය කෙසේවෙතත් තනතුරු ලබාගත්තු බොහෝදෙනා ගැන පැහැදීමක් නෑ. දේශපාලන හිතවතුන් වුණාට කමක් නෑ. සුදුසුකම් ප්‍රවීණ හා සුවිශේෂී දක්ෂතා තිබිය යුතුයි. ඉංජිනේරුවෙක් ඕනෑ තැනට ඉංජිනේරුවෙක්ම දාන්න ඕනේ... ඒකට වෛද්‍යවරයෙක් දාන්න එපා.
එතකොට හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගිහින් චන්දෙ නිෂ්ක්‍රිය කිරිල්ල හරිද
මොනව කලත් මහරජුට අභියෝග කිරීම රාජ්‍ය අපරාධ ගණයට අයත්. අනාගත්ත රජු හැමවිටම බුද්ධිමතා බව හුදීජනයා දැන ගන්න ඕන.
විද්‍යාර්ථීන්ගේ ක්‍රියාව අනුමත කළ නොහැකියි. කුලපති හිමියන්ට අකමැති උපාධි අපේක්ෂකයන් කළ යුතුව තිබුනේ ප්‍රදානෝත්සවයට සහභාගි නොවීමෙන් විරෝධය පෑමයි. සහතික පත කොහොමත් තැපෑලෙන් එවනවා.
කශේරුකාවක් ඇති පරපුරක්... කුලපති දැන් වත් බුදු සසුනේ මහණ දම් පුරන්න.
එහෙනම් අපි ආචාර්ය උපාධියක් පිරිනමමුද?
අපිට පුරුදු-පුහුණු කර ඇති වහල් බව, දීන බව, සහ නිවට ගති ගුණ වලින් මිදීමට කාලය එලැඹ ඇත..! වැඳිය පිදිය යුත්තේ හෝ ගරු බුහුමන් දැක්විය යුත්තේ පුරුදු පුහුණු කල පළියට නොව, එයට සුදුසුකම් ලැබූ අය අනුවයි. මේ සිසුදරුවන් ඒ පෙන්වූ ආදර්ශය නව නැගිටීමක පෙර නිමිත්තක් යැයි සිතමි. ඔබලාගේ අදීන බව රටට ඕනෑම කරන අවස්ථාවකි. මෙවන් දරුවන් තවතවත් බිහිවේවා..!
මේ තවත් වැදි බණ කියන්නෙක්.. මේ අයවත් ඒ ආකාරයටම ප්‍රතික්ෂේප කළ යුතුයි...
හාමුදුරුවන්ට තිබුනේ එතන සිටි දුප්පත් නමුත් දරුවන් වෙනුවෙන් කැප උන දෙමව්පියන් අතින් උපාධිය පිරිනමන්න
සමාජයේ සිටින ඉතාම ගෞරවනීය පුද්ගලයින්ට ලබාදුන් කුලපති වැනි තනතුරු තමන්ගේ දේශපාලන හෙංචයියන්ට ලබාදීම ඉතාම පහත් වැඩක්... එයට විරෝධය පෑම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. දිනෙන් දින රටේ හැම වැදගත් තැනකටම දේශපාලන හෙංචයියන් පත්කිරීම සිදුවෙමින් පවතිනවා..
ඇත්තටම මෙපමණක් නොව, දේශපාලනය කරන සංඝයා වහන්සේලාත්, දේශපාලන ඇම්බැට්ටයිනුත් මෙලෙසම පිටු දැකිය යුතුයි...
හෙද සංගමයේ සභාපතිට... කුලපතිකම නොදී හිටියා නම් මෙවැනි දෙයක් සිදු නොවීමට තිබුණා. මුල ඉඳලාම විශ්ව විද්‍යාලය තුළින් ලොකු විරෝධයක් පෑවා. තනිකරම දේශපාලුවන්ගේ වුවමනාවට කරපු පත්වීමක්. පුදන කොටම කාපි යකා කිව්වලු...