ඉන්දිකා රාමනායක
ලංකා සතොස ආයතනයේ 2015- 2019 යන වසර වල සිදුවූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ ෆාරුක් මොහොමඩ් ඉස්ලාම් යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුගේ කින්නියා නිවසේදී ද සෙසු පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය එක එකාගේ කීමට මිනිස්සු හිරේ දමන්නේ නැහැ. හොඳට හොයල බලාලා හරියටම ෂොට් එක දෙනවා. එතකොට ආයිත් බේරුමක් නැහැ.
ඒක ඇත්ත. මොකද මෙයා පහුගිය කාලෙම මැදමුලන පිරිසිදු කිරීමෙ අංශයේවැසිකිළි අංශයේ වැඩකළේ....
ඔක්කොම හිටපු සහ පහුගිය ඒවට විතරයි. දැන් වෙන ඒවා බලන්න ඊළග ආණ්ඩුව එන්න ඔනෑ. බයියන්ටත් මෙවා හරි ලොකුයි. දැන් නන්දසේනට තියෙන වාහන ටික ඇහුවොත් කලන්තේ හැදෙයි.
සතොසේ කළා කියපු වංචා වලින් සමහරු නම් නිදොස් කොට නිදහස්. ඔහොම යමු. තවම දොළොස් මාසයිනේ ගෙවුනේ. ගවඝාතනය නවත්වනවා කියල බලය ලබාගෙන කොහොමෙන් කොහොමෙන් හරි දැන් ආසියාවේ ලොකුම හරක්මස් කම්මලත් ඇරියානේ.
එතකොට වීරසංගිලි පනික්කියාගේ නිවාස අමාත්‍යාංශයේ වාහන අවභාවිතාව? රජයේ සියලු වාහන අවභාවිතාවට ජනාධිපති මැදුරෙ හිටපු ප්‍රවාහන නිලධාරියාත් ඇතුළත් කරන්න. 2015ට පෙර...
මේ වගේම කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට සතොස දේපළ අවභාවිතා කරලා ඡන්දෙ ඉල්ලුවා. ඒත් කිසි ක්‍රියාමාර්ගයක් නැහැ. මොකද ඒ මන්ත්‍රී වරයාගේ සහයෝගය තියෙන්නේ පොහොට්ටුවට...