IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සතොස වාහන අවභාවිතාවකට හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක

ලංකා සතොස ආයතනයේ 2015- 2019 යන වසර වල සිදුවූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා  ⁣මොහොමඩ් මහරූෆ් සහ  ෆාරුක් මොහොමඩ් ඉස්ලාම් යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුගේ කින්නියා   නිවසේදී ද සෙසු පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.   



අදහස් (6)

සතොස වාහන අවභාවිතාවකට හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

Bamunuarachchi Tuesday, 15 December 2020 07:17 AM

මේ රජය එක එකාගේ කීමට මිනිස්සු හිරේ දමන්නේ නැහැ. හොඳට හොයල බලාලා හරියටම ෂොට් එක දෙනවා. එතකොට ආයිත් බේරුමක් නැහැ.

:       24       9

Chandana Tuesday, 15 December 2020 07:45 AM

ඒක ඇත්ත. මොකද මෙයා පහුගිය කාලෙම මැදමුලන පිරිසිදු කිරීමෙ අංශයේවැසිකිළි අංශයේ වැඩකළේ....

:       2       21

Rata Perata Tuesday, 15 December 2020 07:52 AM

ඔක්කොම හිටපු සහ පහුගිය ඒවට විතරයි. දැන් වෙන ඒවා බලන්න ඊළග ආණ්ඩුව එන්න ඔනෑ. බයියන්ටත් මෙවා හරි ලොකුයි. දැන් නන්දසේනට තියෙන වාහන ටික ඇහුවොත් කලන්තේ හැදෙයි.

:       3       21

siri Tuesday, 15 December 2020 09:47 AM

සතොසේ කළා කියපු වංචා වලින් සමහරු නම් නිදොස් කොට නිදහස්. ඔහොම යමු. තවම දොළොස් මාසයිනේ ගෙවුනේ. ගවඝාතනය නවත්වනවා කියල බලය ලබාගෙන කොහොමෙන් කොහොමෙන් හරි දැන් ආසියාවේ ලොකුම හරක්මස් කම්මලත් ඇරියානේ.

:       0       8

Kamal Koyrala Tuesday, 15 December 2020 10:37 AM

එතකොට වීරසංගිලි පනික්කියාගේ නිවාස අමාත්‍යාංශයේ වාහන අවභාවිතාව? රජයේ සියලු වාහන අවභාවිතාවට ජනාධිපති මැදුරෙ හිටපු ප්‍රවාහන නිලධාරියාත් ඇතුළත් කරන්න. 2015ට පෙර...

:       1       9

Rishan Wednesday, 16 December 2020 05:15 PM

මේ වගේම කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට සතොස දේපළ අවභාවිතා කරලා ඡන්දෙ ඉල්ලුවා. ඒත් කිසි ක්‍රියාමාර්ගයක් නැහැ. මොකද ඒ මන්ත්‍රී වරයාගේ සහයෝගය තියෙන්නේ පොහොට්ටුවට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site