IMG-LOGO

සජිත්ගේ පරාජයට හේතුව දෙමළ ජාතික සන්ධානයයි

(එෆ්.අස්ලම්)

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන හේතුව දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දක්වමින් ප්‍රසිද්ධ මැතිවරණ ප්‍රචාරයක නිරතවීම බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

උතුරේ සෙසු බලවේග මෙන් අපේක්ෂකයෙකු තෝරා ගැනීම ජනතාවට බාර නොකොට දෙමළ සන්ධානය  සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම තුළින් සිංහල ඡන්ද ගණනාවක් අහිමි වී ගිය බවද හෙතෙම කීය.

කාලීන දේශපාලන තත්ත්වය සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් එක්සත් බවක් පිළිබඳ පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැදවමින්  ප්‍රේමචන්ද්‍රන් මහතා මේ අදහස් පලකර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙසේද කීය.

     ‘‘දෙමළ ජාතික සන්ධානය පිහිටවනු ලැබුවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූලිකත්වය මතයි.පසුකාලයේ එම සන්ධානයේ සම්බන්ධන් මාවෙයි සහ සුමන්තිරන් කියන අය  ප්‍රතිපත්තියට පටහැනි ක්‍රියාපිළිවෙත නිසාත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් උදෙසා බලකළ හැකි ව්‍යවස්ථාවක් නැති නිසාත් හවුල්කාර පක්ෂ සමඟින් මැතිවරණ කාලයේදී පමණක් සාමූහිකව සාකච්ඡා කරන්නට එන නිසාත් සාමූහික තීරණ ගැනීමට කිසිවිටක ඉදිරිපත් නොවෙමින් 2002 වසරේ ඉදලා 2015 වෙනකල් අපි ඉහත කාරණාවන් ගැන බලකරමින් සිටියා.

දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි වෙන්නෙ නැහැ සන්ධානයට ව්‍යවස්ථාවක් හෝ මධ්‍යම කාරක සභාවක් අවශ්‍ය නැහැ කියන කෝනයෙන් තමයි එහි නායකයින් කතා කළේ.

ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ සම්බන්ධන් මාවෙයි සුමන්තිරන් කියන අය ගන්න තීරණ තමයි දෙමළ ජාතික සන්ධානයේ තීරණ වුණේ.මේ හේතුව නිසා තමයි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්,දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වගේම ඊ.පී.ආර්.එල්එෆ් පක්ෂයේ අපිත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වුණේ.මේ ඉවත් වීමට තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයින් හේතුවුණා.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ගන්න දෙන එක නරකයි කියල සුමන්තිරන් පසුගියදා ප්‍රකාශ කළා.

2015 මැතිවරණයේදීත් සම්බන්ධන් සුමන්තිරන් යන අය මේ වගේ පොරොන්දු රැසක් දුන්නා.පසුව විපක්ෂ නායක ධූරයද සහිතව විපක්ෂය විදිහට ආණ්ඩුවට සහාය දෙමින් කටයුතු කළා.රජයට ප්‍රශ්නයක් වූ සෑම අවස්ථාවකදීම රජය බේරා ගත්තා.ජිනීවා ප්‍රශ්නයේදීත් රජය ආරක්ෂා කරගත්තා.

එදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී දෙමළ ජාතික සන්ධානය හරි විදිහට කටයුතු කළා නම් දෙමළ ජනතාවගේ මානව හිමිකම් ප්‍රශ්නය මානව හිමිකම් කවුන්සිලයෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය වෙතම යොමුකරන්න තිබුණා.

ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයකුත් මේ ප්‍රශ්නය කර හරිමින් කටයුතු කළා.

රජය මේ දෙය ඉටුකරාවි.රජයට බලපෑම් නොකර රජය කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි.රජයට ඒ වෙනුවෙන් කාලය දිය යුතුයි කියල ප්‍රකාශ කළා.සිවශක්ති ආනන්දන් හැර දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් සියළුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් සම්බන්ධන් සහ සුමන්තිරන් පැවති ආණ්ඩුව ආරක්ෂා කරගනු ලැබුවා.

ජාතික ගැටළුවට විසඳම් සැපයෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් ඒ තාක් රජයට සහාය දැක්විය යුතු බවත් තවත් වසරක් දෙකක් තුළ නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් ප්‍රකාශ කළා.නමුත් අදට වසර හතරහමාරයි ව්‍යවස්ථා කෙටුම්පතත් කුණු කූඩයට විසිවෙලා තියෙනවා.මේ දෙය කියමින් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය,දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ආදී මූලික ගැටළු රාශියක්ම අත්හරිමින් දෙමළ ජාතික සන්ධානය කටයුතු කළා.

අක්කර 2000ක් නිදහස් කර ඇති බව ප්‍රකාශ කළා.නමුත් ඉඩම් අක්කර ගණනාවක් තවමත් ආරක්ෂක හමුදාව බාරයෙයි තියෙන්නේ.දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය,දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ආදී  ප්‍රශ්න සියල්ලටම නව ව්‍යවස්ථාව තුළින් විසදුම් ලැබෙයි කිව්වා.

දෙමළ ජාතික සන්ධානයේ තීරණ ගැන සෙසු පක්ෂ ද්විත්වයේ නායකයින් වන සිද්ධාර්ථන් හා සෙල්වම් අඩෙයිකලනාදන් සමගින් සාකච්ඡා කරන්නෙ නැහැ.තමිල් අරසු කච්චි පක්ෂයේ සම්බන්ධන් , මාවෙයි සහ සුමන්තිරන් කියන තිදෙනා තමයි දෙමළ ජාතික සන්ධානය විදිහට තීන්දු තීරණ ගන්නෙත්.

දෙමළ ජාතික සන්ධානයේ මොවුන්ගේ ක්‍රියාකලාපයට උරණ වෙලයි දෙමළ ජනතාව සිටින්නේ.ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජනතාව ලබාදුන් ඡන්දවලින්ම පෙනී යනවා.දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද 50%කට අධිකව අඩු වෙලා තියෙනවා.

පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී විග්නේෂ්වරන් මහතා සහ අප ජනතාව කැමති අපේක්ෂකයෙකුට සහාය විය යුතුයි කියල පැත්තකට වුණා.නමුත් ජනතාව කා හට ඡන්දය දෙයිද කියල අපි දන්නවා.දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දීමේ තීරණයක් අරගෙන පූර්ණ ප්‍රචාරක කටයුතු සිදුකරල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්කර ගත්තා.

පසුගිය වසර හතරාමාරක කාලයේ කටයුතු වලින්  තමන් පරාජය වූ බව සුමන්තිරන් වටහා ගතයුතුයි.ඒ පරාජයෙන් පසුවත් නැවතත් එක්සත් බවක් ගැන කතා කිරීමේ ජනතාව මුලා කර ඡන්ද කොල්ලකෑමක් විදහටයි දකින්නේ.

දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ සිටියත් ආණ්ඩුයක් සමගින් එක්ව කටයුතු කළා. උතුරු නැගෙනහිර රජයේ නියෝජිතයින් විදිහට කටයුතු කළා.නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් කළේ නැහැ.

ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතරයක් දිනාගත්තොත් දෙමළ ජනතාවට එරෙහි ක්‍රියාවන් සිදුකරයි කියල පවසනවා.

පාර්ලිමේන්තු මහ මැතිවරණය සමානුපාතික නියෝජන ක්‍රමය යටතේයි සිදුකරන්නේ.එයින් තුනෙන් දෙකක බහුතරයක් ලැබෙයිද නැතිද කියල කවුරුත් දන්නෙ නැහැ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දෙස බැලීමේදී පොදුජන පෙරමුණ නැවතත් බලයට පත්වෙයි කියල කියන්න පුළුවන්.

ප්‍රධාන පක්ෂ දෙකට දකුණේ සිංහල ජනතාව ඡන්දය දුන්නත් උතුරු නැගෙනහිර  දෙමළ ජනතාව බොහෝ දෙනෙක් එහෙම ඡන්දය දෙන්නෙ නැහැ.මේ නිසා විකල්ප බලවේගයක් හෝ පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලය ගැනීම වැළැක්වීමක් කරන්න අවශ්‍යතාවක් නැහැ.

සම්බන්ධන් සහ සුමන්තිරන් ගැන අවබෝධයක් දෙමළ ජනතාවට තියෙනවා.ඒ ජනතාව සුදුසු තීරණය සුදුසු අවස්ථාවක ගනු ලබයි. 

නව රජයක් තුනෙන් දෙකක ඡන්දයෙන් බලයට පත්වුනොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරයි.එක් පුද්ගලයෙකුට දීර්ඝ කාලයක් ජනාධිපති වී සිටීමට ඉඩකඩ සැලසෙනවා.

ඒ තුළින් හානිය වෙන්නෙත් සිංහල ජනතාවටයි.දෙමළ ජනතාව විවිධාකාරයෙන් අගතියට පත්වෙලා තියෙනවා.අපේ ආරක්ෂාව ගැන අපි වගබලාගන්නවා හැරෙන්න තුනෙන් දෙකක බලය ඇල්ලීමේ උත්සහාය වළක්වන්නට යන සුමන්තිරන්ගේ උපාය දෙමළ ජනතාව තව තවත් රැවටීමක්‘‘ යැයිද ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

 



අදහස් (3)

සජිත්ගේ පරාජයට හේතුව දෙමළ ජාතික සන්ධානයයි

Bamunuarachchi Monday, 02 December 2019 02:13 AM

"පුද්ගලයෙකුට දීර්ඝ කාලයක් ජනාධිපති වී සිටීමට ඉඩකඩ සැලසෙනවා." ජනතා වට, විශේෂයෙන් මහා ජාතියට, සහ රටට හිතවාදීනම් පුද්ගලයෙකුට දීර්ඝ කාලයක් ජනාධිපති වී සිටීමට ඉඩකඩ සැලසෙනවා. එය ජනතාවගේ කැමැත්ත. එහෙම උනයි කියලා මොකක්ද තිබෙන ප්‍රශ්නය? ප්‍රශනයක් ඇතිවෙන්නේ ජනාධිපති වීමට බලාගෙන ඉන්න තවකෙනෙකුට නැතුව රටේ ජනතාවට ප්‍රශ්නයක් නැහැ. අපිට පූසා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවානම්.

:       2       68

ඇහැලේපොල Monday, 02 December 2019 03:02 AM

දෙමළ ජනතාවගේ ගැටලුවලට ගෝඨාභය ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම විසඳුම් ලබාදේවි. ඒ වගේම බෙදුම් වාදීන් සහ අන්තවාදීන්ගේ ප්‍රශ්නවලටත් විසඳුම් ලැබේවි..!!! 

:       1       53

Raveendra Monday, 02 December 2019 04:06 AM

සෑම දෙයක්ම සාමකාමිව, සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමේ අවස්ථා තිබියදීත් දෙමළ ජනතාව තමන්ගේ අතකොලු ලෙස නටවමින් කාට හේත්තු උනත් ප්‍රතිඵලය නම් මෙයයි. අවංකව මධ්‍යස්ථව සිතනවානම් සජිත් ගොයියත් බොරදියේ මාළු බාමින් සුරංගනා කතා කියමින් වේදිකාවේ.... ප්‍රේමචන්ද්‍ර ගොයියෝ ඔබටත් අපි කියන්නේ මේ ටිකම තමා. එය පරාද වුනේ මේ නිසා. ඒ නිසා ඒ බයිලා අපට වැඩක් නැත. උත්සහ කරනවා ඔය කරන දෙය හිතට එකගව අවංකව කරන්න. නිකන් බුරුවෝ වගේ හැසිරෙන්නේ නැතිව.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site