( තිළිණි ද සිල්වා )
ගුවන්තොටුපොළ පරිහරණය කරන සංචාරකයින්ට හා ශ්‍රී ලාංකිකයන්ට පවතින බාධා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ ගුවන්තොටුපොළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටි.
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසු දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වී ඇති බවත් ඉදිරියේ දී එය සංචාරකයින් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය විය හැකි බැවින් එවැනි බාධා ඉවත් කළ යුතු බව සංචාරක අමාත්‍යවරයා එම නිලධාරීන්ට දැනුම් දී ඇත.
මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ සංචාරකයින්ට ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිටව යාම සඳහාත්, සිය ගමන්මලු ලබා ගැනීම සඳහාත්, රේගු සේවා සඳහාත් වෙන වෙනම කුටි සකසන ලෙස අමාත්‍යවරයා ගුවන්තොටුපළ බලදාරීන්ට උපදෙස් දුන් බවද අමාත්‍යාංශය කියා සිටී.
වසංගත රෝග පාලනය කිරීමට අදාල සෞඛ්‍යය නිර්දේශ අනුගමනය කරමින් ගුවන්තොටුපල කටයුතු පවත්වා පවත්වාගෙන යාම කෙරෙහි මේ කාලසීමාවේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දේ.
ඉකුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ සමයේ කටුනායක ගුවන්තොටුපල නව මගී පර්යන්තයක් ඉදිකිරීම සඳහා කටයුතු ඇරඹුවත් යහපාලන රජය සමයේ එම කටයුතු අඩාල විය.
කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට මෙම උපදෙස් ලබා දුන් බවද සංචාරක අමාත්‍යාංශය කියා සිටී. ඉදිරි කාල සීමාවේදී සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බැවින් සංචාරකයින් අපහසුතාවයට පත්වීම අවම කිරීමට අදාළ ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවට එක් විය.
මෙම අවස්ථාවට ගුවන් සේවා හා ගුවන් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජිව් සූරියාරච්චි, ආගමන විගමන නිලධාරීන්, රේගු නිලධාරීන්, ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ද එක් වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතෙක් කියන කතා මෝඩයෝ පිළිපදිනවා
කිසිම දෙයක් පිළිපදින්නේ නැත
අර ජොගින් ට්‍රැක් හදන්න වියදම් කරන කාලය, මුදල් සහ ශ්‍රමය... මෙවැනි ඵලදායක දේකට යොදවන්න. ඩොලර් අවශ්‍ය නම් ඒවා ගෙන එන විදේශ ශ්‍රමිකයින්ට සහ සංචාරකයාට අවශ්‍ය පහසුකම් සලසන්න.
පුදුමේ කියන්නේ ගුවන් තොටුපොල මාෆියාවක් කරගෙන එතන ව්‍යාපාරික ස්ථානයක් බවට පත්කර ගත් අයමනේ මෙතන මේ උපදෙස් දෙන්න එන්නේ... අනික සංචාරකයින්ට කොහෙද අපේ රටේ බාධා පැමිණුනේ? ගුවන් තොටුපොළේ පිහිටුවා තිබෙන රසායනාගාර පහසුකම් හා පීසීආර් යන්ත්‍රය පවා භාවිතා කිරීමට ඉඩ නොදී ශ්‍රී ලාංකික මගීන්ව හෝටල් වලට ගාල් කරමින් මුදල් ගරන හැටි අපි නොදන්නවා කියලද හිතාගෙන ඉන්නේ? මේ මුළු රටම හොර කල්ලියක ග්‍රහණයට නතුවී ඇති මොහොතක මේ වසංගත ව්‍යසනය ව්‍යාපාරයක් කර ගත් නුඹලාට අපි ශාප කරනවා. නුඹලා වැන්නවුන් මේ ලෝකෙට වෛරසයක්...
එන සංචාරකයින් ගසාගෙන කන, අපේ අයටත් පුප්පන බලධාරියන් තමයි ගුවන් තොටුපලේ ඉන්නේ...
අවුරුද්දක් ගතවෙලත් ගුවන්තොටුපලේ ස්ථාපිත කරපු ලංකාවේ ලොකුම පී.සී.ආර් රසායනාගාරය හරියට ක්‍රියාත්මක කරගන්න බැරි ආණ්ඩුව සහ නිලධාරීන්ට ෆේල් නොකියා කුමක් කියන්නද ?