(සුජිත් හේවාජුලිගේ)
උද්ඝෝෂණය හේතුවෙන් කොරෝනා පැතිර යෑමේ අවදානමක් පවතින හෙයින් උද්ඝෝෂණවලින් වැළකී සිටීමට අදාළ පාර්ශ්ව අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
උද්ඝෝෂණ සංවිධානය කරන අය මෙන්ම ඊට සහභාගි වන අයද වගකීමෙන් කටයුතු කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.
මෙවැනි ඒකරාශිවීම් හරහා කොරෝනා පොකුරක් ඇති වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවුදැයි ප්‍රශ්න කිරීමට සිදුවන බව මෙහි දී පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසානයේදී මේවාට සම්බන්ධ නොවන පිරිස්ද අවසාන ප්‍රතිඵලයේ ගොදුරක් බවට පත්විය හැකි බව කීවේය.
මේ අවදානම සැලකිල්ලට ගෙන අවධානයෙන් කටයුතු කරන ලෙස සියලු ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකුට වුවද කොවිඩ් ආසාදනය වීමේ හැකියාවක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්තේ හේරත් මහතා පෙන්වා දුන්නේය.
එන්නත් දෙකම ගත් පුද්ගලයෙකුට කොවිඩ් වැළඳීමට ඉඩ ඇතත් ශරීරය තුළ ගොඩනැගී ඇති ප්‍රතිශක්තිය හේතුකොටගෙන ශරීරයන්හි වයිරසය වැඩිවීම පාලනය වන බවත් ඒ හරහා සංකූලතාවයන්ට යෑම මෙන්ම රෝගය අනෙක් අයට බෝ කිරීමට ඇති ඉඩකඩද අඩු වන බවත් හෙතෙම සඳහන් කළේය.
එන්නත ගත යුතු පුද්ගලයකු නම් එන්නත නොපමාව ලබා ගත යුතු බව පැවසූ හෙතෙම එන්නත ලබා ගැනීමෙන් පසුවද සෞඛ්‍ය නීති ආරක්ෂා කරමින් රෝගයෙන් වැළකී සිටීමට කටයුතු කළ යුතු බවත් පැවසුවේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෞඛ්‍ය අංශ ප්‍රධානියා උද්ඝෝෂකයන්ට කළ ආරාධනය