IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ශ්‍රීලනිපය නැතිකළ රාජපක්ෂවරුන්ට පාඩමක් කියා දෙන්න සජිත්ට සහය දෙනවා’

(නිමල කොඩිතුවක්කු)

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ රාජපක්ෂවරුන්ට පාඩමක් ඉගැන්විම සඳහා පක්ෂයේ ආසන සංවිධායකවරු, මන්ත‍්‍රීවරු, පාක්ෂිකයන් විශාල වශයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුනි ද සොයිසා මහතා පැවැසීය.

තමන් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබාදීම සඳහා ඉදිරිපත්ව ඇති බවත් පැවසූ ඒ මහතා නොවැම්බර් 16 වන විට පක්ෂයේ සියලූම පිරිස් රාජපක්ෂ විරෝධී කඳවුරේ සිටගනු ඇති බවත්  සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කිරීම සඳහා  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සහ ආසන සංවිදායකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී අද (15) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කරමින් ඌව පලාත් සභා හිටපු මන්ත‍්‍රී කේ. බී මැදවෙල,  කෑගල්ල දිස්ත‍්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක බන්ධුල සපරමාධු, මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්සයේ සංවිධායක අබ්දුල් ලතීෆ්, මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් වික‍්‍රමආරච්චි යන මහත්වරුන් සහ උතුරු නැගෙනහිර පලාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුනි ද සොයිසා මහතා මෙසේද කීවේය.

  ‘‘පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරිම සඳහා අද විශාල පිරිසක් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මහතාගේ කඳවුර වටා රැස්වෙමින් සිටිනවා.

ඇලිපිටියේ ජයග‍්‍රහණයත් සමග පොහොට්ටුව ජනාධිපතිවරණයක් ජයගත්තා සේ උදම් ඇනුවා. පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව සිටියදීත් සීයට 12 ඉක්මවූ ඡන්ද ප‍්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂට නොමැති බවට ඇල්පිටියේ ප‍්‍රතිඵල වලින් හෙළි වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සීයයට 12 වෙන්න පුළුවන් සීයයට 15 වෙන්න පුලූවන් මේ ඡන්ද ප‍්‍රතිශතය හිමිවන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාටයි. අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙමින් සිටිනවා.

පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුනු විසුණු වන බව අද පාක්ෂිකයන් දන්නවා. දුමින්දට හූ කියලා ආරම්භ කරපු මේ විරෝධය අවසන් වන්නේ ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම මැති ඇමැතිවරුන් ගෙදර යවලයි. අද හූ හෙට ගුටි මේක තමයි ඇත්ත.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (0)

‘ශ්‍රීලනිපය නැතිකළ රාජපක්ෂවරුන්ට පාඩමක් කියා දෙන්න සජිත්ට සහය දෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 50 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site