IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


ශ්‍රීලනිපය ජනපතිට ගතු කියන්න යයි

අජන්ත කුමාර අගලකඩ

ආණ්ඩුවෙන් සිදුවන බව කියන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත .

ඒ අනුව ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් අතර තීරණාත්මක හමුවක් ලබන 21 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් නොසලකා හැරීම,රජයේ කටයුතු සඳහා ආසන සංවිධායකවරුන් සම්බන්ධ කර නොගැනීම ආදි කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල කළේය .

මේ අතර, ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ද දැඩි විවේචනයට පසුගියදා ලක්විය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර, ආණ්ඩුවෙන් සිදුවන මදි පුංචිකම් සම්බන්ධයෙන් එහිදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ

මේ තත්ත්වය තුළ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ද එහිදී පිරිසක් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ .

එහෙත් එවැනි තීරණයක් මේ මොහොතේ ගත යුතු නැතැයි මධ්‍යම කාරක සභාවේ තවත් පිරිසක් එහිදී අදහස් ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති අතර ඒ සඳහා ලබන 21 වැනිදා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ගේ පාර්ශ්වයෙන් දැනටමත් ආරාධනයක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ .

 



අදහස් (14)

ශ්‍රීලනිපය ජනපතිට ගතු කියන්න යයි

pradeepa Saturday, 10 July 2021 05:21 PM

සංධාන ආණ්ඩුවෙන් ගියා කියලා වෙනසක් නැ. දැන් ඕනෑ දේ කරලා දුන්නේ.. දැන් ඉතින් හිටියත් එකයි. ගියත් එකයි.

:       121       442

දොලේවත්තSunday, 11 July 2021 04:05 PM

දිට්ඨධම්ම වේදනීය කර්මය පල දීලා විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සලා මහා පාප කර්මයක් කළා කර්මයෙන් ගැලවිය නොහැක..

:       0       32

Rohana Saturday, 10 July 2021 05:30 PM

බලාගෙන ඉන්න. හුළං තමයි හම්බ වෙන්නේ...

:       56       171

siripalaSaturday, 10 July 2021 05:53 PM

ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන් පැමිණියද ජනාධිපතිවරයා හොඳින්ම දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඇතුළු බොහෝදෙනෙක් වරප්‍රසාද වෙනුවෙන් පක්ෂ මාරු කරපු අයවලුන් කියා. ඒ නිසාම තීරණාත්මක හමුවක් වෙන්න පුළුවන්...

:       0       7

siri Saturday, 10 July 2021 05:57 PM

ඕවා ගැන එතුමා දන්නවා කියලද හිතන්නේ? අයියා හම්බ වුණානම් ඔයිට වඩා වැඩක් වෙයි. හැබැයි පක්ෂයේ සභාපති පැත්ත පළාතකට අරගෙන යන්න නම් එපා.

:       0       10

බමුණු. Saturday, 10 July 2021 06:08 PM

ජනපතිතුමනි, මෛත්‍රි ඇතුළු සෙට් එක ගැන කිසිම විශ්වාසයක් තබන්නට එපා. ඒ අය කළ දුටු කළ වල ඉහගන්නා උදවිය බවද, අමතක කරන්න එපා...

:       0       59

kapila Saturday, 10 July 2021 06:17 PM

'උන්නත් දාහයි, මලත් දාහයි' කියන වදන හරියටම හරියන්නේ මේ වගේ සිදුවීම් වලට... හිටියොත් ඇමතිකම් ටික රැකගෙන දුකෙන් ඉන්න පුළුවන්... ගියොත් ලොක්කට පාස්කු කොමිසමේ නිර්දේශවලට ඇතුළට යන්න සිදුවෙනවා. අවසානයේ ශ්‍රීලනිපය අවසන් වෙනවා.

:       0       3

mohomed agarapatana Saturday, 10 July 2021 06:57 PM

ලංකාව කාලකණ්ණි කරලා හමාරයි.. දැන් ඉතින් මොන කතාද? සක්කරයා ආවත් ගොඩගන්න බෑ.

:       167       357

Malika Saturday, 10 July 2021 08:01 PM

අනේ ඇත්තට... රටට මෙච්චර විපතක් වෙලා තියන වෙලාවේ එයාලගේ ඇමතිකම්, මන්ත්‍රීකම් රැකගන්නයි දඟලන්නේ... රට ගොඩගන්න බැරි ආණ්ඩුවකට හේත්තුවෙලා හරි එයාලා රැකුණොත් ඇති. මෙහෙම රටක අපි ඉපදුනේ පූරුවේ කරපු පවක්ද? ඉස්සර අපි හරි අභිමානයෙන් අපේ රට ගැන කතා කළේ. අවුරුදු 73ක් මාරුවෙන් මාරුවට රට කෑවා. ජාතීන් අතර අසමගිකම් හැදුවා. ආගම් බේද ඇතිකළා. මොනවද නොකලේ රට බේදකරලා කෑලි වලට කඩලා විකුණගන්න. මේ හැමෝම මරණයෙන් පස්සේ යන්නේ නම් අපායට තමයි... කාලකන්නී දේශපාලුවෝ...

:       17       431

Demuni Uduwara Saturday, 10 July 2021 11:46 PM

ඇත්තෙන්ම නිවැරැදියි..!!!

:       0       5

විපරමා Saturday, 10 July 2021 08:15 PM

ජනපතිට කිව්වා කියලා ඇති වැඩක් නැහැ. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. සහෝදර සමාගම නෑයින් ටික කිට්ටු කරගෙන ඉන්නේ... තව මොනවාද?

:       81       223

69lakshayaSunday, 11 July 2021 08:00 AM

අපේ පැතුම් ඉෂ්ඨ වෙනවා...

:       1       1

සෙනෙවිරත්න Saturday, 10 July 2021 09:32 PM

රාජපක්ෂ අහංකාරකම වටේ සිටිනා මැති ඇමතිවරුන්ගේ ඉහට ගසා ඇත. මෙම මෝඩ අහංකාරකමින් රටත් ජනතාවත් අඳුරු අගාධයකට ඇද දමා ඇත. රාජපක්ෂ පවුල් ගසට වෙනත් රටවල මාධ්‍ය පවා හුවා දක්වා ඇත. මෙවන් රටකට විදේශ ආයොජන ලැබේද?

:       0       119

de silva Sunday, 11 July 2021 11:37 AM

පොහොට්ටුවට ඔබලා අවශ්‍ය වෙන්නේ ලබන ඡන්දෙ කිට්ටු වුණාම...!!!

:       0       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site