IMG-LOGO

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු හෙට

(ඩයනා උදයංගනී)

 

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට (1) සිදුකෙරේ.

දේහය කොළඹ, විජේරාම මාවතේ අංක 1/6 දරණ නිවසේ හෙට (1) පස්වරු 2.00 දක්වා තැන්පත් කර තැබෙන අතර නිවසේදී පවත්වන ආගමික වතාවත්වලින් පසු පස්වරු 2.00ට පමණ දේහය රැගත් අවමංගල පෙරහැර බොරැල්ල කනත්ත බලා ගමන් ඇරඹීමට නියමිතය.

බොරැල්ල කනත්තේදී අවමංගල සභාවක් ද පැවැත්වේ. ශ්‍රීමා දිසානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක දී ඉකුත් 29 වැනිදා පස්වරුවේ අභාවප්‍රාප්ත වුවාය.

ශ්‍රීමා දිසානායක මහත්මිය මියයන විට 77 වැනි වියෙහි පසුවූවාය.

ඇය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මව ද වූවාය.

ඇයට අරුණි තාරුකා නමින් දියණියක ද සිටී. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකවරයා ලෙස 1994 වසරේ ඉදිරිපත් වූ ගාමිණී දිසානායක මහතා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් පසු ඇති වූ අඩුව පුරවමින් එවර එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂිකාව ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද ශ්‍රීමා දිසානායක මහත්මියයි.



අදහස් (1)

ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු හෙට

Buddika Sunday, 31 March 2019 11:41 AM

සුබ ගමන් මැතිණියනි, නිවන් දකිනා තුරු ඔබතුමියත්, ගාමිණී දිසානායක මැතිතුමාත් මේ පින් බිම තුළ යළි ඉපදෙන්න හේතු වාසනා වේවා!!!

:       0       80

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශේෂ පුහුණුවකට පොලිසියේ ලොක්කෝ තුනක් ඇමෙරිකාවට යති
2024 මැයි මස 30 83 0

විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර සහ නියෝ


පරිවර්තන පනතට විරුද්ධ රටට එරෙහි අය
2024 මැයි මස 30 90 0

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධ වීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය


කැළණි ගඟේ සැඬ පහරට හසු වූ දෙදරු මව
2024 මැයි මස 30 328 0

කැළණි ගඟේ සැඩ පහරට හසුව කිලෝමීටර් නවයකට ආසන්න දුරක් මරණය පෙනි පෙනී දියඹේ ගසාගෙන යමින් සිටි 46 හැවිරිදි දෙදරු මවකගේ දිවි බේරා ගැනීමට කඩුවෙල පොලීසියට සහ


බිරියගේ පොරෝ පහරින් සැමියා මරුට
2024 මැයි මස 30 346 0

යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ පොරෝ පහරින් බරපතල කැපුම් තුවාල ලැබූ සැමියා මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි.


රංගෙ සඳුදා විශේෂ ප්‍රකාශයක් කරන්න සැරසෙයි
2024 මැයි මස 30 217 0

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(3)විශේෂ


‘තායිලන්තයට යන ලාංකික සංචාරකයින්ට වීසා ඕන නෑ‘
2024 මැයි මස 30 406 0

ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට පැමිණීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් එලෙස තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 60 ක කාලයක් එරට රැඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1041 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2635 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2232 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site