වාහන බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටළු ඉදිරි මාස තුන තුළ විසඳන බව රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
රටේ විදේශ සංචිත ආරක්ෂා කරගැනීම සඳහා වාහන බලපත්‍ර නිකුත් කිරිම අත්හිටවු බව වික්‍රමරත්න මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ අසන ලද ප්‍රශ්නයකට මෙසේ ප්‍රතිචාර දැක්වීය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් විසඳන්න... ඉක්මණින් බලපත්‍ර නවතා නිකුත් කරන්න. අපි නොදන්න මොනරතැන්න...
ආණ්ඩුවේ සේවකයන්ට පමණක් ඕවාදෙන්නේ පුද්ගලික අංශයේ අපි මේ රටේ පුරවැසියෝ නොවේද? ආණ්ඩුවේ සේවකයන්ගෙන් සහ දේශපාලකයන්ගෙන් වැඩි දෙනෙක් නිකන් ඉඳන් පඩි අරන් පගා ගහලා, පරම්පරා දෙක තුනකට සෑහෙන්න හම්බ කරලා අන්තිමට විශ්‍රාම වැටුපකුත් අරන් සැපට සිටිති... ඕව දෙන්න එපා.
පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ, තව ඩියුටි ෆ්‍රී කාර් දෙකයි, බැඳුම්කර එකයි යන්න තියෙන්නේ. ඔයිට වඩා ඉක්මනට වෙන කවුද මෙව්වා විසඳන්නේ?
පොදු ප්‍රවාහනය උපරිමේට හදන්න. අනික දැන් නගරබදව තියෙන වාහන තදබදය විසදගන්නේ නැතුව තව වාහන ගෙන්වන්න ඉඩ දෙන එක අනුවණ වැඩක්.
ජාතික ආණ්ඩුව හදලා, අලුතින් එන සෙට් එකට ඩියුටි ෆ්‍රී කාර් බා ගත්තම ඔය වැඩේ නිකම්ම හරි යයි.
ඡන්දයක් එනකම් රඟදෙන බයිලා
හැමදාම වාහන බලපත්‍ර දෙනකොට පුද්ගලික අංශ සේවකයෝ ඉරිසියාවේ මැරෙන්න හදනවා. ඔබ ඉරිසියා කරන්න එපා ඔබටත් තිබ්බා රජයේ සේවයට බැඳිලා රටට මෙහෙයක් කරන්න. ඔබලට වගේ ලොකු පඩි සහ බෝනස් රජයේ අපට නැහැ. රජයේ ආයතන බොහොමයක් ඉතාම අඩු පහසුකම් යටතේ දුවන්නේ... අනික මේ බලපත්‍ර හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා මහන්සිවෙලා විභාග සමත්වෙලා අදාල ශ්‍රේණි ගතවෙන්න ඕනෑ.
එංගලන්තයේ නම් රජයේ වාහනයක් සහ රජයේ රියදුරෙක් ඉන්නේ නීතියෙන්ම අගමැතිට විතරයි. නමුත් ඩේවිඩ් කැමරන් වගේ හිටපු අගමැති සහ ලන්ඩන් නගරාධිපති බෝරිස් ජොන්සන් පාර්ලිමේන්තුවට එන්නේ බයිසිකලය පැදගෙන, කිසිම ආරක්ෂක භටයෙක් නැතිව. එහෙ ඉන්න ඇමතිලා මන්ත්‍රීලා පොදු ප්‍රවාහනය තමයි පාවිච්චි කරන්නේ. ලංකාවේ නම් ඇමැතිලාගේ, ලේකම්ලාගේ, හෙන්චයියලාගේ ගෑනුත්, එයාලගේ දරුවනුත් යන්නේ ආණ්ඩුවේ වාහනවල. ඒවාට ඉන්ධන ආණ්ඩුවෙන්. ත්‍රිවිධ හමුදාවල වාහන කීයක් ඉස්කෝල ඇරෙනකන් නවත්තගෙන ඉන්නවද? ලංකාවේ කන්න බොන්න පිටරටින් ණය අරගෙන කරන්නේ මේවා තමයි.