(ප්‍රසාද් රුක්මල්)
පළාත් සභා විසුරුවා හැරියත් තව වසර දෙකක් යනතෙක් පළාත් සභා මැතිවරණයක් නොපැවත්වෙන බවත් ජනාධිපති මැතිවරණයෙන් පසුව ඉදිරියේදී පැවත්වීමට නියමිත පාර්ලිමේන්තු , පළාත් සභා,ප්‍රාදේශීය සභා මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (15) පැවසීය.
ඌව පලාත් සභාවේ පැවති “සුරපුරක් හදන පරපුරක් සමඟ ඌව වෙල්ලස්ස ගොඩනගන ඉදිරි දැක්ම” පිළිබඳව ඌව පළාතේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ආණ්ඩුකාරවරයා මේ බව කීය.
ඌව පත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මෙසේද පැවසීය.
‘‘මම නීතිඥවරයෙක්. මම හොද ආදායමක් අතහැර මේ වැඩේ බාරගත්තේ ජනාධිපතිවරයා මේ තනතුර බාර ගන්න කීව නිසා. මම මේ පළාත දියුණු කරන්න සංවිධානය කරන්න ආවේ. මට මේ පළාතේ බිම් අගලක් අයිති නෑ.
ආණ්ඩුකාරවරයා ලෙස මට පාර අතුගාන්න තියෙනවා නම් මම එය කරනවා. මේ අපේ රට, පළාත එය දියුණු කරන්න ඕන. අපි ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න ඕන.
දේශපාලනඥයින් බාර් පර්මිට් අරන් තියෙන්නේ. ගමේ අහිංසක මිනිහට රා බෝතලයක් හදාගෙන බොන්න බෑ. පොලිසිය අල්ලනවා. මම පොලිසියට ඒ අහිංසක ජනතාව අල්ලන්න එපා කීවා.
ගුරුවරුන්ට වැඩ කරන්න පුලුවන් ළඟම තැන පාසල දෙන්න. දුරට යන්න නොදී ගුරුවරුන්ට නිවස ළඟම පාසල දෙන්න. දුරට දැමීමෙන් ඔහුනගේ හිත කලකිරිලා මානසිකව වැටෙනවා. පවුල් ප්‍රශ්න ඇති වෙනවා.
සෞඛ්‍ය පත් වීම් 14000ක් එක්තරා ඇමතිවරයෙක් දුන්නා. දැන් ඉන් පවුල් 7000කගේ පවුල් කඩාකප්පල් වෙලා තිබෙන්නේ.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් පී. බී. විජේරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල යන මහත්ම මහත්මීහු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.
COMMENTS
අප පාට පක්ෂ නොබලා සත්‍යට ගරු කල යුතුයි.
මම දැකල තියෙනවා මීගමුවේ ඉදන් මතුගම වැඩට එන ගුරුවරු . මාසේ වැටුප 30 000
පළාත් සභා සදහටම එපා
බොහොම ඉස්සර 1950 ගණන්වල ගුවන් විදුලියේ ගිය එච්.ඩී.විජේදාස මහතාගේ විහිළු තහළු වැඩසටනකදීත් ගෙවල් ලඟින්ම රැකියා කරන ස්ථාන ඉඳිකර දෙන්න යෝජනා වුනා. ඒ විහිළුව සැබෑවෙන්න යනවාද කොහෙද. කොහොම උනත් පළාත් සභා නැති එකමයි හොඳ. එත් එක එක ආණ්ඩුකාරයාට ඕන විදිහට රට පාලනය වෙන්න ගියොත් රටට මොකද වෙන්නේ. මොකක් උනත් අපිට කමක් නැහැ අපේ ළමයි වෙන රටවල පුරවැසියෝ.
පුදුම නීතිඥයෙක්! කසිප්පු අල්ලන්න එපා කියලා පොලිසියට නියෝග කරලා! ඌව පලාතට දෙවියන්ගේ පිහිටයි.
හොඳ වැඩක්. බලන්නකෝ ඔය පළාත් සභා නැතිව එක අවුරුද්දක් දුවලා. එතකොට තේරෙයි පළාත් සභා වල කෙරුණු රාජකාරියක් නැති බව. දෙවැනි අවුරුද්දේ ඔය නාස්තිකාර පළාත් සභා වල සිටිය සේවකයින් අනිකුත් ආයතන වලට අනුයුක්ත කොට අපරාදේ වියදම් කරපු සල්ලිවලින් පාසල්වල වැසිකිලි පහසුකම් , ඔය පළාතේ තියන අබලන් වී ගිය පාලම, විවිධ ගමන් බිමන් දුෂ්කරතා ඇති ගම්මානවලට අවශ්‍ය පාරවල් හා අනිකුත් පහසුකම් ලබාදිමෙන්ම පමණක් අති විශාල සේවයක් කල හැකිය.
අලුත් පනත අනුව පළාත් සභා ඡන්ද තියන එක අගමැතිගේ වගකීමක් බව උසාවියෙන් තීන්දු කලා. අලුත් අගමැති කෙනෙක් ආවොත් ඡන්ද තියේවි. ඒ ගැන ආණ්ඩුකාරය කොහොමද තීරණය කරන්නේ
ගමේ අහිංසක මිනිහට රා බෝතලයක් හදාගෙන බොන්න බෑ. පොලිසිය අල්ලනවා .මම පොලිසියට ඒ අහිංසක ජනතාව අල්ලන්න එපා කීවා.
තනතුර නීතිඥවරයෙක්. හොදවෙලවට ඔය පැත්තට ආවේ. අපේ පැත්තට ආවනම් කසිප්පු අල්ලන එක නවත්තයි. ඔබතුමාගේ ඔය ආකල්පය, වෙනස මසුරන් වටිනවා. අනේ ටිකිරි මොලේ.
මෙතන තියෙන්නේ කසිප්පු නෙමේ රා කියලා. මට කණගාටුව මේ ලංකාවේ මිනිස්සු කසිප්පු සහ රා වල වෙනස හඳුනා නොගැනීමයි.
පළාත්සභා ආණ්ඩු කාරයෝ ඔය එකකවත් රටට අවශ්‍ය දේවල් නොවේ ,