(මුදිතා දයානන්ද)
මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකින් අවසන් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙන බවද ඒ අනුව මේ වසර අවසානයේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (22) පැවසීය.
ඔහු මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
තමන්ගේ ධූර කාලය වසර පහද හයද යැයි සිරිසේන ජනාධිපතිවරයා වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටි බවද එහිදි ඔහුගේ ධූර කාලය වසර පහක් බවට තීන්දු කළ බවද හේරත් මහතා පැවසීය.
එම තීන්දුව ලබාදුන්නේ 78 ව්‍යාවස්ථාව අනුව ජනාධිපති ධූරයේ දිව්රුම් දී අත්සන් කිරිමෙන් පසු ධූර කාලය එළැඹෙන බවට වන වගන්තිය අනුව ඔහු 2015 ජනවාරි 9 දා වැඩ ධුරයේ කටයුතු ඇරඹු බවට තීන්දු කිරිමෙන් හා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිගේ ධූරකාලය වසර පහක් බවට වන වගන්ති සළකා බලා බවද හේරත් මහතා පැවසීය.
ඒ අනුව නැවත නැවතත් ජනාධිපතිගේ ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමෙන් පළක් නොවන බවද ඔහු පැවසීය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පෙන්වා දෙන පරිදි කුමන මැතිවරණයක් කල් දැමූවද කිසිම හේතුවක් නිසා ජනාධිපතිවරණයක් කල්දැමීමට නොහැකි බවද ඒ අනුව මේ වසර අවසානයේ එය පැවැත්විම අනිවාර්යයක් බවද හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මේ ඔයාල මගුල් බෙර ගහල ගෙනාපු සරල ජනපති නේද? මොකද දුම්මල ගහලවත් එලවගන්න බැරිද.
ප්‍රශ්නේ අවරුදු 5 පටන් ගන්නේ කවද ඉඳන්ද කියන එක. අපි බලමු අධිකරණයෙන් මොකද කියන්න කියල.
අනේ මේ අපේ රතු මලයනේ... මලය මේ සැරේ කාටද කඩේ යන්නේ ..??? න මේ නිකං ඇහෙන්නේ අපි ,කැමති නැත්නම් නොකිව්වට කමක් න...
අර කරු ළඟට දිව්වා වගේ නෙමෙයි දෙසැම්බර් ළංවෙනකොට හොඳට දුවන්න පුරුදු වෙන්න. ගෝඨා ඉන්නේ ඔන් යුවර් මාක්... කියාගෙන හොඳේ...
අනේ මේ රතුඅලි මල්ලිනේ... මොකෝ මේ ඔයත් ජනපති වෙන්නද? දැන් කඩේ යන්නේ නැද්ද කාටවත්ම...?
"හඳට බුරන බල්ලෝ " වේදිකා නාට්‍ය යලිත් රඟදැක්වේ. ඇතුල් වීම නොමිලේ...