IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෙලේ සුදාට සල්ලි ගෙනා සැකකරු රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ මොහොමඩ් නියාස් යන දෙදෙනාට ලබාදීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රැගෙනවිත් බන්ධනාගාරය අසල රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරු අප්‍රේල් 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ  කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ බලපිටිය දුම්රිය පොල පාර පදිංචි පෙට්ටගම අසිත නිමන්තද සිල්වා නමැති සැකකරුවෙකි.

ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ මොහාමඩ් නියාස් යන රැඳවියන් දෙදෙනොට ලබාදීම සඳහා රැපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රැගෙන විත් බූස්ස බන්ධනාගාරය අසල සිටියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඉකුත් 26 වැනි දින සවස අත්අඩංගුවට ගෙන රත්ගම පොලිසියට බාරදි ඇත.

එ අනුව පසුදින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්  රත්ගම පොලිසිය කරන ලද ඉල්ලිම් සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු දින තුනක් රැඳවුම් බාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන පවත්වා අද (29) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය 27 වන දින රත්ගම පොලිසියට නියෝග කළේය.

ඒ අනුව අද සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් මෙම මුදල් සැකකරුට ලැබුණ ආකාරය පිළිබඳව ඔහු විසින් කරනු ලබන ප්‍රකාශ පරස්පර බැවින් තව දුරටත් විමර්ශන කිරිමට තිබෙන නිසාත් දුරකථන වාර්තා ලබා ගැනිමට තිබෙන නිසාත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

 

 



අදහස් (0)

වෙලේ සුදාට සල්ලි ගෙනා සැකකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 12 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site