(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාලම්පුරියක් යැයි කියා අජීවි මුහුදු බෙල්ලෙක් ලබා දී රුපියල් හාරලක්ෂ තිස්පන්දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආයතනයක හිමිකරුවකු හා ඔහුගේ සහායකයා ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් ඒ. එම්. ඒ. වසන්ත කුමාර මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහැරියේ පිටකෝට්ටේ පදිංචි ආයතන හිමිකරුවකු වූ කීර්ති බන්දුල දිසානායක (61) හා සහයකයා වන හෝකන්දර පදිංචි කාවින්ද ඩයස්(26) නමැත්තන්ය.
ඔවුන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප නියම කෙරිණි.
වාලම්පුරිය මිලදී ගත් තැනැත්තා සැක සිතී මට්ටක්කුලිය ජලජ සම්පත් පර්යේෂණ ආයතනයට එය ගෙන ගොස් පරීක්ෂා කිරීමේදී උතුරු ඇමරිකාවේ මුහුදු වෙරළේ දක්නට ලැබෙන මුහුදු බෙල්ලෙකු බව දැන මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
මෙම නඩුව ලබන ජුනි මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd