(පාලිත ආරියවංශ)
වැලිමඩ බොරගස් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් නිවසක් වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ලෙස සඟවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් අද (29) සොයා ගත් බව පොලිසිය කියයි.
එම මුදල් ලැබුණු ආකාරය පිළිබඳව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරීමට අසමත් වීම හේතුවෙන් නිවසේ හිමිකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ අබලි ද්‍රව්‍ය දමන කාමරයක තිබී මෙම මුදල් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.මෙම මුදල් ලැබුණු ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සියලු මුදල් දේශපාලන ඩීල්වලට සංසරණය වෙන මුදල් විය හැකිය. 70 දශකයේ දී හිටපු මුදල් අමාත්‍ය N M පෙරේරා මැතිතුමා කළා වගේ මෙම මුදල් සියල්ල අවලංගු කළ යුතුයි.
රටේ මිනිස්සුන්ට සල්ලි නැතිලු. හමුවෙන්නේ කෝටි ගණනින්...