
(අංජුල මහික වීරරත්න)
මේ අමාරු කාලේ ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් ප්‍රශ්න විසඳාගන්නැයි තමා දිගින් දිගටම පැවසූ නමුත් ආණ්ඩුව ඊට අකමැති නම් කරන්න දෙයක් නැතැයි ද දැන් ඉතිරි තීන්දුව තියෙන්නේ ජනතාවගේ අතේ බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය
යහපාලන ආණ්ඩුව කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගිය නමුත් එකල කිසිදු ජනතා සහනයක් කප්පාදු කරන්නැයි කොන්දේසි නොපැමිණි බව කී වික්‍රමසිංහ මහතා රුපියල් 10,000 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන අතර සෙසු සහන ද ලබාදීමට හැකියාව ලැබුණේ යහපාලන රජය ජාත්‍යන්තර සහාය ද ලබාගෙන හරි දැක්මක් ඇතිව කටයුතු කිරීම නිසා බව අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේය.
COMMENTS
නිකන් පව් නොදී ඉන්නවද.?
මුන් ඔක්කොම පිස්සෝ.
ඔහේ හිටියා නම් රට පාලනය කරමින් තවත්, අපිව වල දාලා ගසුත් පැලවෙලා. දුකෙන් දුකට පත්වන රටවැසියාට පව් නොදී ඉන්න.
මිනිස්සු පන්නපු දුර්ජන පාලකයන් නැවත බලයට ගෙන එන්න සිදු උනේ ඔහේගේ ගව පාලන මෝඩ වැඩ නිසා
ආසියාවේ පරිනත ඇම්ඩන් කියන්නේ කාටද...... ආසියාවේ ගල් ආදා කියලත් ප්‍රසිද්ධ කව්රුන්ද..... ඇරියොත් කට බුරු කතා කියන්නේ කව්රුන්ද..... අපේ මේ රනිල් හැර වෙන හරකුන් කොයින්ද.....
මේ මනුස්සයා කතා කරන්නේ කොහෙන්ද දන්නේ නැහැ .වල පල්ලටම වට්ටලා දැන් කියවනවා . වලෙන් ගොඩ එන්න පාර කිව්වලු .අනේද කියන්නේ
එකම විකල්පය සහ මග පෙන්වීම
මේ මිනිස්සු ගැන අපට ඇත්තේ කලකිරීමක්... සුලුපටු කලකිරීමක් නොවේ.. පැත්තකට වෙලා ඉන්න. තවත් චොර වෙන්න එපා... විහිළු සපයන්න එපා.
ඉක්මණට වල වහන්න.
වලේ වැටිච්ච එකා වල කටින්ම තමයි ගොඩඑන්න ඕනේ. ඔහේ කටමැත දොඩන්නේ නැතුව ඉන්නවා නම් ඔහේගේ කරට නැගලා අපිට ගොඩවෙන්න පුළුවන්...
මේ ගොනාට ඕනේ ලංකාව ඇමරිකන් කාරයින්ගේ නගුලට බැඳපු මී හරකෙක් කරන්න .පල යකෝ යන්න ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව
තීන්දුව කියන්නේ දැන් ජනතාව ආණ්ඩුව එළවලා ඔහෙට බලේ දෙයි කියලාද?අපි හරක් කියලා හිතුවද ?මෙයත් හරියට අර වැනෙන එක බිමට වැටෙනකල් පස්සෙන් ගිය නරියා වගේ නේ ?
අවස්ථාව ලැබුණු විට රට තොග වශයෙන් විකුණනවා. ඇත්ත වශයෙන්ම, ඔහු නැවත කිසි විටෙකත් දේශපාලනයට ගෙන නොයා යුතු අතර ඔහු රාජ්‍ය නොවන සංවිධානවල උපදේශකයෙකු විය යුතුය.
බලය තිබූ කාලේ ගියේ වලට නේද ? රටේ ජනතාව බුද්ධිමත් ය.
ඔයා මහා බැංකුව හොරා කාලා, ආර්ථිකය වට්ටලා, සම්පත් විකුනලා, රටේ හැම ක්ෂේත්‍රයක්ම වට්ටපු නිසා තමයි ගොඩ එන්න අමාරු
ඔය වලෙන් ගොඩ ගැනීම කෙසේ වෙතත් රට වලට දැම්මා 2015 සිට 2019 දක්වා .
අනේ මගේ කට
රට කොහොම වෙතත් ඔය පක්ෂය වැටිල ඉන්න වලෙන් ගොඩ එන්න ක්‍රමයක් ගැන හිතුවොත් නරකද මහත්තයෝ ?
ජීවිතේ කවදාවත් ආර්ථික විද්‍යාව ඉගෙන නොගත් , උසාවි නොයන පෙරකදෝරු ජනතාව රැවටුන කාලෙ අහවර වෙලා සෑහෙන කාලයක් ගත වුනා. ඔක්කොම ටික පැරදිලා පිං සීට් එක බදා ගෙන ඉන්න .
මෙයාගේ එකම විසදුම තව තැනකින් ණය ගන්න එක විතරයි. ඕක මෙයා කියන්ට ඕනෙද? හන්දියේ කඩේ මුදලාලිගෙන් ඇහුවත් ඕක කියයි.
පක්ෂේ වලට දාලා විනාශ කරපු කෙනෙක් කියන කතා.
නහය ළඟටම එරිලා ඉන්න කෙනා නේද මේ?
තමන් වලෙන් එගොඩ වෙලා ඉන්න ඕන අනුන්ට ගොඩ එන හැටි කියන්න. පසුගිය මැතිවණය වෙලාවේ ආසන 0 දිනලා යන්තම් ලැබිච්ච බෝනස් ආසනයටවත් ලැයිස්තුවෙන් කෙනෙක් එවන්නේ නැතුව අවුරුද්දක් කිට්ටුවට කාලය කාපු පක්ෂය සහ එහි නායකයා මේ. ඉතින් තමුන් වලේ වැටිලා ගොඩ එන්න බැරුව ඉන්න අතරේ අනුන්ට ගොඩ එන හැටි කියන මිනිස්සු වැදි බණ ඇරෙන්න වෙන දෙයක් කියන්න සුදුසු නෑ.