IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විරෝධතාවයේදී කලහකාරීව හැසිරුණ දෙදෙනා රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඉදිරිපිට දී පැවැත් වූ විරෝධතාවයේදී කකලහකාරී ලෙස හැසිරී රජයේ දේපළ වලට සහ රජයේ නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම් ලෙස කටයුතු කළ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි කොස්වත්තගේ චමීර නිරෝෂණ පෙරේරා හා නිදහස අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරයේ සාමාජිකාවක වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කෝෂිලා හංසිමාලි පෙරේරා යන දෙදෙනාය.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ඒකාබද්ධව පිරිලා පාර්ලිමේන්තු පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී එම සැකකරුවන් දෙදෙනා ඇතුළු තවත් පුද්ගලයන් කීපදෙනකු සමඟ එක්ව කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය අධිකරණයට චෝදනා පහළොවකට ආසන්න ප්‍රමාණයක් සහිත බී වාර්තාවක් ඉදිරිපත් කෙරිණි.

මෙහිදී මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී තිබූ අතර මිනී පෙට්ටියක් අයුරින් තැනූ අනුරුවක් මාර්ගයේ පිලිස්සීමේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයට ද බරපතළ අලාභ සිදුවිය.

තවත් පුද්ගලයන් 13 දෙනෙකු පමණ හඳුනාගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණිල්ල ඉදිරිපත් කළහ.

විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ නීතීඥවරු විස්සකට අධික ප්‍රමාණයක් පෙනී සිටියහ.

 



අදහස් (3)

විරෝධතාවයේදී කලහකාරීව හැසිරුණ දෙදෙනා රිමාන්ඩ්

මුණසිංහ Wednesday, 04 August 2021 05:26 PM

මේවාට බොරුවට නීතිඥවරු පෙනී හිටියාට වැඩක් නැහැ. දේපල විනාශ කිරීම, තුවාල සිදු කිරීම වගේ ඒවාට උත්තර දෙන්න වෙනවා. උද්ඝෝෂණයෙදී ඒවා කරන අය ප්‍රවේශම් වීම වැදගත්. නීතිය කාටත් එ්ක වෙන්න ඕනෑ කියලා තමන්ට ඕනෑ විදියට කටයුතු කරන්න බැහැ.

:       15       154

Bamunuarachchi Wednesday, 04 August 2021 11:23 PM

ඉල ඇට කඩලා යවන්න

:       0       0

Tooni Wednesday, 04 August 2021 11:34 PM

ඇතුලට දාලා කාලයක් වහන්න .ගෙදර යවන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site