IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ දෙක ඉක්මවයි

(ඩයනා උදයංගනී)

දිවයිනේ පුරා දිස්ත්‍රික්ක ගණනාවකට මාස කිහිපයක් තිස්සේ බලපා ඇති දැඩි වියළි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 57,388 කට අයත් පුද්ගලයින් 2,39,295 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 8කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 23ක ජනතාව මෙයින් දැඩි පීඩාවට පත්ව සිටින අතර බදුල්ල, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, කළුතර, ගම්පහ, හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මෙයින් වැඩිම පීඩාවකට පත්ව සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වන අතර කළු ගඟේ ජල මට්ටම පහළ ගොස් එයට ලවණ මුසුවීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර හා දොඩංගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පවුල් 50,497 කට අයත් 2,12,728 දෙනෙක් පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

එම දිස්ත්‍රික්කයේ මිල්ලනිය, මතුගම හා හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 723 කට අයත් 2797 දෙනෙක් ද වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව කොඩිප්පිලි මහතා කීවේය.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 2,538කට අයත් 10,045 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,510කට අයත් 9,517 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රිකක්යේ පවුල් 900කට අයත් 2,973 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 350කට අයත් 1,213 දෙනෙක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව හෙතෙම සඳහන් කළේය.

මේ අතුරින් පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවල ජනතාවට ජල බවුසර් හා ටැංකි යොදාගනිමින් ජලය සැපයීමට පියවර ගෙන ඇතැයි ද කොඩිප්පිලි මහතා කීවේය.

 



අදහස් (0)

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ දෙක ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 688 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site