(දියතලාව - ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල නගරයේ කොමර්ෂල් වෙළඳ සංකීර්ණයේ පවත්වා ගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වැටලූ බණ්ඩාරවෙල පොලිසිය එහී තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද උප්පැන්න සහතික, හැඳුනුම්පත්, හොර සහතික, විවිධ රබර් මුද්‍රා ඇතුලු එම ද්‍රව්‍ය සෑදීමට උපයෝගී කර ගනු ලැබූ උපකරණ තොගයක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල ක්‍රේග් වත්ත පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු හා හපුතලේ විහාරගල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බණ්ඩාරවෙල රථවාහන අංශයේ නිලධාරීන්ට ලැබුණු ව්‍යාජ ලියවිල්ලක් අනුව පරීක්ෂණ සිදු කළ බණ්ඩාරවෙල පොලිසිය මෙම ස්ථානය වටලා හොර ලිපිලේඛන, ව්‍යාජ රබර් සීල් හා එම ලිපි ලේඛන හා රබර් සීල් නිෂ්පාදනයට යොදා ගනු ලැබූ පරිඝණකයක්, ස්කෑන් යන්ත්‍රයක් මුද්‍රණ යන්ත්‍රයක් ඇතුලු උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයින් දිවයිනේ විවිධ ආයතනවල හා විවිධ පුද්ගලයින්ගේ නම් සදහන් රබර් සීල් සකස් කර එමගින් විවිධ ලිපි ලේඛන සකස් කර ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරීදි බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1080
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ කච්චේරියක් වටලයි
පිටිගල මිලානෝ Saturday, 11 May 2019 01:05 PM
ඕස්ට්‍රේලියාවේ ඉන්න සමහර එන්.ඩී.ටී. අය ලංකාවේ ඉංජිනේරු උපාධි සහතිකේ ඇත්තටම කොහෙන්ද අරගත්තේ? ඒ අය කලබල වෙන්න එපා මම නම් කියන්නේ නැහැ.
chandima Saturday, 11 May 2019 01:30 PM
කුරුණෑගල වෙළඳ සංකීර්ණවලත් ඔවැනි තැන් එමට තිබෙනවා. රේගුවට හොරා ගෙනා භාණ්ඩ ඒ කඩවල එමටයි.
amila singa Saturday, 11 May 2019 03:11 PM
මුස්ලිම් දෙමාපියන්ට ළමයින් ගොඩකට වියදම් කිරීම අපහසුයි. ඒ නිසා ගොඩක් දෙනෙක් අඩුවයසින් රැකියා වලට යන්නේ හොරට හැඳුනුම්පත් හදාගෙන... මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකළ යුතුය.
nirupa Sunday, 12 May 2019 07:05 AM
දැන් යන්න විල්පත්තු වලට... ලක්ෂ ගණන් පිට අයට අපේ ලංකාවේ කියල කොළ හදල ඇති යන්න ....... හොයන්න