(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයේ පිහිටි මූල්‍ය සමාගමක විධායක නිලධාරියෙකු ණය වාරික එකතුකරගෙන එමින් සිටියදී පෝද්දල වව්ලගලකන්ද ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක් අද සවස (21) කොල්ලකා පලා ගොස් තිබේ.
විධායක නිලධාරියා එම ප්‍රදේශයේ ණය වාරික එකතු කරගෙන යතුරු පැදියෙන් එමින් සිටියදී මුහුණු ආවරණය කරගෙන තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයක් හිසට තබා තර්ජනය කර රුපියල් ලක්ෂ දෙකක මුදල කොල්ලකා පලාගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් ලක්ෂ 2 ක් කොල්ල කන්නත් පිස්තෝල ඔලුවට තියන යුගයක් කරා අප ගමන් කරන්නෙමු.