IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


විදුලි අර්බුදයට හේතුව මණ්ඩලයේ මාෆියාව

(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)

විදුලිබල ක්ෂේත්‍රයේ වසර ගණනාවක සිට බරපතළ මාෆියාවක් තියෙනවා. විදුලිය පිළිබද ප්‍රශ්නය එකපාරටම  ආපු  ප්‍රශ්නයක් නෙවෙයි.විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතු පිළිබද තාක්ෂණික අංශවල  වසර ගණනාවක් තිස්සේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්න විසදා ගැනිමට නොලැබිමේ අවාසනාවන්ත තත්ත්වය නිසා තමයි ජනතාවට කළුවරේ ඉන්න වෙලා තියෙන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  පැවසිය.

විදුලි අර්බුදයක් නොමැති කාලවලදිත්  පුද්ගලික අංශයෙන් විදුලිය ගැනිමට කෝටි බිලියන කියක් වැය වෙනවාද කියලා මේ රටේ ජනතාව දන්නේ නැහැ. දිර්ඝකාලයන සිට පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න අති විශාල මුදලක් වැය කරණවා.

තිබු ප්‍රශ්න එකතුවෙලා එකතුවෙලා ඉතා නරක තැනකට ඇවිත් තියෙනවා. තෙල් අර්බුදය ගල් අඟුරු පිළිබද ප්‍රශ්න  ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙලා තියෙන තත්වයක්. තාක්ෂණික හා දේශාපලන අංශ ඒ අය සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසදලා  ජනතාවට අවශ්‍ය සහන සුභසාධන පහුසකම් ලබාදිම තමයි වැදගත් වෙන්නේ.

ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ  ශ්‍රි පුඤ්ඤසාර සමරු සදහම්පාය  විවෘත කිරිමෙන් පසු  මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.



අදහස් (12)

විදුලි අර්බුදයට හේතුව මණ්ඩලයේ මාෆියාව

පිටිගල මිලානෝ Sunday, 23 January 2022 03:26 PM

මාෆියාවක් ඉහළ සිට පහළටම විදුලිබල මණ්ඩලේ තියෙනවා. මෙහි සියලු සේවකයින් අධික වේතනයන් ලබනවා. නමුත් වර්තමාන විදුලි අර්බුදයට හේතුව සාටකයින් හොරාකාපු නිසා තෙල්ගන්න ඩොලර් නැතිකමයි. අනෙක් හේතුව මෙතරම් හිරුට නිරාවරණය වී සුළඟට නිරාවරණය වූ ලංකාවේ එම ශක්තිය ග්‍රහණය කරගැනීමෙහි විධිමත් යටිතල පහසුකමක් කුමක් හෝ හේතුවකට තවමත් සම්පාදනය නොකිරීමයි.

:       8       37

යෝගා Sunday, 23 January 2022 03:49 PM

විසඳුම පුනර්ජනනීය බලශක්ති භාවිතය 70%ක් දක්වාවත් වැඩි කිරීමයි. ඵ්කට විදුලි මාෆියාව විරුද්ධ ඇයි කියලා පැහැදිලියිනේ...

:       0       38

sunilSunday, 23 January 2022 04:57 PM

පැහැදිලිවම... මොකද හොරා කන්ට බෑනේ...

:       0       20

RaveendraSunday, 23 January 2022 05:09 PM

ඔබගේ අදහස් පිළිබඳව අප බලවත් ලෙස කණගාටු වන්නෙමු... ලෝකෙට විදුලිය හොයාගත්ත, විදුලියේ කෙළ පැමිණි උගත්, බුද්ධිමතුන් ලංකාවේ පමණමයි සිටින්නේ. එමෙන්ම ඒ උගතුන් බෑ.. බෑ.. කිව්වොත් බෑම තමයි. අනික අපේ රට පිහිටා තිබෙන්නේ මාස 6ක් උත්තරධ්‍රැවයේ... අනිත් මාස 6ම දක්ෂිණත් ධ්‍රැවයේ. ඉතින් කොහෙන්ද සූර්යාලෝකය ලැබෙන්නේ? ඒකත් වෙනත් රටකින් ආනයනය කරන්න වෙන්නේ.. ඒ නිසාමනේ මේ උගත්, තක්කඩි මලපෙරේතයින් සූර්ය බලශක්තිය අපේ රටට ගැලපෙන්නේ නැහැ කියන්නේ... හැබැයි මාසය අවසානයේ කෝ මගේ වැටුප? සියලු අතිකාල, අර දීමනා, මේ දීමනා හරියට තියෙනවද...? ඒවා හොඳින් බලන්න පුළුවන්.. මෙම අදහස් විදුලි බලමණ්ඩලයේ "ඉහළ එකාගේ සිට පහළම එකාට" වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...!!! 

:       5       23

Prabha Sunday, 23 January 2022 11:01 PM

සුළඟින් කොමිස් ඉල්ලන්න පුළුවන් වුණුදාට අනුමත කරාවි.

:       0       2

කිරි පුතා Sunday, 23 January 2022 04:39 PM

විදුලි බල මණ්ඩලය පමණක් නොවෙයි අටේ ප්‍රධාන ආයතන රාශියකම ඇත්තේ හැකි උපරිමයෙන් හොරා කන සේවකයින්. ඒ සඳහා උගත්කම් බලපාන්නේ නෑ. හැන්ද අතේ තියෙන කෙනා හොඳට බෙදා ගන්නවා. සත්ව උද්‍යානය තුළත් ළඟදී සිදුවුණේ හොරා කෑමට පුරුදු අයගේ මගඩියක්... තදබල නීති ගෙනැවිත් හෝ මේවා නිවැරදි කර නොගත්තොත් රටම හාන්සි...

:       0       24

sathyapala Sunday, 23 January 2022 05:24 PM

ඕනෙම බලයේ ඉන්න ආණ්ඩුවක් මාෆියාව පාලනය කරන්න හැදුවොත් ඒ වෙලාවේ ඉන්න විපක්ෂය මාෆියාවට සහාය දෙනවා, දේශපාලන වාසි වෙනුවෙන්... අවසානයේ අනෙක් සියලු දේ වගේම සියලුම දේශපාලකයින් නිසා රටේ ජනතාව දිනෙන් දින කබලෙන් ලිපට වැටෙනවා. විදුලිබලේ තමන්ගේ හයිය පෙන්නලා ඉහළ පඩි ගන්නවා, දොස්තරලා තමන්ගේ බලය පෙන්නලා ඉහළ පඩි විතරක් නොවෙයි තමන්ගේ දරුවන් හොඳම පාසලට දමා ගැනීම, බදු රහිත වාහන ආදිය දිනා ගන්නවා. නීතීඥයින් හයිය පෙන්නලා රිසිට් පතක්වත් නොදී හිතූ ගණන් මිනිසුන්ගෙන් සල්ලි ගන්නවා.., නඩු කල්දාමින් ගරනවා, කිසිඳු ආදායම් බද්දක් ගෙවන්නේ නෑ. පොලිසිය ඕනෑම මිනිහෙක්, හොරෙක්, කුඩුකාරයෙක් කරලා මරා දමනවා. ඔය කවුරුත් හිතන්නේ නෑ දවසක මගේ දරුවා මම කරන මේ දෙයින්ම බැට කනවා කියලා... දොස්තරගේ දරුවා දොස්තරවත්, පොලිස්කාරයාගේ දරුවා පොලිස්කාරයෙක්වත් වෙන්නේ නෑ. ඔවුනුත් කවදා හරි මේ රටේ විනාශයට අසුවෙලා දුක්විඳලා මිය යනවා. සමහර විට පොලිස්කාරයාගේ දරුවා පොලිස්කාරයෙකුගෙන්ම හෝ දොස්තරගේ දරුවා දොස්තර කෙනෙකු අතින්ම මියයනවා...

:       0       25

RaveendraSunday, 23 January 2022 09:14 PM

ඔබ විසින් සඳහන් කර ඇත්තේ අප රටේ පවතින පරම සත්‍ය බවත් මෙතෙක් කල් අප රටේ බිහිවුණු සියලුම කාලකන්නි විපක්ෂ කළ දෙයම දැන් විපක්ෂයේ ඉන්න මීහරකුන් ක්‍රියාකරන බව ඔවුන්ගේ පක්කලියන් කිසිවිට පිළිනොගන්නා කාරණයකි... එසේම මේ සියලුම රජයේ සේවකයන්ගේ නොහොබිනා තුප්පහි ක්‍රියා කිසිදා අප රටෙන් තුරන් නොවෙනු ඇත. ඒ තරමටම අප රටේ සියලුම දේශපාලුවන් සහ වෘත්තීකයින් ඉතාමත්ම පහත් මට්ටමේ ඉන්නා කාලකන්නි රැලකි.

:       0       1

fairoos Sunday, 23 January 2022 05:33 PM

මේ ආණ්ඩුවට හැම එකටම මාෆියා තියෙනවා. නැතිනම් කොරෝනා ඊ 2 විතරයි. ඒත් මම බැලුවා ඇයි මෙතුමා කලබල වෙන්නේ..?

:       7       2

ගොවිරාළ Sunday, 23 January 2022 07:31 PM

ඔබතුමා කියන්නේ එක කාරණයක් පමණි. තවත් එකක් මම කියන්නේ... විද්‍යාත්මකව බලශක්තිය නැමැති කුඹුරට හාන්න දාලා තියෙන්නේ එළ හරකෙක් සහ මී හරකෙක්... ඉතින් හරක් දෙන්නා දෙපැත්තට අදිනවා.

:       1       9

Yugantha yukthika Monday, 24 January 2022 02:17 PM

සෞභාග්‍යයේ දැක්ම නම් මරු .රට රකින අපේ විරුවා

:       0       1

Ranjith Monday, 24 January 2022 11:59 PM

සිරිසේන මහත්තයෝ ඇයි ඔයාට කරන්න බැරිවෙලා දැන් කියවන්නේ? ඔයත් අවුරුදු හතරහමාරක් මේක කෑවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා
2025 මාර්තු මස 22 773 0

මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


අයවැය⁣ට කථානායක සහතිකය
2025 මාර්තු මස 21 419 1

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
2025 මාර්තු මස 21 1743 6

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.


කප්පම් කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2025 මාර්තු මස 21 1154 0

සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප


ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
2025 මාර්තු මස 21 1766 8

ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි


නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්
2025 මාර්තු මස 21 1455 0

රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 50 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 491 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1095 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site