IMG-LOGO

විදුලිය දෙන ව්‍යාපෘති යටගහලා

 

දයාසීලි ලියනගේ

රාජ්‍ය ආයතන සතුව ඇති මෙගාවොට් 200 ක විදුලි ජනන යන්ත්‍ර යොදා ගැනීමට අවසරය හා මෙගාවොට් 1400 ක් සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමට ඉල්ලුම් කළ 650 දෙනාට එම අවස්ථාව ලබාදී තිබුණා නම් කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව තිබූ බව වාර්තා වේ.

ජල සම්පාදන මණ්ඩලය සතුව මෙගාවොට් 35 ක, වරාය සතුව මෙගාවොට් 16 ක, ආරක්ෂික අංශ සතුව මෙගාවොට් 17 ක, මහ බැංකුව සතුව මෙගාවොට් 4 ක, ලංකා බැංකුව සතුව මෙගාවොට් 5 ක , කටුනායක ගුවන් තොටුපල සතුව මෙගාවොට් 5 ක, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව මෙගාවොට් 8 ක, විශ්ව විද්‍යාල සතුව මෙගාවොට් 4 ක, රේගුව සතුව මෙගාවොට් 4 ක ආදී වශයෙන් මෙගාවොට් 200 ක විදුලි ජනනයක් රාජ්‍ය ආයතනය සතුව ඇති අතර හිලව් පදනම යටතේ මේවායෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබාගැනීමේ හැකියාව ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා කීය.



අදහස් (10)

විදුලිය දෙන ව්‍යාපෘති යටගහලා

Thilina Sunday, 07 April 2019 08:23 AM

හදපු බලාගාරයකුත් නැහැ ..කයිවාරු ගගහ ඉඳලා අන්තිමට මුලු රටම අඳුරේ තිබ්බා..... කලින් ආණ්ඩුවට බැන බැන ලෑස්ති වුනේ හොරා කන්න තමයි

:       39       527

රවින් Sunday, 07 April 2019 08:25 AM

එහෙම කලොත් උන් කියාවි කොමිස් නැතෙයි බන් ........... කොමිස් නැතෙයි බන්.......

:       1       153

චමින්ද Sunday, 07 April 2019 09:47 AM

මෙවැනි තොරතුරක් ඉදිරිපත් කිරීමේදී මේ ව්‍යාපෘති යටගැසුවේ කවුද? කවදාද? ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කල නොහැකිද? මහජන උපයෝගිතා කොමිෂමේ කාර්ය භාරය කුමක්ද? යන තොරතුරුත් සමග ඉදිරිපත් කල නොහැකිද? තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනමාධ්‍ය මගින් ජනතාවට තොරතුරු දිය නොහැකිද?

:       1       88

BamunuarachchiMonday, 08 April 2019 07:39 AM

හලෝ මේ ආණ්ඩු දෙකම කොරන්නේ ජනතාවට පෙනෙන්න අන්දරේ කෙරුවා වගේ උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියමින් ජනතාවට උන් පස් කන බව පෙන්වා අපේ සම්පත් කෑමයි. හැබැයි මහින්ද මහතා ලක්විජය ( නොරෝච්චිකොලේ ) බලා ගාරය වත් නොකෙරුවානම් අද අපි කට්ට කරුවලේ නේද? සාම්පූර් බලා ගරයත් කොරන්න දුන්නානම් අපි ගොඩ නේද. මුන් පරිසර දූෂණයක් කතා කොරලා සාම්පුර් බලාගාරය නැවැත්තුවා. ඒ වුනා ට හම්බයින්ට විල්පත්තුව කපන්න දුන්න. දැන් අපිට සාම්පුර් බලාගාරෙත් නැහැ වැස්සත් නැහැ. 2020 දී මුන් ව පයින් ගහලා දොට්ට දමන්න ඕනේ.

:       1       0

Saman Sunday, 07 April 2019 10:03 AM

ජල සම්පාදනයේ මෙගා වොට් 35ක් විදුලි ජනක යන්ත්‍ර තියාගෙනද කොළඹට විදුලිය කපපු ගමන් එයාලගේ ජලය බෙදා හැරීම නවතින්නේ...?

:       21       48

nihal dharmatileke Sunday, 07 April 2019 05:05 PM

විදුලිය නොදුන් අය විදුලි වේගෙන් ගෙදර යවන එක හැර මොකටද තියන් ඉන්නේ.

:       0       13

Kumar Sunday, 07 April 2019 06:22 PM

කුඩා විදුලි ජනක යන්ත්‍ර තිබුනාට ඒවා හිතුමතේට විදුලි පද්ධතියට සම්බන්ධ කල නොහැක. මෙගා වොට් 1400ක ධාරිතාවක් නිපදවන්න සුලන් මෝල් සිය ගණනක් අවශ්‍ය වේ. ඒ වැනි දෙයකින් උපරීම ප්‍රයෝජයක් ලබාගැනීමට නම් තද සුළං හමන විට ජල විදුලි නිෂ්පාදනය අඩුකිරීමට සිදුවේ. මම දන්න තරමින් ඒ වැනි දෙයක් කළහැකි අය විදුලිබල මණ්ඩලයේ හිඟ බව සිතන්න.

:       69       7

RasikaSunday, 07 April 2019 11:40 PM

කුමාර තව හොයල බලන්න විස්තර , ඕස්ට්‍රේලියාව වගේ රටවල ගෙවල්වල සවිකරන කුඩා සූර්ය ජනන වල විදුලියත් ජාතික විදුලි ඒකකයට එකතු කරනවා ...

:       0       20

නිමන්තMonday, 08 April 2019 02:17 AM

කුමාර් කොමිස් කාපු ඉන්ංජිනේරුවෙක් වගේ. කුමර් ඔය තොරතුරු අපේ හිතේ මැවෙන මනෝ විකාර නෙමෙයි විදුලිබල මන්ඩලේම වැඩකරන අවංක ඉංජිනේරුවන් පිරිස තමයි ඔය තොරතුරු ලබාදෙන්නේ.

:       0       37

BamunuarachchiMonday, 08 April 2019 07:51 AM

"තද සුළං හමන විට ජල විදුලි නිෂ්පාදනය අඩුකිරීමට සිදුවේ." හේතුව පැහැදිලි කොරන්න. අපි දන්නා තරමට ජල විදුලිය නිපදවන්නේ ජලාශවල තැන්පත් කරගෙන තිබෙන ජලයෙන් මිසක් එදිනෙදා වසින වැසි ජලයෙන් නොවෙයි. එදිනෙදා වසින වැසි ජලය එකතු කර ගන්නවා එය වෙනම දෙයක්. "සුලන් මෝල් සිය ගණනක් අවශ්‍ය වේ." ඔව් ඇත්ත අන්තර්ජාලයට ගොස් සුලන් මෝල් වලින් විදුලිය නිපදවන ප්‍රදේශ බලා ගන්න . නමුත් සමහර ෆාර්ම් වල තමන්ගේ වැඩකටයුතු කර ගැනීමට තනි "වින්ඩ් මිල්" හෙවත් සුලන් මෝල් සවිකර ගෙන ඇත. එමගින් නිපදවන විදුලියෙන් එම ෆාර්ම් වල වැඩකටයුතු කරගනු ලැබේ. ගෙදර ඉස්සරහ පිල්ලෙන් වැටෙන වතුරට බයිසිකල් ඩයින මොවක් සවිකර ගත්තොත් ළමයින්ට පාඩම් කිරීමට කුප්පිලාම්පුවකට වැඩි එළියක් ලබා ගැනීමට පුළුවන් කියා සිතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1206 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site