(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට පියවර නොගන්නේ නම් අනිද්දා (5) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබෙන බව ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට වතු සේවකයින් මුහුණ පා ඇති අර්බූදකාරි තත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (3) කැඳවා තිබූ සාකච්ඡාවකදී එම සම්මේලනයේ මහ ලේකම් එස් රාමනාදන් මහතා පැවසීය.
රුපියල් දහසක් ඉල්ලූ වතු සේවකයින්ගේ වෘත්තීය සමිති සමඟ කළ සාකච්ඡාවේදී පොරොන්දු වූ ඇතැම් කරුණු ඉවත්කර අත්සන් තබා ඇති ගිවිසුමෙන් වතු සේවකයින්ට දුන් පොරොන්දු අමතක කිරීම මෙම විරෝධයට හේතුවන බව වතු ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලන කියයි.
එහි පැවති එකඟවිය නොහැකි කරුණු හේතුවෙන් තම වෘත්තීය සමිතිය එම ගිවිසුමට අත්සන් නොකළ බව සඳහන් කරයි.
රුපියල් 140/- ක් වන සේවක අර්ථ සාධක මුදලද සමග රුපියල් 750/- ක වැටුපක් ලබා දෙන බවට ගිවිසුම් අත්සන් කළද සැබවින්ම වතු සේවකයාට ලැබෙන දෛනික වැටුම වැඩිවී ඇත්තේ රුපියල් 25 කින් පමණක් බවත් රාමනාදන් මහතා කීවේය.
වතු සේවකයින්ගේ ඉල්ලීම සාධාරණ බව පුවත්පතකට පැවසූ ඇමති නවින් දිසානායක මහතා ගිවිසුමට අත්සන් තැබීමේදී වතු සේවකයින්ට දුන් පොරොන්දු අමතක කිරීම සාධාරණ වන්නේ කෙසේ දැයිද වතු සේවකයකු ප්‍රශ්න කරන බව රාමනාදන් මහතා වැඩි දුරටත් පැවසීය. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීරි අලින්ට වීණා වයලා වැඩක් නැහැ.
225 එක දවසක්... වතු කම්කරුවෝ කරලා බලන්න.
ඕවා කරලා වැඩක් නැහැ. පොරොන්දු වුණු දේශපලකයෝ ගෙදර යනතුරු...