(අජන්ත කුමාර අගලකඩ)
වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණය තෛපොංගල් දිනය යෙදී ඇති හෙට (15) දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙන බව පැවසේ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී දුන් ඡන්ද පොරොන්දුවක්ද විය.
COMMENTS
ජයවේවා අපේ ජනාධිපතිතුමාට... රට හොඳඅතට යනකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්...
ඇයි ජනවාරි පළවෙනිදා ඉඳන් දෙනවයි කිව්වනේ. ඒකයි අපි ඡන්දෙ දුන්නේ කමක් නෑ. ඒත් ඉතින් සජිත් මහත්තයට දුන්නා නම් 1500/- දෙනවා...!
ඉතාම හොඳ වැඩක්. ඒ වගේම කම්කරුවොත් රැකියාව හරියට කරලා වතු රැකගන්න ඕනේ. කිසිම කෙනෙක් වතු පාඩුවට කරගෙන යන්නේ නැහැ දිගටම. රුපියල් 1000 ට කඩන්නේ තේ කිලෝ 18ක් වුනොත් එතනම රුපියල් 55ක් වෙලා. වතුහිමියා තව කොතෙක් වත්තේ නඩත්තුවට වියදම් කරලද කිලෝවට රුපියල් 80 ක් 85 ක් ගන්නේ... පොහොර යෙදීම්, නෙලීම, අලුතෙන් තේ හිටවීම, අර්ථ සාධක ගෙවීම, අනෙකුත් කාර්යමණ්ඩලවලට කරන ගෙවීම්....