( තිළිණි ද සිල්වා)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන ඔවුන් සංක්‍රමණය වන රට අනුව කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව එම කාර්යාංශය කියා සිටී.
ඒ අනුව විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 16,416ක මුදලක් අය කරගන්නා අතර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන පුද්ගලයින් රැකියා සඳහා පිටත්ව යෑමට පෙර ඔහු ගමන් කරන රට අනුව අදාළ එන්නත ලබාදීමට පියවර ගන්නා බවද . එම කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසීය.
ගාස්තු අය කිරීමකින් තොරව ශ්‍රමිකයෙකුට එම ලියාපදිංචිය කාර්යාශයට ලබා දිය නොහැකි බවත් , එසේම රැකියා සඳහා යන බවට තහවුරු කිරීමක් නොමැතිව ශ්‍රමිකයින් එන්නත්කරණය සදහා යොමු කළ නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
පළවෙනි එක ගැහුවේ ගිය මාසේ 28.. ආමි හොස්පිටල් එකේ. එතැනදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ඉල්ලුවේ නැහැ. එහෙම කොන්දේසියක් නැහැ. දැන් දෙවෙනි මාත්‍රාව මේ මාසෙ 29 තියෙන්නේ. දැන් තමා කියන්නේ ලියාපදිංචිය අත්‍යාවශ්‍යයි කියලා. මේක හතර බීරි කතාවක්. එක්කෝ කලින් කිව්වා නම් අපිට මෙහෙ සල්ලි ගෙවලා ඉන්ජෙක්ෂන් නොගහා කෙලින්ම අදාල රටින් නොමිලේම ගහගන්න තිබ්බා. මේ රටේ එක ප්‍රතිපත්තියක් නැහැ. ඒ තරම් කාලකන්නි වෙලා...
ෆැමිලි වීසා එකෙන් යන අය බියුරෝ ගෙවන්නේ නැහැනේ... එතකොට එයාලට එන්නත්වලට ඉල්ලුම් කරන්න බැරිද?
මේ කියන්නේ රටට විදේශ විනිමය ගේන්න රට රස්සාවකට යනවනම් සල්ලි ගෙවලා යන්න කියලානේ ?ඔය සාමාන්‍යාධිකාරිගේ පඩිය ගෙවන්නත් එක්කල තමයි මේ රට යන මිනිස්සු සල්ලි හොයන්නේ කියලා වත් තේරෙන්නේ නැතිද ?
සියලු දෙනාට නොමිලේ දෙන එන්නත, රට වෙනුවෙන් විදෙස් විනිමය උපයන්න යන පිරිසට නොමිලේ දෙන්න බැරි ඇයි..? විදෙස් සේවා කොන්ත්‍රාත්තුව තහවුරු කර ගැනීම ප්‍රමාණවත් නැත්ද?
මම තමයි හොඳටම කළේ... අපි ගහන්නේ හොඳම අයට ෆයිසර්... මැද පන්තියේ අයට අැස්ට්‍රා සෙනෙකා. 3 වෙනි පන්තියේ අයට සයිනොෆාම්... රට යන අයට කරන්න දෙයක් නැති හින්දා හොඳ එකක් ගහන්නම්.. හැබැයි සල්ලි ගෙවලා ගහපල්ලා. අපිට බදු සල්ලි නුඹලා වෙනුවෙන් වියදම් කරන්න බෑ. අපිට කරන්න වැඩ තියෙනවා. පාරවල් දහන්න සල්ලි ඕනෑ..
ඔන්න එකනුත් කොමිස් ගහන්න හදා ගත්තා. පව් මේ දුපතේ මිනිස්සු.
විදේශිකයන්ට එන්නත විදගන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනමෙන් ඉල්ලමි.
නැවත වතාවක් පාස් සර්...
මම සයිනොෆාම් අරගෙන තියෙන්නේ .මම සෞදි යන්න ඉන්නේ .මට වෙනත් එන්නතක් ගන්න ඕන .සෞදියට සයිනොෆාම් ගන් නෑනේ .මොකද්ද කරන්න ඕනේ ?