IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ලංකා අයි.ඕ.සී. පෙට්‍රල් මිල රුපියල් පහකින් අඩු කරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී.) ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව ලංකා අයි.ඕ.සී. සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් දක්වා අඩුවනු ඇත.

ලංකා අයි.ඕ.සී. සමාගම ඉකුත් දා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගෙන තිබිණි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 137කි. 

055



අදහස් (8)

ලංකා අයි.ඕ.සී. පෙට්‍රල් මිල රුපියල් පහකින් අඩු කරයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 02:56 PM

හෙලෝ.., IOC.. නිකං කිච නොවී ඒ මිලේම හිටියා නම් ඉවරයිනේ.. නැද්ද මං අහන්නේ..?

:       0       18

රුවන් Friday, 22 May 2020 03:04 PM

ඊයේ වැඩිකරපු මිල අද අඩු කරයි කියලා දැම්මා නං තවත් හොඳයි.

:       0       1

Asanga Friday, 22 May 2020 04:23 PM

මේගොල්ලෝ නාටක රඟදක්වනවා...මේවට නීති නැද්ද දඬුවම් කරන්න...?

:       0       1

Hafeel Friday, 22 May 2020 05:09 PM

එතකොට මේ මිල අඩුකිරීම ඇමති දන්නවා ඇති. මොකද්ද මිල අඩුකිරීමක් නේ... මිල වැඩිකිරීම එයා දන්නේ නැහැ.

:       0       0

අතපත්තු Friday, 22 May 2020 05:16 PM

ලංකාවේ ඉන්ධනහල් පවත්වාගෙන යන ඉන්දීය සමාගමක පෙට්‍රල්වල 95 පැවතිය යුතු ඔක්ටේන් අගය 88 මට්ටමේ තමයි පවතින්නේ. 92 මට්ටමේ ඔක්ටේන් පරීක්ෂාවට ලක්කර නෑ. ඒ අගය මීටත් වඩා අඩු විය යුතුයි. මේ පෙට්‍රල් වාහනයට යෙදීමේදී මේ ගැන සැලකිලිමත් වෙන්න.

:       0       0

Bamunuarachchi Saturday, 23 May 2020 02:00 AM

කෝ අර දැවිල්ල අරන් කෑගහපු ටෙලිෆෝන් ලොක්කා? බිස්නස් එකේ රැඳී සිටින්න ඕනේ නම් ඉන්දියන් සමාගම ඔය දේ කළයුතුයි.

:       1       0

ධම්ම Saturday, 23 May 2020 02:30 AM

දැන් ඉතින් අයි.ඕ.සී. එකට පාඩු ඇතිනේ..? අකුලාගෙන ආපසු යයිද මන්දා...

:       0       0

Prabha Saturday, 23 May 2020 09:41 AM

මිලෙහි වෙනසකුත් නැතිනම් ඒ අයගෙන් නොගෙන ඉන්න එකම තමයි හොඳ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 797 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site