(නිමන්ති රණසිංහ)
බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස හත් වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වේ මූල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇමැති රවී කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිය මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය.
මීට අමතරව ලබන 26 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායකට නියෝග කළාය.
ග්ලෝබල් ටාන්ස්පොටේෂන් සමාගමට අදාල අනෙකුත් ලියැකියැවිලි ලබන 25 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස එහි විධායක අධ්‍යක්ෂිකා ඔනෙලා කරුණානායක මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ බැඳුම්කර වංචාව ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ බොරු සාක්කි ලබා දුන්නේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලොකු විහිලුවක්. කාරක සභාවේ රවී ප්‍රශ්න කරන්නේ බෝම්බ ප්‍රහාරය පිළිබඳව. දැන් රවීගෙන් ප්‍රශ්න කරන්නේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන්.
හැමදාම එක්කෝ පොලීසියේ නැත්නම් උසාවියේ ...... හිරේ ගියපු කෙනෙක් නම් නැත...
හැමදාම යනවා ගිහින් සතුටු සාමිචියේ යෙදිලා එනවා
ලංකාවේ ඔහොම තමයි.....
දැන් මෙයාට මතක නැති ලෙඩේ හොඳයිද දන්නේ නැහැ.
කාවද මේ රවටන්න හදන්නේ.