
සියලුම රුසියන් ගුවන් යානාවලට තහංචි පනවන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකානු රජයනේ ඉල්ලා ඇත. කෙසේ නමුත්, ඇමෙරිකාව පවසා ඇත්තේ එසේ තහංචියක් පැනැවීම කළ නොහැකි බවය.
යුක්රේන ජනාධිපති සෙලෙස්කී මෙසේ ඉල්ලා සිටියේ, මේ වනවිට රුසියන් ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් දිගින් දිගටම යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙනි.
ගතවුණු දින 5 ක කාලයේ රුසියානු හමුදා යුක්රේනයට එල්ල කර ඇති කෲස් මිසයිල ගණන 113 ක් බවත්, රොකට් ප්‍රහාර ගණන 56 ක් බවත් යුක්රේන ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd