IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රන්ජන්- එෆ්.සී.අයි.ඩී හිටපු අධිපති අතර කතාබහක් තවත් හඬ පටයකින් එළියට

( +++ ඉන්දිකා රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවී වෛද්‍යලංකාර මහතා සමඟ පැවැත්වූ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් ඇතුළත් හඬපටයක් පෙරේදා (11) සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඇප ලබා නොදෙන ලෙසත් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළ බී වාර්තාවක පිටපතක් ලබා දෙන ලෙසත් රන්ජන් රාමනායක මහතා රවී වෛද්‍යලංකාර මහතාගෙන් ඉල්ලා සිටීම මෙම දුරකතන සංවාදයේදී අසන්නට ලැබිණි.

මෙම හඬපටයත් සමඟ රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපට 30කට ආසන්න ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වී තිබිණි.

 රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග පැවැත්වූ දුරකතන සංවාද අඩංගු හඬපට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඇතැයි පැවැසේ.

 කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (4)

රන්ජන්- එෆ්.සී.අයි.ඩී හිටපු අධිපති අතර කතාබහක් තවත් හඬ පටයකින් එළියට

Mahee Monday, 13 January 2020 09:46 AM

ආණ්ඩුව ඉතාම අලංකාරව සැලසුම් කරනවා මේක. අර ටෙලි නාට්‍යවල කොටස් වගේ කෑල්ලෙන් කෑල්ල කොටස් වශයෙන් පළකරනවා. පසුබිමේ ඉන්න ශුද්ධවන්තයෝ ඒකෙන් හොඳට ප්‍රයෝජන ගන්නවා. එක අතකට තමන් රහසේ කල කතා බහ රෙකෝඩ් කරලා ඒ මදිවට හාඩ් ඩිස්ක් වලටත් ගබඩා කරපු රන්ජන් ගැලපෙන්නේ පාර්ලිමේන්තුව වැනි ගවගාලකටම තමයි. දැන් එයත් අමාරුවේ, ගජමිත්‍රයෝ ටිකත් අමාරුවේ.

:       63       66

sirimal Monday, 13 January 2020 10:00 AM

මේ හඬපට හුටපට අස්සේ අර ඡන්ද දවස්වල කිව්ව පොහොර නොමිලේ දෙන කතා, බඩු මිල ජීවන වියදම වගේ දේවල් ඉහල යන ඒවා දැන් කාටවත් මතක නැහැ වගෙයි පෙනෙන්නේ. කරපු වැරදි වලට නඩු වැටුන හමුදාවේ හිටපු කට්ටියටනම් නිදහස ලැබිල තියෙනවා නියමයි.

:       155       251

කපුරුහාමි Monday, 13 January 2020 12:25 PM

දැන් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය මේක තමා. ඡන්දෙට කලින් ජනතාව අන්දවපු හැටි ඔය දේශපාලුවන්ට මතකවත් නැහැ වගේ............................

:       0       7

Devinda Uduwara Monday, 13 January 2020 02:17 PM

මේවා පටිගත කිරීම සදාචාරාත්මක නෑ. ජනතාවට පෙන්වීම විකෘති වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site