
(ඩයනා උදයංගනී)
සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.
රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයෙන් ඔහුගේ බඩුමුට්ටු ඉවත්කරගන්නා ලෙස මේ වන විට දැනුම් දී ඇති අතර ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය ලබන 20 වැනිදායින් අවසන්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
එබැවින් ඔහුට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අද (15) එක්වෙමින් පවසා ඇත.
රන්ජන් රාමනායක මහතා තම සමීප මිතුරකු බවත් මෙවන් මොහොතක නැති මිතුදම් හා මනුස්සකම්වලින් පලක් නොවන බවත් චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
රාමනායක මහතාට නිදහස් වී පැමිණි දිනක මෙම නිවසේ පදිංචි වී ඔහුගේ කටයුතු ඉදිරියට කරගෙනයාමට හැකි බව ද ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වඩා හොඳයි.. ඔය ගේ විකුණලා ඒ සල්ලිවලින් නැතිබැරි හිසට වහලක් නැති මිනිස්සුන්ට ගෙවල් 10ක් විතර හදලා දෙනවා. ලොකුම පිනක් ඒක...
ඉතාම අගය කරනවා... නමුත් හිරේ ඉන්න කෙනාට ගෙවල් අවශ්‍ය නැහැ.
තුනම දුන්නත් අපිට කමක් නැහැ. අපිට ඇති රුදාව මොකක්ද?
අපි මොනවා කියන්නද? නැති බැරි සහ ඇති හැකි...
මට හිතුනේ වෙන දෙයක්...!
මේ ගොයියත් අන්තිමට පාර්ලිමේන්තුවේ නතර වුණත් පුදුම වෙන්න දෙයක් නෑ.
එක ජාතියේ කට්ටියනේ....
ඔක්කොම එකම ඩයල් තමයි...!!!
මනුස්සයෙක් හිතේ ශ්‍රද්ධාවෙන් දානයක් දුන්නත් බල්ලන් බුරන තත්වයකුයි දැන් මේ රටේ උදාවෙලා තියෙන්නේ....
මොනවා වුණත් රංජන් ජනතාවගේ ඡන්දයෙන් හොරකම් නොකරපු කෙනෙක්.. තමන්ගේ දේත් මිනිස්සුන්ට දුන්නු කෙනෙක්... කරපු වරද මහ අයගේ සැබෑව ප්‍රසිද්ධියේ හෙළිකිරීම... එය වරදක්ද? එහෙම කෙනෙක් අසරණ වෙලා හිරෙ ඉද්දී චන්දිමාල් කරන්නේ විශිෂ්ඨ උපකාරයක්...
දැන් ඉතින් ගෙදරම ඉන්න පුළුවන්...
කොහොමත් 69 බයියන්ට ඇඩ්‍රස් නැතිවෙලානේ ඉන්නේ... ඒක නිසා හොඳ මනුස්සයෙක්ට පිනට දෙන එකටත් හරි අමාරුයි... බයියො තමයි..
දේශපාලනයෙන් හම්බ නොකර ඇත්ත කතා කළ ඔහුට කරන මේ උපකාරයට බොහෝම ස්තුතියි..!
ඊට වැඩිය හොඳයි අර අපේ සල්ලි හොරකම් කරලා හදපු, දැන් අයිතිකාරයෙක් නැති දෙනියායේ මාලිගාවෙන් කෑල්ලක් දෙමු.
හොඳට ගැලපෙන අය ඒ ඒ අයට උදව්කර ගන්නවා. මේක දානයක් කියලා සමහර වහල්ලු වගයක් අර්ථකථනය කරනවා.
රන්ජන් කියන්නේ සමහර දූෂිත දේශපාලුවන් වගේ ජනතාව ගසාකාපු හොරෙක් නෙවෙයි. දන්නෝ දනිති. එවැනි කෙනෙකුට උදව් කරන්න කවුද අකමැති...?
චන්දිමාල් ඔබ හොඳ මිතුරෙක්...!!!
තමන්ගේ පුද්ගලික දෙයක් අනුන්ට හිතවත්කමට, හෝ පිනට දෙන්නේ චන්දිමාල් හම්බකරපුවා හා එයාගේ මහන්සියෙන්... ඒවාට ගරහන්නේ 69 ලක්ෂයේ කුහක ගල්බමුණෝ... ඡන්දෙ දීලා අද ඉන්නේ ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ. මැදමුලනින් කරන හැම දේම හරියි කියන්නේ මේ වගේ මෝඩ හරක්...
ඉතාම හොඳ වැඩක්... රංජන් කියන්නේ අවංක හිතහොඳ මිනිහෙක්. ඔහු මිනිස්සු වෙනුවෙන් වැඩ කළා. කතා කළා. හොරෙක් වුනේ නෑ. විභාග පාස්වෙන්න උත්සාහ කළා මිස කොන්ත්‍රාත් කරන්න උත්සාහ කළේ නෑ. ඔබ කරන දේ ඔබට තියෙයි. කොහොමත් අපි රන්ජා ගැන බලාගන්නවා. ඔහු ඉක්මණින්ම එළියට ඒවි. එදාට ඔබත් වීරයෙක් වේවි...!!! මෝඩ බයියන් කියන දේවල් ගණන් ගන්න එපා...
චන්දිමාල් කොහොමත් ඡන්දේ ඉල්ලනවා කියලා තියෙනවා.. ඉතින් ඒකට සුදුසුකම් සපුරා ගන්නවා දැන්ම ඉඳලා... ඊට පස්සේ අවුරුදු 05ක් පාර්ලිමේන්තුවේ .. පෙන්ෂන් එකක් ජීවිත කාලයටම... තවත් මොනවද? ලංකාවේ සිස්ටම් එක.. එතුමාගේ හැකියාව ...
විජේ කුමාරතුංගට මොකද වුණේ? ඒ වගේ හොඳ මිනිස්සුන්ටම තමයි මේ රටේ හැම කරදරයක්ම...
පුතාණෝගේ ආර්යාවට කියලා... ජනසවියත් හදලා දෙමු...
එක වල්ලේ කලටිනේ...!!!