IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක්

තුසිත කුමාර ද සිල්වා

ඇඳිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාතේ කළුතර කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු සහ නිරෝධායන කාර්යයන් වෙනුවෙන් වසා දමා තිබූ ප්‍රදේශවල ජනතාවට රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට අවස්ථාව හිමි නොවීම හේතුවෙන් මැයි 11 අද සිට මැයි මස 29 වනදා දක්වා අතිරේක සහන කාලයක් ප්‍රකාශ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව කල් ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා අද සිට දිවයින පුරා සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා විවෘතව ඇති බවත් ගෙවීම් කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

මෙම සහන කාලය පසුගිය මාර්තු මස පළමුවන දින හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩමුදල් රහිත ගෙවීම් සිදුකළ හැකි අතර පෙබරවාරි මස 16 වන දින සිට පෙබරවාරි මස 29 දක්වා නිකුත් කර ඇති දඩ පත්‍රිකා සම්මත දඩ ගාස්තුව සහිතව ගෙවීම් සිදු කළ හැකි බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රධාන තැපැල් කාර්‍යාලය ප්‍රකාශකයකු වැඩිදුරටත් සඳහන් කරයි.
 



අදහස් (2)

රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක්

Mahesh Sunday, 10 May 2020 10:54 AM

මේ දඩ ගෙවන එකට දැන්වත් නූතන තාක්ෂණය භාවිතා කරන්න. තාම යල් පැන ගිය තැපැල් ක්‍රමේ භාවිතා කර කර ඉන්නේ නැතුව. අන්තර්ජාලය හරහා වගේම දුරකථන හරහා මුදල් ගෙවන්න පුලුවන් කොච්චර ක්‍රම තියේද? ඒවා හදුන්වා දෙන්න. ගෙවූ සැනින් එතකොට යාවත්කාලීන වෙන්නම හැදුවා නම් කොච්චර පහසුද? පොලීසියේ අයටත් වැඩේ ලේසියිනේ.

:       0       1

de silva Monday, 11 May 2020 04:24 AM

මහේෂ් ලංකාවේ මේ තිබෙන ක්‍රම තව අවරුදු 50 කින්වත් වෙනස් වෙන්නේ නැහැ. පොලිසිය කැමති දඩ ගෙවීම සංකීර්ණ වෙන තරමට එතකොට මිනිස්සු රස්තියාදු වෙන්න අකමැති නිසා පොලිස් නිලධාරියට කීයක් හරි දීලා මාරුවෙලා යනවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 176 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site