IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


රාජ්‍ය සේවා 18ක නිලධරයෝ අනතුරු අඟවති

(හසිත රංග ගුණතිලක)
 
රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවයට ආණ්ඩුව විසින් ඉදිරි සති දෙක තුළ පැහැදිලි පිළිතුරක් ලබා නොදුනහොත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විගණන නිලධාරීන්, දේශීය ආදායම් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවාවන් 18ක විධායක නිලධාරීන් 35,000 ක් ඉතිහාසයේ දැවැන්තම වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව රජයට අනතුරු අඟවයි.       

                             
මෙම වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇති බවට ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ප්‍රචාරය අමූලික බොරුවක් යැයිද එම කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අද (22) කොළඹ පැවති සාකච්ඡාවකදී පැවසීය.       
                                
රාජ්‍ය සේවක වැටුප් ගැටලුව විසඳීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී ඇතත් මාස තුනක කාලයක සිට ඔහු එය සඟවාගෙන සිටින බවද විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය කඩිනමින් විසඳන්නැයි ජනාධිපතිවරයා අගමැතිවරයා මුදල් ඇමැතිවරයා ඇතුළු වගකිවයුතු සියලුම නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඔවුන්ගෙන් පැහැදිලි විසඳුමක් නොලැබුණු බවද කරුණාසිරි මහතා කීය.



අදහස් (5)

රාජ්‍ය සේවා 18ක නිලධරයෝ අනතුරු අඟවති

theshan Wednesday, 23 January 2019 02:56 AM

ලංකාවේ වැඩකරන ජනතාවගෙන් රාජ්‍ය සේවකියින් සිටින්නේ 30% ත් 45 % ත් අතර ප්‍රමාණයක්, එයින් වැඩකරන ප්‍රමානය ඉතාම අඩු. නමුත් වැඩි ප්‍රතිශතයක් සිටින පෞද්ගලික අංශය ගෙන සොයන්නත් කව්රුත් නැත. අපිට වැඩ වර්ජන පවා කල නොහැක. මන්ද රස්සාවට නැතිවන නිසා. එසේම ඉතාම අවම වැටුපකට අපි යම් අවස්ථාවල රාජකාරි වේලාවෙන් පසුවද වැඩ කරන අතර අතිකාල දීමන නැත. අවම වැටුපක් නැති අතර හිතුන හිතුන අවම වැටුපක් ලැබේ. කවද හෝ අපි වර්ජනය කල දවසට මේ රට නවතෙනු ඇත.

:       0       18

NuwanWednesday, 23 January 2019 07:52 AM

මේ රට ගොඩ යන්නේ රාජ්‍ය සේවයටද පුද්ගලික අංශයේ වගේ සේවකයාගේ වැඩවල ගුණාත්මකබව සහ ප්‍රමිතිය සහ කාර්යක්ෂමතාවය මනින ක්‍රමවේදයක් හදුන්වා දුන්නොත් පමණයි , මම වැඩකරන ආයතනය එහෙමයි. කටේ බලෙන් අතේ පයේ හයියේන් පඩි වැඩිකරගන්න බැහැ.

:       0       0

වසන්ත Wednesday, 23 January 2019 03:04 AM

SL1 - 4936/= SL3 -9122/= SL7 -11057/= මේ 2019 ජනවාරි මුලික වැටුප් වැඩි වීමට උදාහරණ කිහිපයක් පමණයි. ( 2015 -2019 දක්වා මූලික වැටුප් වැඩි විම SL - 19744/= SL3-36488/= SL7-44228 ) ඇයි ඔච්චරටම බොරු කියන්නේ. රාජ්‍ය සේවයේ සියළු වරප්‍රසාද ලබන ඔය කට්ටියට තවත් මොනවාද අඩු. ඉටු කරන සේවය ගැන මීට වඩා හිතුවනම් හොදයි.

:       36       29

kumara Wednesday, 23 January 2019 05:27 AM

ඇත්තටම මේ අයට වැටුප් වැඩි කරන්න ඕනද? මේ අයට වැටුප් විෂමතාවක් තියනවාද? වැටුප් විෂමතාව ඇතිවෙලා තියෙන්නේ මේ අයගේ විශාල වැටුප් හා දීමනා නිසා සාමාන්‍ය රජයේ නිලධාරීන්ට. මේ අය දැනට ලබන වැටුප හා දීමනා කොච්චරද කියල මහජනතාව දැනුවත් කළ යුතුයි.

:       14       0

Asanka Wednesday, 23 January 2019 07:49 AM

එක රාජ්‍ය සේවකයෙක් හරි එදාට වැඩ වර්ජනය කලොත් , සේවය හැර ගියසේ සලකා ගෙදර යවනවා , සත පහක් වැඩිකරන්නේ නැහැ කියල කියන්න එදා ජේ ආර් වගේ අද කොන්ද පන තියන නායකයෙක් කියාගන්න එකෙක් නැහැ , මේ ජාතියේ රටේ අභාග්‍ය.. සාමාන්‍ය මිනිසා තැලෙන්න තියන හැම අතින්ම තැලිලා ඉන්නේ. අයෙ රාජ්‍ය සේවකයෙකුට විතරක් තවත් දෙයක් දෙන්න නැහැ.

:       11       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 905 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site