(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් ලෙස කටයුතු කළ මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්ෂවරිය ස්ථානමාරු කරමින්ද, කොලොන්න රෝහලේ කාර්යභාර නිලධාරීවරිය සිටියදී වෙනත් නිලධාරිනියක එම රෝහලට මාරු කර එවීමද අවලංගු කිරීමට අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (14) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි.
මහරගම අපේක්‍ෂා රෝහලේ සහ කොළොන්න ප‍්‍රාදේශීය රෝහලේ වෛද්‍ය ස්ථානමාරු අවලංගු කර මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව වනවිට තිබූ තත්ත්වයට පත් කිරීමට මැතිවරණ කොමිසමට පැය 48ක කාලයක් ලබාදෙන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා බ‍්‍රහස්පතින්දා සිට රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික් දෙකේ වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
මෙම ස්ථාන මාරු අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසම විසින් කළ නියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ලේකම් පිළිනොගන්නා බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.
මේ සම්බන්‍ධයෙන් යළි මැතිවරණ කොමිසම දැනුවත් කළ බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ඔවුන්ගේ ඉල්ලීම අනුව පැය 48ක කාලයක් මෙම ගැටලුව විසඳීමට අවස්ථාව ලබාදෙන බව ද කීවේය.
මෙම ස්ථානමාරු අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසම දෙවන වරටත් සෞඛ්‍ය ලේකම්වරියට ලිඛිතව දන්වා යැවීමට කටයුතු කරන බවට පොරොන්දු වූ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසුවේය.
කෙසේ වෙතත් මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර තිබූ අවස්ථාවේ තත්ත්වයට බදාදා සවස් වනවිට පත් කිරිමට අපොහොසත් වුවහොත් බ්‍රහස්පතින්දා පෙරවරු 08.00 සිට රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික් දෙකේ වෛද්‍යවරු වැඩවර්ජනයක් අරම්භ කරන බව ද කීවේය.
එහිදීද ගැටලුව නිරාකරණය නොවුණ හොත් සිකුරාදා වනවිට ඌව පළාතේ සහ සබරගමු පළාතේ වෛද්‍යවරු එම වැඩවර්ජනට එක්වන බවද පැවසුවේය.
එම වෘත්තිය ක්‍රියා මාර්ගය අනුවද විසඳුමක් නොලැබුණ හොත් ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් පවත්වන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එපමණක් නොව වෛද්‍යවරුන් ප‍්‍රධානත්වය දරණ ආයතනවල තැපැල් ඡන්ද සහතික කිරීම් වලින් එම වෛද්‍යවරු ඉවත්වීමට ද පියවර ගන්නා බවද සඳහන් කළේය.
මෙම අවිධිමත් වෛද්‍ය ස්ථානමාරුව හේතුවෙන් හම්බෙගමුව සහ කොලොන්න යන රෝහල් දෙකේ වැඩ දින දොළහක පමණ සිට අඩාලව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් මෙම සාකච්ඡාවට එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා තාම මොකද පරක්කු කියලා තමයි අපි බැලුවේ...
මොනවා වුණත් දොස්තරකමට වඩා, වර්ජනයට නම් මාරම දක්ෂ අය... ඉස්පිරිතාල වල ඉන්න රෝගීන්ගේ බෙලි ටිකක් මිරිකලා දැම්මා නම් එ්ක ඔය වර්ජනවලට වඩා සාර්ථකයි.
ලොව කිසිම රටක් වෛද්‍යවරුන් වර්ජනය කරනවද? මහජන බදු මුදලින් ඉගෙනගෙන මහජන බදු මුදලින් වැටුප් ලබා පුද්ගලික සේවාවන්ට අවසරයද දී ඇති රටක ස්ථානමාරු ගැන වර්ජනය සුදුසු නැහැ නේද? පීඩාවට ලක්වණු ඔවුන්ට අධ්‍යාපනය සහ වැටුප්, වරප්‍රසාද දීමට තම දහදිය මහන්සියෙන් බදු ගෙවන ජනතාවම නොවන්නේද? පීඩාවට පත්වන ජනතා අයිතීන් වෙනුවෙන් මජනතාවට වග කියන්නේ කව්ද?
මෙයාලා ඉතින් වැඩවර්ජන වලින් ප්‍රශ්න විසඳන අයනේ. බලමුකෝ ලබන මාසේ 16 දිනෙන් පස්සෙත් වර්ජන කරනවද කියලා.
GMOA එකට නම් වැඩවර්ජනම තමා.
දැනට වසරකට විතර ඉස්සර දොස්තරලා වර්ජනය කලේ කාර් පාර්ක් එක බෙදාගන්න බැරිව දොස්තරල් දෙන්නෙක් ගහගෙන, ඊට කලින් සාත්තු සේවකයන් සහ දොස්තරලට විවේක කාමරයක් බෙදාගන්න බැරුව ගහගත්තාඒකටත් වර්ජන, එක පාරක් කොහේදෝ තිබෙන සයිටම් එකක අල්ලාගෙන වර්ජන කලා, එක පාරක් සිංගප්පුරු ගිවිසුමක් අල්ලාගෙන නැටුවා, දැන් ලෑස්තිවෙලා තිබෙන්නේ තැපැල් ඡන්දයක් අල්ලාගෙන වර්ජන කරන්න. මේ ඔක්කොම ප්‍රශ්න ඇතිකළේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න දුප්පත් මිනිස්සුද? මේගොල්ලෝ නිතරම බලන් ඉන්නේ මොකක් හරි එකක අල්ලාගෙන රජයේ රෝහල් වර්ජනය කරලා පුද්ගලික ඩිස්පෙන්සරිවල බෙහෙත් දීලා අසරණයන්ගේ අතේ තිබෙන තුට්ටු දෙකට විදින්න, මේවා නවත්වන්න නම් අයෝමය හස්තයකින් මේවා පාලනය කලා හැකි සරත් ෆොන්සේකා , ගොටභය වැනි කෙනෙකු මෙහි නායකත්වයට පත් විය යුතුය .
හරියට බෝවෙන ලෙඩක් වගේ මේ උද්ගෝෂණය පැයෙන් පැයට උද්ගෝෂණ බෝකරන්න මේ අය කවදා මනුස්සයෝ වෙයිද. අනුකම්පාව කියනදේ දන්නෙම නැති කට්ටියක්. සැවොම නෙමේ, ඔලුව ඉදිමුණු කට්ටියක් ඉන්නවා වෙනම, මේ කට්ටියව අදුනගෙන සේවයෙන් නෙරපන්න නැත්නම් මැදපෙරදිගට මාරුවක් දෙන්න. නලාව එල්ලන් හිටියට ලෙඩේ අදුනන්නේ නැති කට්ටිය කොච්චර ඉන්නවද. හැම කෙනාටම විෂබීජයක් ඇතුළුවෙලා. කියලා ඒක කියන්න දෙයක් නෙමේනේ , විෂබීජය ගියාට පසු හැදුනු ලෙඩේ මොකක්ද කියන්න දන්නේ නැහැ , කකුලේ අමාරුවට අත කපනවා, බඩේ අමාරුවට පිට පලනවා, එහෙම කරලා ලෙඩාගේ පවුලේ කට්ටිය බැන්නම මුළු දිවයිනම ලෙඩ නිවාඩු දමනවා. මෙන්න මේ වගේ කාලෙක සුද්දට රට යටත් වෙලා තිබුනානම් මේ අයගේ ආඩම්බර බලන්න අවශ්‍ය නැහැ. පොඩි ලෙඩටත් එංගලන්තෙට යන්න තිබුණා, දැන් සුද්දත් නැහැ, අරගත්තු නිදහසත් නැහැ
ඡන්දයක් ප්‍රකාශ වු විට ස්ථාන මාරුවිම් තහනම්, ඇයි මැතිවරණ කොමිසමේ තීරණ සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා නොකරන්නේ??
අර ආධ්‍යාත්මික නායකයද කිව්වෙ වර්ජනය කරන්න කියල.. ?
GMOA එක වැඩ වර්ජනය කරන්න නම් අති දක්ෂයෝ.
කණගාටුවට කාරණය නම් පාලකයන්ගේ ඇස් ඇරීමට සහ විසඳුමක් ලබා ගැනීමට සේවකයන් විසින් මහජනයාට දැනෙන ලෙස තම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීමය. වෙනත් රටවල කළු පටියක් පැළඳගෙන සේවයට වාර්තා කිරීමෙන් පාලකයන් එම ගැටළු වලට උත්තර සෙවීමට යුහුසුළු වුවද ලංකාවේ එය වැඩ වර්ජනයක් දක්වා ගියත් පාලකයන් ගණන් නොගනී. එම නිසා සේවකයාට පාලකයා අපහසුතාවයට ලක් කිරීමට ඇති හොඳම සහ එකම විසඳුම මහජනතාව අපහසුවට ලක් කිරීමය. දැන් එය සාමාන්‍ය කරුණක් බවට පත්වී සේවක අයතීන් දිනාගැනීමට මහජනතාව බිල්ලට දීම දිගින් දිගටම සිදුකරයි.
අපේ සේවකයන්ට තියන ලොකුම ප්‍රශ්නය "දියව් දියව් පඩි වැඩිය දියව් " නේද ? ඔය ප්‍රශ්නය කවදාවත් විසඳන්න බැහැ, එක කට්ටියකට දුන්නම අනිත් ඇයො කහිනවා, ඇත්ත කියන්න එහෙම නේද ?? ඔය කඩේ යන සමිති වල එකම අරමුණ කඩාකප්පල්කාරී බවයි
මේවත් මහින්දගේ වෙනත් උපක් ක්‍රියා මැතිවරණය දිනන්න .
මේ අයට ජනතාව පාඩමක් උගන්වන්න ඕන මට සුවර් ගෝඨාභය දිනුවානම් ඊට පස්සේ ආසාවට වත් එක වර්ජනයක් වත් දකින්න ලැබෙන්නේ නැත.