IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


‘රජය නිසි තීන්දුව නොගෙන බෝල පාස් කරනවා‘


  (ජේ.කේ.එල්.චාමින්ද)


මේ රජය තීන්දු ගැනිමේ දි තීන්දු නොගෙන එය  බෝලයක් පාස්කරනවා මෙන් අතින් අත පාස් කරන බවත්  මේ තත්වය තුළ වෙනසක් ඇතිවිය යුතු බැව් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (25) කොග්ගලදි පැවසීය.
 
 ජනාධිපතිවරයාගේ තින්දුව අගමැතිවරයා වෙනස් කරනවා. අගමැතිවරයාගේ තින්දුව ජනාධිපතිවරයා වෙනස් කරනවා මේ විදියට මුළුරටම තුළ අස්ථාවර තත්වයක් නිර්මාණය වී ඇති බවද විපක්ෂනායකවරයා සදහන් කළේය.
 
කොග්ගල නිදහස් වෙළද කළාප පරිශ්‍රයේ ඉදිකරන ලද  ඕර ඇපරල්  එකස්පෝට්ස්  පුද්ගලික සමාගම  විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේය. 
 
හෙතෙම මේසේද කිවේය.
 
 "අවාසනාවකට  රටතුළ හා ආණ්ඩුව තුළ තිබෙන අස්ථාවරත්වය නිසා පමණක් නොව  තින්දු ගැනිමේ දි තීන්දු නොගෙන එය අතින් අත පාස්වෙනවා. බෝලයක් පාස්කරනවා වගේ. කවුද තින්දු ගන්නේ කියලා දන්නේ නැහැ..මේ තත්වය තුළ වෙනසක් ඇතිවිය යුතුව තියෙනවා.
 
ස්ථාවර ආණ්ඩුවක් තුළ පමණයි ආයෝජකයාට වඩා ශක්තිමත් ආයෝජනයක් කරලා ඒ ආයෝජනයේ ප්‍රථිපල ලබන්න පුළුවන් කම තියෙන්නේ. 
 
මේ  ආයතනය වසා දැමුවාට පසු මේ තරුණයින් දෙදෙනා ලංකාවෙන් ඉතියෝපියාවට ගිහින් ආයෝජනය කළා.එවැනි අවස්ථාවකදි මෙ ආයතනය අරගෙන මේ රටේ ආයෝජනයක් ආරම්භ කිරිම අගය කරනවා.
 
  රටතුළ ව්‍ය ව්‍යවසායකයින් වැඩිවෙලා ශක්තිමත් රටක් ඇතිකරන්න ළගදිම අවස්ථාවක් ලැබේවි කියලා මා බලාපොරොත්තුවෙනවා. ඒ තත්වය ඇති වෙන්න වැඩිකාලයක් යන එකක් නැහැ.
 
රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා රැකියා බහුල වෙලා නොබෙදුණු රටක්  ඒකිය රටක් තුල කටයුතු කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
 
පසුගිය කාලයේ ආයතන රාශියක් මේ අයුරින් වැසිගියා.ලක්ෂ පහකට වඩා තරුණ තරුණියන්ගේ රැකියා නැතිවුණා.ඒ බව මහබැංකු වාර්තාවෙන් පැහැදිලි වෙනවා. ඔවුන් මෙහි කර්මාන්තශාලා වසා දමා අප්‍රිකානු රටවලට එහෙම නැතිනම් බංගලිදේශයට නේපාලයට  යන්නේ අපේ රටේ තියෙන වාතාවරණය නිසා. 
 
අද සමහර බැංකු ක්‍රියාත්මක වන්නේ වැටෙන ආයතනයක් ගොඩනගාගන්නා ආකාරයට නෙවෙයි. අපි හැමදාම බැංකුවලට උපදෙස් දුන්නේ යම් ආයතනයක් කඩා වැටෙනවිට එය රැකගැනිම සදහා  ඒ ආයතනයේ පරිපාලනයේ වෙනසක් ඔනනම්  එක කරලා ආයතනය දුවවන්න  කටයුතු කරන්න කියලා.
 
 අද වේලා තියෙන්නේ ඒ ආයතන වහලා. බැංකු පවරාගැනිම් කරගෙන යනවා. මේ තත්වය අද රටපුරාම ඇතිවෙලා තියෙන්නේ රටේ ආර්ථිකයේ කඩාහැලිම නිසා.පසුගිය කාලයේ ඉතා දරුණු ලෙස මේ රටේ ආර්ථිකතත්වය බිද වැටුණා. සේවක පිරිස් තරණ තරුණියන් විශාල පිරිසක්  මහපාරට ඇදලාදමන යුගයක් බවට මේ කාලය පත්වුනා.මේ තත්වය වෙනස් කළ යුතුයි. 
 
අපි පිටරටට ගියවිට ආයෝජකයින් හමුවෙනවා.අපි කියනවාඅපේ රටට ඇවිත් ආයෝජනය කරන්න කියලා. අපට දේශපාලනපක්ෂ බේදයක් නැහැ. මොනව වුනත් රටතුළ ආයෝජනය කිරීම වැදගත්."

 



අදහස් (0)

‘රජය නිසි තීන්දුව නොගෙන බෝල පාස් කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 165 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site