(නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමේදී පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළකරන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (6) පැවසීය.
සාමාන්‍යයෙන් අධිකරණ වරෙන්තුවක් මත යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස් නිලධාරීන් මෙලෙස හැසිරෙන්නේ නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හා සාමාන්‍ය මිනිසුන්ට වෙන් වෙන් වශයෙන් නීතිය ක‍්‍රියාත්මක වීම නොවී සැමට එකසේ නීතිය ක‍්‍රියාත්මක විය යුතු යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
යම් කිසිවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම තැනැත්තා පොලිස් නිළධාරීන්ට බාධාකාරී වන ආකාරයට හැසිරෙනවා නම් රාජකාරීයට බාධාකිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගතයුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා එසේ නොමැතිව පොලිස් නිළධාරීන් සැකකරුවා සමග බයිස්කෝප් රඟ නොදැක්විය යුතු යැයිද පැවැසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රදාන කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
COMMENTS
අධිකරණයට එන්න කිව්වම සර්පයෙක් කෑවා කිව්ව මහත්තයෙක් මේ කතා කරන්නේ...
පොලීසිය කියනවා බලපත්‍ර රහිත ආයුධ හින්දා අත් අඩංගුවට ගත්ත කියලා. කැබිනට් ප්‍රකාශක කියනවා සී.ඩී වගයක් හින්ද අත් අඩංගුවට ගත්තා කියලා. හැබැයි වැඩි දෙනෙක් හිතන්නේ ඔය දෙකම හින්ද නෙමෙයි ඒ මනුස්සයගෙන් පළි ගන්න ඕන හින්ද අත් අඩංගුවට ගත් බවයි. මාත් හිතන්නේ එහෙමයි. මං කිසිම පක්ෂෙකට නෑ. ඒත් මට හිතෙන්නේ යු.එන්.පී ආණ්ඩුවට වඩා මේ ගොල්ල කැත විදිහට නීතිය දුෂණය කරනවා කියලයි.
නැහැ..!!! රන්ජාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණිය වෙලාවේ දෙගොල්ලොම ඉතාම සාමකාමී ලෙසයි හැසිරුනේ.ඒ නිසා රන්ජන් ලැහැස්තිවෙලා එන තෙක් පොලිසිය නිශ්ශබ්දව ඔහුට බාධා නොකර සිටියා. ඉතින් අන්තිමට ඔහු සුදානම්වී පැමිණියා. පොලිස් නිලධාරීන් ඔහුට මාංචු දමා පොලිසියට රැගෙන ගියා. ඒ කියන්නේ විනය ගරුක පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එතන හිටියේ. අපි හිතමු " රුහුණු කුමාරි කෝච්චියේ යන ගැහැණුන්ගේ කරේ බැඳලා තියෙන රත්තරන් චේන් කඩන හොරෙක් " පොලිසියට අහුවුනානම් රන්ජන්ට වගේ අනුකම්පාවක් දෙන්නේ නැහැ.මොකද හොරා පැනලා යන්න පුළුවන් නිසා අවම බලය යොදලා අල්ලාගෙන මාන්චුදාලා පොලිසියට ඇදගෙන යනවා. දැඟලුවොත්...කට ගැහුවොත් ගුටිත් කන්න වෙනවා. රෝහිත අබේගුණවර්ධනට අතීතයට යන්න පුලුවන්නම් ඒ සිද්ධි මතක්වේවි. හැබැයි කියමනක් තියනවා අතීතය අමතක කරන පුද්ගලයාට අනාගතයක් නැහැ කියලා.ඒක බොරුවක් බව ඔප්පුකරන්න වැඩි දුරක් යන්න ඕනෑ නැහැ. යන්න දියවන්නාවට. ඔය සුදෝ සුදු ඇඳුම් ඇඳගෙන එහි රැඟුම් රඟන නුගත්,මෝඩ ,දුෂිත නරි රැලගේ සැබෑ ජිවිත තනි කළු පැහැති එවාබව ඔබට පෙනීයයි.
පොලීසිය නරි නාටක නටන්න පටන් අරගෙන වගෙයි.
බයිස් කෝප් නටන්න එපා අනේ.........
කොහොමටත් මේක අත්අඩංගුවට ගැනීමක් නොවේ. රන්ජන් විසින්ම කරනු ලැබු රගපෑමක්......
රන්ජන් මහත්තය නයා නැටෙව්වේ නැහැනේ......
මොකද බය වුණාද කවදාහරි තමන්ටත් කැරකෙයි කියලා? වැරදි කරලා නැතිනම් බය වෙන්න එපා හලෝ...
බයිස්කෝප් පෙන්නුවත්, බය නැතුව පොලීසි ගියානේ, නයා ගැහුවේ නැහැනේ. පපුවේ අමාරුව කියලා ඉස්පිරිතාලේ හිටියේ නැහැනේ. හිටියේ රිමාන්ඩ් එකේ නේ...
කෞතුකාගාරයෙන් කඩුවක් සොරකම් කිරීම ගැන ඔබව අත්අඩංගුවට නොගතයුත්තේ මන්ද? අාහ්..! මට වැරදුණා. ඒක කලේ ඔබ නොවේ... සමාවෙන්න අතිගරු මන්ත්‍රීතුමා.
හැසිරීම ගැනනම් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ගෙන රටම දන්නවා.
පොලීසිය පාවා දෙමින් පොලීසිය අපකීර්තියට පත්කරන මෙවැනි පුද්ගලයන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි. හිරිකිතයි..
රංජන් හොරෙක් නොවේ. ඔහු හැමකෙනාගෙම මිතුරෙකි.
මෙතෙක් කල් සියල්ලන් සාධාරණ අය බව සිතාසිටියි. රන්ජන්ගේ වැඩ හෙළිවන්නේ ඔහු ශානි අබේසේකර සමග යෙදෙන දුරකථන සංවාදය ඇසීමෙනි. විනිසුරුවන්ට බලපෑම් කිරීම සහ ඒ සඳහා කතිකා කිරීම පස් අවුරුදු සිරදඬුවමක් බව නීතිය හොඳින් දන්නා ඔවුන්ම එකහෙලා එම සංවාදය අතරතුර පිළිගනී. එසේනම් තවත් අටුවා ටීකා කුමටද? එසේනම් තවත් "මෙරට කුමට අධිකරණය නීතිය සහ විනිසුරන්?" මහජනතාවගේ මතය අනුව උසාවි ඇත්තේ.., වරද පෙනී පෙනී වැරදිකරුවන්ට ඇපදීමට පමණද?
"දැන් මේකෙන් අකටයුත්තක් තියෙන්නෙ කාටද බමුණු." ප්‍රවෘත්ති ඇසුවාද ඔන්න ශානී අබේසේකරගෙන් පටන් ගත්තා කෙලවර වෙන්නේ කොහොමද කියා බලමු නේද?