( තිලිණිද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.
අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.
සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණිනි.
( පින්තූරය - ජයමාල් චන්ද්‍රසිරි )
වැඩිදුර පින්තුර සඳහා
රංජන්ට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එ
රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන හොරිවිල වෙද ගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරිම සදහා උතුරැ මැද පළාත් සභාව මගින
මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ’මධූ’ නමැති හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ.
බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් මාස 08ක කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවනු ලැබ සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් තිදෙනකු කොන්දේ
කොළඹ වරාය ජායා ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක් උපයා ගෙන ඇතැයි එහි සභාපති නීතිඥ ලක්මාල් රත්න
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
රංජන්ට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
Jagath Tuesday, 12 January 2021 05:47 AM
මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? මිනීමරුවන්, කුඩුකාරයින් නිදහස් කරනවා ... මේ වගේ ජනතාව වෙනුවෙන් යමක් කරන අවංක මිනිස්සු හිරේ යවනවා.
ajithTuesday, 12 January 2021 10:58 AM
මේ නඩුව දැම්මෙත් යහපාලනයෙන් නම්, නඩුව ඉවර වුණෙත් යහපාලනයෙන් නම්.... මොනවට මෙතන ලතෝනි දෙනවාද?
දිලාන් Tuesday, 12 January 2021 05:31 PM
කුඩු ගෙනාපු යහපාලකයෝ බේර ගන්න විනිසුරුවරුන්ට උපදෙස් දුන්නා. මිනීමැරුවේ නැහැ... කොහොම වුණත් මේ ඔක්කොම තමුන්ගේම දුරකතනයේ රේකෝඩින්ම සාක්ෂි විදියට අරගෙන බැලුවොත්.., අවුරුදු 04ක් හිරේ දාලා මදි. නැත්නම් ප්‍රජා අයිතිය සදහටම අහෝසි කරන්න ඕනෑ..
Ajith Tuesday, 12 January 2021 05:56 AM
පිල්ලෙයාන් එළියට දාලා රංජන් ඇතුළට දාමු.
උදාර Tuesday, 12 January 2021 06:01 AM
ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි, හැබැයි හැමෝම මතක තබා ගත යුතුයි අපි හැමෝම හැදිලා තියෙන්නේ මස් ලේ, ඇට වලින්, සදාකාලික ජීවත් වෙන්න බැහැ. ඒ ජීවිතේ අතරේ කර්මය පටිසන් දෙනවා, අපි බලාගෙන ඉම්මු.
Kanal Koyrala Tuesday, 12 January 2021 06:16 AM
අවුලක් නැහැ.. දැන් පාර්ලිමේන්තුවක් ඇතුළේ සකසා ගන්න පුළුවන්. චොකා මල්ලි, දුමියා, ප්‍රාදේශීය අයත් ඉන්නවනේ. මීළඟ හඬපටය සිරකරු අයිතිවාසිකම් සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ...
Raveendra Tuesday, 12 January 2021 06:23 AM
හම්මේ ඉතින්.. සර්ගේ එක රටක්, එක නීතියක් අකුරටම ක්‍රියාත්මක වෙනවා.
chandanaTuesday, 12 January 2021 06:30 PM
දුටු විගසම සර්ට විරුද්ධ වෙන්න පුරුදු වෙච්ච කෙනෙක් වගේ පේන්නේ... පුරුද්ද අතහැරලා විමසා බලා කටයුතු කරන්නත් පුරුදු වුනොත් හොඳයි නේද? අධිකරණ තීන්දු අවශ්‍ය නැහැ. ඔහුගේම හඬපට ඇහුවොත් තේරෙයි ඔහුගේ ක්‍රියා කලාපය වැරදි බව. නීතිය අර්ථකථනය කරන, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින්ට කතාකිරීමෙන්ම ඔහු බලපෑම් කිරීමට තැත් කළ වැරදි කරුවකු බව තීරණය කළ හැකියි.
N.Hettiarachchi Tuesday, 12 January 2021 06:27 AM
හොඳයි...
නුවන් Tuesday, 12 January 2021 06:27 AM
2018 දී කල කතාවක් පදනම් කරගෙනයි මේ නඩුව ගොනු කලේ. ගිය වසරේ අගෝස්තුවේදී තමයි නඩුව නිමා වූයේ. මේ නඩුව මේ රජයෙන් දැමූ එකක් නොවේ.
සිරිමෙවන් Tuesday, 12 January 2021 06:35 AM
රන්ජන් කරපු එකම වැරැද්ද පැත්ත ගියත් ඇත්ත කියන එක විතරයි. ඇත්ත කියපු රන්ජන්ව ඇතුලට දාලා සිල්වාව නිදහස් කරයි.
BamunuarachchiWednesday, 13 January 2021 04:27 AM
දුමින්ද ඇතුළට යවන්න රන්ජන් කළ කාර්ය භාරය එයාගේම කටහඬින් ඔබ අැසුවා නම් මේ විදිහට කතා කිරීම ඔබගේ කුහක ගති ඉස්මතු වෙනවා.
weerasighe Tuesday, 12 January 2021 06:41 AM
ඉතා කණගාටුදායක පුවතක්...
sdffsfs Tuesday, 12 January 2021 06:43 AM
රංජන් ඊ.ටී.අයි. මිනිස්සු වෙනුවෙන් එක වචනයක් කතා කළේ නැහැ.
bandaTuesday, 12 January 2021 11:19 AM
කතා කරලා දා ගනිපු නඩුටික මදිද?
chandanaTuesday, 12 January 2021 06:20 PM
ETI තැන්පත් කරුවන් වෙනුවෙන් කතා කිරීමෙන් ඔහුගේ හෝ ඔහු පසුපස සිටින බලවේගවල අරමුණු ඉටු වන්නේ නැත. ETI තැන්පත්කරුවන් අහිංසකයෝ යැයි ඔහුට නොපෙනෙන්නට ඇත. ඔහුට පෙන්වා නොදෙන්නට ඇත.
De Tuesday, 12 January 2021 06:53 AM
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්... එල්ලාපන්..
Bamunuarachchi Tuesday, 12 January 2021 06:54 AM
ජනාධිපතිතුමනි, දැන් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න. කට හින්දා එක මාලුවෙක් නැහුණා. කාටද ආඩම්බර මල්ලි?
Prasad Tuesday, 12 January 2021 06:58 AM
රංජන් ඔබ වීරයෙකි. දූෂිත පාලකයට, අධිකරණයට එරෙහිව ඔබ නඩු හඬට බියෙන් ඔවුන් එක්ව ඔබව සිරගත කරලුවද? ඔබ නැගූ ඒ හඬ මිනිසුන්ගේ මනස තුළ රැඳෙනු ඇත.
මසිරිපාලWednesday, 13 January 2021 01:09 AM
රන්ජන් ඔබ කතෝලිකයෙක්... ඔබ සතුටුවන්න මරණ දඬුවම නොදුන්නාට. ජේසුතුමාගෙන් පසුව එම ආගම තවතවත් ජනප්‍රිය වුණා නේද? රංජන් සතුටු වෙන්න.
Ruhunu Tuesday, 12 January 2021 07:00 AM
දැන් ඉතින් නටන්න වෙන්නේ යකඩ කූරු අල්ලගෙන තමයි.
Prasad Tuesday, 12 January 2021 07:00 AM
අද පිල්ලෙයාන් එළියට, රංජන් ඇතුළට... හෙට දුමින්ද එළියට, .... ඇතුළට?
chandanaTuesday, 12 January 2021 06:43 PM
අතිදක්ෂ යැයි කියූ නිලධාරින් පත්කළ යහපාලන කාලය තුළ පිල්ලෙයාන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කල නොහැකි විය. පිල්ලෙයාන් අදටත් සැකකරුවෙකු පමණි. රන්ජන් සැකකරුවකු නොව වැරදිකරුවෙක් බව ඔහුගේම හඬපට වලින් තහවුරු වේ. රන්ජන්ගේම ක්‍රියාකලාපය තුළ දුමින්ද සැබවින්ම වැරැදි කරුවෙක්ද යන්න ප්‍රශ්න කිරීමට ඉඩ සැලසී ඇත. පිල්ලෙයාන්ලාගේ, දුමින්දලාගේ තත්වයට වඩා අතිමහත් භයානක ක්‍රියාදාමයක එක් පුරුකක් ලෙස පමණක් ලෙස රන්ජන්ව දකිමි. මිනිසෙකුගේ චින්තනය සකස් විය යුත්තේද මනිසෙකු ක්‍රියාකළ යුත්තේද සදාචාරයට ගරු කරමිනි. සදාචාරාත්මක පිළිවෙලක් අනුගමනය කරමිනි.
shanthiniWednesday, 13 January 2021 11:06 AM
චන්දන, ඔබට මේවා දානවට මැදමුලන රැල කීයක් දුන්නද...? ඔබ වැනි අය සිටින තුරු මේ රටේ නැගී සිටීමක් නැත. ඔහොම යමු, තව මාස 2න් විතර රටේ මිනිස්සුන්ට කන්න නැතිවේගෙන එද්දී ඔය ඡන්දෙ දීපු බයියන් අතින්ම තමයි මේ ආණ්ඩුව සල්ලම් වෙන්නේ.
chandanaWednesday, 13 January 2021 05:31 PM
ශාන්තිනී, මම පෙන්වා ඇත්තේ අති බහුතර ජනතාව දන්නා දේ ගැන මිස ඔබ වැනි අතලොස්සකගේ හිතලු ගැන නොවේ. බොරුව ඇත්ත ලෙසත්, ඇත්ත බොරුව ලෙසත් පෙන්වා දීමේ ඔබ වැන්නන්ගේ සටකපට ක්‍රියාමාර්ගේ 2015 දී සාර්ථක වුණාට බහුතර ජනතාව දැන් එම බොරුව තේරුම් ගෙන ඇත.
Ashan Tuesday, 12 January 2021 07:02 AM
චොකා මල්ලි සහ රන්ජන්... අපි බලමු නීතිය විපක්ෂයටත් OK ද කියලා.
fairoos Tuesday, 12 January 2021 07:03 AM
අනේ පව් අහිංසකයා... මහ බැංකු හොරු නිදැල්ලේ.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 12 January 2021 07:05 AM
රටක අධිකරණ පද්ධතිය හා නීතිය විවේචනය කිරීමට නීතිය පිළිබඳව මනා දැනීමක් අවශ්‍ය වෙනවා. ඒත්, හෙළා දැකීම කරන්නට බැහැ.. එක් අයෙකු වරදක් කළා නම්, රන්ජන්ට තිබුණේ ඔහුට හෝ ඔවුන්ට විරුද්ධව නඩු දාන්න. ඒත්, ඔහු කලේ කළයුතු දේ නොවෙයි. ඒත්, රන්ජන් කියන්නේ වෙනත් හොර මැරකම් හා දූෂිත වැඩ ඇති දේශපාලකයෙකු නොවෙයි. මේ රටේ මිනිසුන් 2000 ක් මැරුවා යයි වේදිකාවේ කියූ කරුණා අම්මාන් සුවසේ ඉන්නවා. මිනීමැරුමකට හිරෙ ගිය කෙනෙකු පාර්ලිමේන්තු එනවා. තවත් ඒ වගේ සිරගෙදර ඉන්නා කෙනෙකු නිදහස් කරගන්න සමහරුන් වලිකනවා. මේවාට කිසිඳු දඬුවමක් නැහැ.
araTuesday, 12 January 2021 04:35 PM
සිස්ටම් එකම වැරදි නම්....!!!
Rata Perata Tuesday, 12 January 2021 07:21 AM
මීට වඩා තව මොනවා බලාපොරොත්තු වෙන්නද මේ රජය යටතේ...? අපිට පාරට බහින්න කාලය හරි වගේ.
AshanTuesday, 12 January 2021 07:36 AM
ලංකාවේ Facebook සහ සමාජ මාධ්‍ය ව්‍යාප්තිය තුළ මිනිසුන් පාරට බැසීම අඩු වෙලා. ලංකාවේ පාලකයින් රිසි සේ මගෝඩි වැඩ කරගෙන යාමට එය රුකුලක් වෙලා...
chandanaTuesday, 12 January 2021 06:48 PM
බහුතර ජනතාව මේ රජය පත්කලේ විකාරවලට පක්ෂව පාරට බහින්න බලාගෙන නොවේ. හරි වැරැද්ද නොබලා හැම දෙයකටම පාරට බහින්න ගත්තොත් ඒකෙන් අපහසුතාවයට පත්වෙන මගින් ඒකට නිසි පියවර ගනීවි...
BamunuarachchiFriday, 15 January 2021 03:22 AM
ඉස්සර පාරවල්වල කරත්ත ගිය නිසා පාරේ ගොම තිබුණා. දැන් පාරට බැස්සොත් ගහන්න වෙන්නේ අසුචි තමයි.
sena Tuesday, 12 January 2021 07:24 AM
හරිම කණගාටුදායක සිදුවීමක්.
Prabha Tuesday, 12 January 2021 07:41 AM
දැන් දුමින්ද හිරේ දැම්මේ දේශපාලන බලපෑමට කියන එක තීන්දුව දුන්නා නඩුකාරයන්ට කරන අපහාසයක් නොවේද?
ජයන්ත මිලානො Tuesday, 12 January 2021 07:48 AM
බැංකු මංකොල්ලකරුවන් රජයේ දේපල හොරුන් මෙකී නොකී අයව අද යහපත් පුරවැසියන් වෙලයි ඉන්නේ.. රජය විවේචනය කරන වැරදි පෙන්වාදෙන අයව හිරේ දාන්නම ඕනෑ... ඊළඟ අවුරුදුවල කරදරයක් නැතුව චන්දෙ කරන්න පුලුවන් එතකොටයි...
සමරේ Tuesday, 12 January 2021 08:05 AM
රන්ජන්ගේ අවුරුදු 4 = අාණ්ඩුවේ ඉතුරු ආයු කාලය, මේ ආණ්ඩුව අවසන් වෙනකන් රන්ජන්ගේ හඬ නිහඬයි.
Srilankan Tuesday, 12 January 2021 08:23 AM
එහෙනම් " සරත්".... එයාවත් ඇතුඅළට දාන්න ඕනෑ.. මතකයි නේ දවසක් කිව්වා මහින්ද එළියේ ඉන්නේ මං හින්ද කියලා...
බද්රානි Tuesday, 12 January 2021 09:06 AM
මෙවැනි රටක, ජීවත් වෙන පුරවැසියෙකුට ඒ සරල යතාර්ථය පැවසීම දඬුවම් ලැබිය යුතු වරදක් වෙලා. පාපතරයින්ට දඬුවම් නොලැබුණොත් මේ ආගම්, දර්ශන, ධර්මයෙන් ඇති ඵලක් නැහැ. මේ මඩ වලේ ලොකුවට රඟන අයට වඩා, ලෝකය හොල්ලගෙන හිටපු, ගඩාෆි හා සදාම් හුසේන්ට අත් වුණු ඉරණම මතක ඇතිනේ..? වෙන කියන්න දෙයක් නැත. මේ කරන අපරාධවලට දඬුවම් දෙන දවස වැඩි ඈතක නැහැ..
chandanaThursday, 14 January 2021 06:37 PM
ගඩාෆිලා, සදාම්ලා ඉන්න කාලේ ඒ රටවල ලස්සනට හිටපු මිනිස්සු අද ඉතා ශෝචනීය තත්වයට පත්වෙලා. සිහින ලෝකවල අතරමන් වෙලා තමන්ගේ රටට කරගත්ත විනාශය ගැන දැන් පසු තැවෙනවා ඇති. කොහොම තිබුණු රටවල්ද? සිංගප්පූරුව, මැලේසියාව දැන් තියෙන තත්වයට පත් කලෙත් ගඩාෆිලා, සදාම්ලා වගේ රට දියුණු කිරීමේ තමන්ගේම දර්ශනයක් තිබුණු මිනිස්සුම තමයි. නොදන්න දේ ඉගෙන ගන්නත් එක්ක ඒ රටවල් වල ඉතිහාසයත් අධ්‍යයනය කළොත් හොඳයි. වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාරම්බාන දියුණු රටවල් දියුණු තත්වයට පත්කළේත් ගඩාෆිලා සදාම්ලා වගේ දර්ශණයක් තිබුණු නායකයෝ තමයි.
පිටිගල මිලානෝ Tuesday, 12 January 2021 09:12 AM
දැන් දුමින්දව එළියට අරන් 69 ලක්ෂය සතුටු කරන්න. සරත් ෆොන්සෙකාව හිරේ දාලා ලැජ්ජාවට පත්වුණා. දැන් මේකෙන් වෙන්නේ හත්පොලේ ගාගන්න එකයි...
යුක්තිය සැමට සාධාරණව Tuesday, 12 January 2021 09:16 AM
අජිත් කියලා කෙනෙකුත් දැන් ඉන්නේ රිමාන්ඩ්... ඔහුට විතරක් මේ කාලයට වඩා දඬුවම් කරන්න එපා... ඔහුටත් අවුරුදු 04ක්ම දෙන්න... අජිත්ව විතරක් අවුරුදු 10 ක් - 15 ක් හිරේ යවන්න එපා...
ලුම්බිණි Tuesday, 12 January 2021 09:17 AM
ඉතාම අසාධාරණ දෙයක්. මීට වඩා සිය දහස් ගුණයක් වැරදි කරපු අය නිදැල්ලේ.
BamunuarachchiWednesday, 13 January 2021 04:23 AM
ඒ මිනිස්සු රටේ උත්තරීතර අධිකරණයට අපහාස කරන්න තරම් පහතට වැටුණේ නැහැ. එතනයි දෙගොල්ලන්ගේ වෙනස... ඒක තේරුම් ගන්න.
atul Tuesday, 12 January 2021 09:18 AM
හරිම කණගාටුදායකයි. රන්ජන් හැමදාම කතාකළේ අසරණ මිනිස්සු සහ දූෂිතයින්ට විරුද්ධවයි. විශේෂයෙන්ම පහුගිය දිනවල ප්‍රධාන මාතෘකාවක් වූ ‘‘රටවිරු‘‘ ප්‍රශ්නය මුලින්ම කතා කළේ රංජන්. ඔබට මේ කරන අසාධාරණයට ස්වභාවධර්මයෙන් කවදාහරි උත්තර ලැබෙයි. රංජන් ඔබට ජය...
සම්පත් Tuesday, 12 January 2021 05:38 PM
එ්කනම් ඇත්ත, දිට්ඨධම්මවේදනීය කර්මේ පඩිසන් දෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි. අන්තිමේ සියල්ලම තමන්ටම පඩිසන් දීලා ...
chandanaTuesday, 12 January 2021 05:47 PM
මා දන්නා තරමින් ETI තැන්පත් කරුවෝද අහිංසකයෝය. සමස්ථයක් ලෙස අහිංසකයින්ට ඔහු උපකාර කල බවක් නොදනිමි. තමාගේ පෞද්ගලිකත්වය පොදු වූ විට එය සංස්කෘතියට හා සභ්‍යත්වයට හානියක් වන බැවින් එවැනි විටක ඊට විරුද්ධ වීමට පොදු ජනතාවටම අයිතියක් ඇත. සියල්ල ගලපා ගැනීම ඔබ සැමට බාරකරමි.
somasiri Tuesday, 12 January 2021 09:37 AM
කවුරු කොහොම කිව්වත් ... අපේ රටේ නීතිය, දූෂිතයි කියලා අපි හැමෝම දන්න දෙයක් නේද?
Buddhi Tuesday, 12 January 2021 09:52 AM
හොරු එළියේ... රංජන් ඇතුලේ... පුදුම රටක්..!!!
BamunuarachchiWednesday, 13 January 2021 04:20 AM
ඔබ හරි, මහින්දට කෑ ගහපු අය බැංකු හොරු වෙලත් දැන් එළියේ...
Don perera Tuesday, 12 January 2021 10:47 AM
හොඳ මනුස්සයා.. දුමින්ද ළඟදීම එළියට...
BamunuarachchiWednesday, 13 January 2021 04:16 AM
දුමින්ද ඇතුළට ගිය හේතු, මෙයා ඒ සඳහා කල කාර්ය භාරය රටම දැක්කා. මෙයාගේම කටහඬින් අහගෙන හිටියා. ඒ කාලේ ඔහේ ඉපදිලා නැද්ද නැතිනම් බුදිද? හලෝ නිදහස් මිනිහෙක් හැටියට හිතන්නකෝ? රන්ජන් කරපු වැඩේ හොඳද කියලා... රන්ජන් අල්ලපු හොරා කව්ද? හොරු ඇල්ලීම ජෙප්පන්ගේ වගේ මෙයාගේ සටන් පාඨයක් පමණයි.
බ්‍රාහ්මණ Thursday, 14 January 2021 02:08 PM
දුමින්ද ඇතුළට ගියේ භාරත ඇතුලු හතර දෙනෙක් ඝාතනය කරවපු නිසා. ඇසින් දුටු සාක්ෂිත් ඕනෑතරම් තිබුණා. තාජුඩින් මරවපු අය අද එළියේ ඉන්නේ දේශපාලුවන්ගේ බලපුලුවන්කාරකම් හින්දා...
BamunuarachchiFriday, 15 January 2021 01:13 PM
නමින් බ්‍රාහ්මණ වුණාට වැඩක් නැහැ. තේරුම් ගැනීමේ ශක්තිය නැතිනම්... එ්කයි රන්ජන්ගේම කටහඬින් තිබෙන එයාගේම හඬපට අහන්න කියන්නේ...
APPUHAMY Tuesday, 12 January 2021 11:10 AM
දේශපාලන නායකත්වය ආරම්භයේදීම මොහුව නිසිපරිදි හසුරුවා ගත්තා නම් මේ අවාසනාවන්ත සිදුවීම වළක්වා ගන්න තිබුණා කියලයි මට හිතෙන්නේ...
කනිෂ්ක Tuesday, 12 January 2021 11:10 AM
කථානායක තුමාට ‘ලොක්කා‘ යනුවෙන් සරදම් ලීලාවෙන් සභා ගැබ තුල දෝංකාර කළ ඔහුට සිර දඬුවමක් ලැබිණි.
chandanaTuesday, 12 January 2021 05:54 PM
සැබැවින්ම ඔහු වීරයෙක් නොවේ. වීරයෙක් පරමාදරශී විය යුතුයි. ගෞරව කිරීමට පුරුදු විය යුතුයි. ඔහු උත්සාහ කළේ වීරයෙකු ලෙස ප්‍රතිරූපයක් තනා ගැනීම සඳහා සදාචාර නොවන ආකාරයෙන් කටයුතු කිරීම පමණි. ඒ සඳහා ඔහු භාවිතා කල අයහපත් ක්‍රියාමාර්ගම ඔහුට පාරාවලල්ලක් විය...
ravinWednesday, 13 January 2021 12:05 PM
ඔව්, මේ රටේ ඉන්න නූගත්, නිර්වස්ත්‍ර ගෝත්‍රිකයින් පත්කර ගත් ගෝත්‍රික ආණ්ඩුවක් මේ රටේ තියෙන්නේ කියලා මුළු ලෝකයම දැන් දන්නවා. මිනිසෙක් ලෙස හිතන්න... ඔබව වැළැක්වූවේ ඡන්දෙදී බයියන් හොරට බෙදූ සිල් රෙද්දෙන්ද, රුපියල් 200න්ද, වැසිකිළි පෝච්චියෙන්ද, අරක්කු වීදුරුවෙන්ද...?
chandanaWednesday, 13 January 2021 05:24 PM
රවීන් ඔබ ලියා ඇත්තේ ඔබ දන්නා ඔබට හුරුපුරුදු දේ ගැනය. 69 ලක්ෂය මේ කිසිවක් නොලැබ ඡන්දය දුන්නේ ඊට එහා ගිය පොදු පරමාර්ථයකිනි. කොහේද යන්නේ කියා ඇසූ විට මල්ලේ පොල් යැයි කියන ගතිය ඇති සුළුතරයකින් කෙනෙක් පමණි ඔබ.
chathuriWednesday, 13 January 2021 10:03 PM
කොහේදෝ ඉඳලා මේ පිටුවට ආපු කෙනෙක් අපේ රන්ජන්ව බොරුවට විවේචනය කරනවා. ...මිනිහව අපි දන්නෙත් අදයි.
chandanaThursday, 14 January 2021 06:41 PM
හී... හී... එයා ඔයාට පුද්ගලිකව සතුටු කරවලා ඇති අර හඬපටවල වගේ.. මනිස්සු දැනගන්න අඳුරගන්න ඕනේ නැහැ... කියන දේ ඇත්තද කියලා විමර්ශණාත්මකව දැක්කොත්, දැනගත්තොත් හොඳටම ඇති.
Momi Tuesday, 12 January 2021 11:20 AM
මේක නඩුවක්... යම් කෙනෙක් තව කෙනෙකුට සොරා යයි කිව්වා කියලා මේ කියපු කෙනාව හිරේට දාන්න ඉස්සෙල්ලා මෙතන හොරෙක් ඉන්නවද කියලා හොයලා බලන්න තිබුණා නේද? මේක මේ... කැකිල්ලේ තීන්දුවක්...
BamunuarachchiWednesday, 13 January 2021 04:01 AM
මේ හාදයත් රන්ජන් වගේ නඩු තීන්දුවක් විවේචනය කරන්න ගිහිල්ලා කූඩුවට යන්න වගේ හදන්නේ...
athula Tuesday, 12 January 2021 01:14 PM
රංජන් මා කිසිවිටෙක UNP කාරයෙකු හෝ සජිත් ගේ පැත්තට කිසිම දවසක එක අකුරක්වත් ලියලා නැහැ. මම හිතනවා 2025දී ඔබට ජනාධිපති වෙන්න හොඳ අවස්ථාවක්... මේක අද පරණ යැයි කියලා හිතන පක්ෂ දෙකම ඉවරයි.
සනත් Tuesday, 12 January 2021 05:42 PM
හිරේගිය අපරාධකාරයෝ ජනාධිපති වෙන්න ට්‍රයි කරේ යහපාලන කාලෙදිනේ... දැන් උගත් ජනතාව තමන්ගේ ජනාධිපතිවරයා හිරේ ඉන්න අපරාධකාරයින් අතරින් කවදාවත් සොයා ගන්නේ නැහැ. එක හින්දා ඔය දවල් හීනෙන් නැගිටින්න.
banda Tuesday, 12 January 2021 03:09 PM
මරණ දඬුවමට නියම වුණ චොකාමල්ලි පාර්ලිමේන්තුවට එනවා. අවුරුදු 4කට පාර්ලිමේන්තු ගිය රංජගේ මන්ත්‍රීකමත් නැතිවෙලා. එකම රටක්...
msher Tuesday, 12 January 2021 04:02 PM
රංජන් නලුවෙක් වගේම හොරෙක් නොවන දේශපාලකයෙක්...හැබැයි අනුන්ට අපහාස කලේ නිමක් නැතුව. කොට්ටෝරුවා වගේ කෙහෙල් ගහටත් කෙටුවා. හොට පැටලුණා. මේකෙ රංජන් වීරයෙක් කියලා කියන අයට මතක නෑ නඩුතීන්දු තමන්ට ඕනෑ විදියට ගන්න නඩුකාරයින්ට කරපු බලපෑම්. මේ දිට්ඨ දම්ම වේදනීය විදියට පලදීමක්...
Hewa Tuesday, 12 January 2021 05:19 PM
හිත හොඳ මනුස්සයා.
siva Tuesday, 12 January 2021 05:52 PM
නායකයෙක් වෙන්න ඕන කරන ගති ගුණ අත්දැකීම් ලබා ගන්න හොඳම විවේක කාලයක් රාමනායක මහතාට දැන් ලැබිලා තියෙනවා. අනාවැකි කියන්න ගොඩක් කල් වැඩි වුණත් රන්ජන් රාමනායක කියන්නේ ශ්‍රී ලංකාවේ අනාගත අගමැති, ජනාධිපතිවරයෙක් බව නොඅනුමානයි. ඒ වෙන කිසිවක් නිසා නොව..., ඔහු පෙනී සිටින සත්‍යය මේ ශ්‍රී ලංකාවේ අති මහත් බහුතරයකගේ කැමැත්ත නිසාවෙනි.
rasika Tuesday, 12 January 2021 06:28 PM
රන්ජන් කරපුවා කොහොමත් අනුමත කරන්න බැහැ. විනිසුරුවරුන්ට නඩුදාලා කතාකරන්න ඕනෑ. හිරේ දාන්න ඕනේ කවුද කියලා බලපෑම් කළේ ඔවුන්. තමන්ගේ වාසියට නඩු අහන්න බලපෑම් කිරීමත් ඉතා වැරැදියි. මොහුව වැරැදිකරු වෙලයි තියෙන්නේ..
මාලින්ද /U.K Tuesday, 12 January 2021 07:17 PM
රන්ජන්ට වඩා හොරු, දූෂිතයෝ, මිනීමරුවෝ මස් වැද්දෝ අද නිදහසේ, නිදැල්ලේ ඉන්නවා. දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන්... අධිකරණයට අපහාස කෙරුවාලු...
Sam Tuesday, 12 January 2021 08:57 PM
ඇත්ත කතාකළ රංජන් ඇතුළේ.. බොරුවෙන් රජකරන අය එළියේ.. රටේ ඉදිරිය ගැන හිතාගන්න පුළුවන්...
නුවන්සර Wednesday, 13 January 2021 01:14 AM
බොහෝ ප්‍රතිචාර වලින් අදහස් වන්නේ, විනිසුරුවන් දූෂිත යයි පැවසීමට රන්ජන්ට බලකර ඇත්තේ මේ රජය බවයි. එදා මේ රජය තිබුණේ නැත. එදා තිබුණේ යහපාලන රජයයි. කරුණු එසේ වුවද මේ රජයට දොස් පැවරීමෙන් ඇතැමුන්ගේ ආතතිය දුරලයි...
Bamunuarachchi Wednesday, 13 January 2021 04:10 AM
නගින්න තව කියවන්නේ නැතුව. අපිට ඕනේ ජම්පරය ඇඳන් ඉන්නවා බලන්න...
බද්රානිWednesday, 13 January 2021 03:12 PM
බමුණු ආරච්චි, ඔබ ඕනෑවට වඩා උඩ පනිනවා වැඩියි වගේ.. පමණට වඩා උඩ පනින අයට වෙන දේ මම අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ. මෝඩයින්ගේ අනුහසින් අශිෂ්ඨ, අමන පාලකයින් රජ කරන රටේ නීතිය ගැන බල්ලන්ට බුරලාවත් කතා කරන්න දෙයක් ඉතිරි නොවෙයි අනාගතයේදී. නමුත් අතීත හිට්ලර්ලාට හා ඔහුගේ අනුගාමිකයින්ට අත්වුණු ඉරණම නූතන හිට්ලර්ලා වෙන්න දඟලන අයට අත්වෙන දවස වැඩි ඈතක නැහැ. අර කතාවටත් කියනවනේ, "කකුළුවා දඟලන්නේ හැලිය රත් වෙනකම් විතරයි" කියලා...
chandanaWednesday, 13 January 2021 05:37 PM
2015 සිට හැලිය රත්වෙනකම්, රොටිය පිච්චෙනකම්, බටහිර බලවේග, බෙදුම්වාදීන්, ත්‍රස්තවාදීන්, කාන්තාරවාදීන් ආශාවන් නෙත් දල්වා බලා සිටියදී සත්‍ය තේරුම්ගත් අති බහුතර ජනතාවක් 2020 දී ලිප නිවා දමනු ලැබූහ. සභ්‍යත්වයක් නැති ජාතියක්, ජන්මයක් නැති පුද්ගලයන් වෙනුවෙන් එම අති බහුතර ජනතාව නැවත පාවාදීම් නොකරනු ඇත.
bamunuarachchiThursday, 14 January 2021 05:02 AM
මම උඩ පැන්නේ 2007 දෙමළ ඩයස් පෝරාව සමග හැප්පෙන කාලේ සිට... එතකොට ඔබ ඔබේ තාත්තා ගාව. ඔබ මෙතැන කතා කරන්නේ ඊයේ පෙරේදා සිට. එමනිසා තමාගේ වැඩක් බලාගත්තොත් හොඳයි නේද?
BamunuarachchiThursday, 14 January 2021 05:10 AM
අපි හිට්ලර් කියලා දැනගෙන තමයි පත් කර ගත්තේ මොකද? තවත් ගොබ්බයින් නැතුව වෙලාවේ හැටියට හිට්ලර් කෙනෙක් වුවමනා නිසා. අපට දුක හිතුනේ හිට්ලර් සිල් ගන්න බව පෙනිලා නැහැ හිට්ලර් හිට්ලර්ම තමයි හිට් එක දේවි පහුවෙලා. දැන් ෆීල්ඩ් එක සෙට් කරනවා. 20 හදා ගත්තා. කියනදේට සැලියුට් එක ගහලා යස් සර් කියන නිලධාරින් පත්කර ගත්තා.
BamunuarachchiThursday, 14 January 2021 05:13 AM
ඔව් ඔව් දඟලපු කෙනෙක් තමයි අවුරුදු 4කට ගියේ. 4ට 40 කරගන්න බැරිද?
chandanaThursday, 14 January 2021 06:08 PM
බමුණු..., ඔබගේ අදහස් වලින් ඇය හෝ ඔහුගේ හිසට යක්ෂයා ආරූඪ වී ඇති හැඩයි. බලාගෙනයි අර චිත්‍රපටියේදි සාරියක් ඇඳි පිරිමි වගේ පහර දෙයි බෙල්ලම ගැලවිලා යන්නට... ඇයට හෝ ඔහුට චිත්‍රපට ලෝකයේ සැරි සරන්නට ඉඩදී හඬපටිද අසන්නට සලස්වා සත්‍යය සත්‍යය සේ දැකිය හැකි අයකු සමග වාදයට යාම සුදුසු වේ.
BamunuarachchiFriday, 15 January 2021 01:16 PM
චන්දන මම දන්නවා හඬපට අහපු අය රන්ජන්ට කැමති බව...
බද්රානි Thursday, 14 January 2021 09:46 AM
මෝඩයින්ගේ පාරාදීසයේ දඟලන, උඩ පනින පුහු දේශප්‍රේමීන්ගෙන් නම් කිසි අඩුවක් නැති බව මම දන්නවා. සත්‍යවාදී මිනිසුන්ගේ හිඟයක් පමණයි ඇත්තේ. සත්‍යය පවසන පුද්ගලයින්ව විනාශ කර වලලා දැමීම තමයි අශිෂ්ඨ සමාජයක ස්වභාවය. තමන්ට ලැබෙන තාවකාලික වරප්‍රසාදයකට ගිජුකමින් අමන පාලකයින්ගේ නිවට, නින්දිත මිනිසුන් වෙසෙන සමාජයක හෝ රටක පැවැත්ම මේ රටෙන් දැනටමත් ප්‍රදර්ශනය වී හමාරයි. අඥානයින් මිත්‍යාවෙන් මුලාකොට, පාලකයින් හා ඔවුන්ට හිතවත් කල්ලි කණ්ඩායම් පමණක් සුඛ විහරණයෙන් දිවි ගෙවීම තමයි සිදුවන්නේ. පවතින සැබෑ යතාර්ථය ප්‍රඥාවෙන් දැකීමට තරම් සිහිනුවණ නොමැති පැණි බී මත්ව නයි නැටුම් නරඹන අයට කොහෙද ඉතින් මේවා වැටහෙන්නේ එක අතකට...
chandanaThursday, 14 January 2021 05:57 PM
2015 ත් 2019 ත් අතර කෝමා තත්වයෙන් සිටී... සැමදාමත් චිත්‍රපටි විතරක් බලපු, මල් ගස් අතරින් දුව පැන නටපු, සැබෑ ලොව නොදුටු සුරඟනා ලොවින් බට සිහිනයක ජීවත් වෙන මල් කැකුලියකගේ අදහස් වගේ...
Asanga Wednesday, 13 January 2021 06:23 AM
මෙය මම නම් කළින් බලාපොරොත්තු වුණා. හැබැයි රන්ජන් ඇත්ත කතාකළ අයෙක්.. ඒකම තමයි හෙනේට හිටියේ.. අපේ රටේ නීතිය හැඳි 2කින් බෙදනවා කියන එකට කදිම උදාහරණයක්.
Kumara Wednesday, 13 January 2021 04:10 PM
2025දී රංජන් ඔබටයි 69 ලක්ෂයම .
BamunuarachchiFriday, 15 January 2021 03:25 AM
ඔබට දේවි 69 ලක්ෂයම...
Hanuman Wednesday, 13 January 2021 07:45 PM
හනුමා වගේ ගිනිතියලා ඉල්ලන් කෑවා...
Bandara Wednesday, 13 January 2021 07:46 PM
අවුරුදු 4ක් මදි අනේ. හැමදාම ඇතුළේ තියාගන්නකෝ..!!!
chandana Thursday, 14 January 2021 05:50 PM
සමහර අදහස් අනුව සම්පූර්ණයෙන්ම නළුවෙක් ගැන පමණක් දන්න අය ගොඩක් ඉන්න බව පේනවා. ඒත් හඬපට ඇහුවාම විකෘති මානසික ගති ලක්ෂණත් පෙනෙනවා. මුදල් හොරකම් නොකරාට ඊට වඩා භයානක ලෙස අශීලාචාර ලෙස පෞද්ගලිකත්වය සොරකම් කරන අයකු බවත් පෙනෙනවා... සභ්‍යත්වය සදාචාරය මායිම් නොකරපු අයකු බවත් පෙනෙනවා. කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්නුවට අයුතු දේ බලාපොරොත්තු වන්නකු බවත් පෙනෙනවා. නීතියට බලපෑම් කරන්නකු බව ඉතාමත් පැහැදිලිවම පෙනෙනවා. තමන්ට හිතෙන හිතෙන දේ සත්‍යය යැයි සිතමින් අනුන්ට අවිචාරවත් ලෙස ගැරහූ අයෙකු බවත් පෙනෙනවා. ඡායාරූපයේ දක්වා ඇති අවස්ථාවේදී තමන්ගෙන් ප්‍රශ්න අහන ලෙසට මාධ්‍යය වෙත බැගෑපත් වීමෙන් කෙතරම් මානසික අවපීඩනයකින් සිටින අයකු බවද පෙනෙනවා. කිසියම් අරමුණක් උදෙසා කවුරුන් හෝ මෙහෙයවන අයකු බවත් පෙනෙනවා. ඒකට අහුවෙච්ච බුද්ධි හීනයකු බවත් පෙනෙනවා. චිත්‍රපටි විතරක් බලපු අය ඔහුගේම හඬපට ටිකත් ඇහුවා නම් මිථ්‍යාවෙන් මිදෙන්න පුළුවන් වෙයි.
Bamunuarachchi Friday, 15 January 2021 01:21 PM
මල්ලි, ඉක්මණට ඇතුළට යන්න අරයා එළියට එනවා.. ළඟදීම ආවොත් ඔබට කාලි මෑණියන්ගේ පිහිටම තමයි. එතකොට ඔබ වටේ ඉන්න ගොයියන් බෙහෙතකටවත් සොයන්න බැරිවෙනවා.