(තිස්ස කොටින්කඩුව)
රාගම ශික්ෂණ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ ඇදන් රෝගීන්ගෙන් පිරී ඇතැයි වාර්තාවෙයි.
මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය පොදු පහසුකමි සීමා වී ඇතැයිද ප්‍රතිකාර ලබන රෝගීහු සඳහන් කරති.
බොහෝ රෝගින් වාට්ටුවල තැනින් තැන ගැටලු රැසක් මැද බිම නිදා ගනිමින් මහත් අපහසුතාවයකින් ප්‍රතිකාර ලබා ගැනිමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
පසුගිය දිනෙක මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්ද 26 වාට්ටුව මැද බිම තබා තිබූ බව ඔවුහු කීහ.
මේ පිළිබදව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතා ගෙන් විමසා සිටිමේදි ඔහු පවසා සිටියේ,කොවිඩි 19 වසංගත 4 වැනි රැල්ලත් සමග රාගම ශීක්ෂණ රෝහලේ කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ඇතුල් කර ගන්නා වාට්ටු දෙකේ ඇති ඇදන් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රෝගින් එම වාට්ටු වලට ප්‍රථිකාර ගැනිම සදහා දෛනිකව ඇතුළු වන බවය.
උද්ගතව ඇති බැරැරුම් තත්ත්වය පාලනය කිරිම සදහා මේ වන විට ඇදන් 236කින් සමන්විත වාටිටු 10ක් දැනට රෝහලේ පවත්වා ගෙන යන බවද සදහන් කළ අධ්‍යක්ෂක වරයා ඊට අමතරව රාගම ශික්ෂණ රෝහල යටතේ පාලනය වන කදාන ප්‍රාදේශිය රෝහලේ ඇදන් 114 සමග වාට්ටු තුනක්ද,සිදුව ඇදන් 600 කින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද විවෘතව ඇති බවය.
මේ වන විට රෝගින් රාගම,කදාන සහ සිදුව කොරෝනා මධ්‍යස්ථානයේ රෝගින් 1020 ප්‍රථිකාර ලබමින් සිටින අතර රාගම ශික්ෂණ රෝහලේ ඇදන් වලට වඩා රෝගින් ප්‍රමාණයක් සිටිම හේතුවෙන් සමහර රෝගින්ට ඔක්සිජන් පවා ලබා දිමට සිදුව ඇත්තේ බිම දිගා කොට බවය.
කොරෝනා ආසාදිතයන් සදහා මේ සතිය තුළ රාගම ශික්ෂණ රෝහලේ ඇදන් 28 කින් යුත් තවත් වාටිටුවක් ආරම්භ කිරිමට නියමිත බවද අධ්‍යක්ෂක වරයා පවසයි.
මේ වන විට තම කාර්ය මණ්ඩලයේ වෛද්‍ය වරුන් ඇතුලු සියලු සේවක සේවිකාවන් දැඩි කැප විමකින් සේවයේ නියතුව සිටින බව සදහන් කළ අධ්‍යක්ෂක වරයා දැනට කාර්ය මණ්ඩලයේ වෛද්‍ය වරුන් දෙදෙනෙකු ඇතුලු හෙදියන් 10 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති බවද හෙතෙම පවසා සිටියේය.
රාගම ශික්ෂන රෝහලේ ශාල්‍යකර්ම,හර්ද රෝගින් හා වකුගඩු රෝගින් සදහා ප්‍රතිකාර,මාතෘ සායන වැනි අනෙක් අත්‍යවශය සේවාවාවන් කර ගෙන යන අතර තුර කොරෝනා ආසාදිතයන්ටද ප්‍රතිකර ලබදෙන බව අමතක නොකල යුතු කරුණක් බවද අධ්‍යක්ෂක වරයා සදහන් කරයි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට හරියට සේවාව ලබාදෙන්න බැරි නම් හමුදාවට රෝහල් පරිපාලනය බාරදීමට කටයුතු කරනා මෙන් අප අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු...
සර් ළඟදි පත්තර එහෙම බැලුවැයි...?
හොඳයි, හොඳයි මිනිසුන්ම පත්කරගත්ත ආණ්ඩුව කර අරිනවා. මිනිසුන් බැට කනවා.. සර් පට්ට ෆේල්...
දැන් කරන උද්ඝෝෂණ වල ප්‍රතිඵල එන්නේ තව සති 3 කින් විතර. ලංකාව, නවදිල්ලිය වගේ වෙලා තියෙයි. මේ වෙලාවේ ඔය රැල්ල පටන් ගත්තු අයට සාපවෙනවා.
මෙයාල ඕනැම අභියෝගයක් ජයගන්න පුලුවන් කියලනෙ බලය ගත්තෙ. ඔය අභිවෝග ජයගන්න හැටිද? මරු…..
ඔක්කොම නිකන් දීමේ ප්‍රතිඵල තමයි මේ... කිසිම දියුණුවක් ලබා ගත නොහැකි, රජයෙන් කීයක් හරි ලැබෙනකන් බලාගෙන ඉන්න රෝහල්වල මෙවැනි දේවල් සිදුවීම වළක්වන්න බැහැ.. දියුණු රටවල් වලත් දුප්පත් මිනිස්සු නැතිවා නොවේ. නමුත් රක්ෂණ ක්‍රම වේදයකට හැමෝම සුව පහසු ජීවන රටාවක් ගෙවනවා. අපි නිකන්වත් හොයලා බලන්නේ නැහැ දියුණු රටවල් වල තියෙන ක්‍රමවේදය මොකක්ද කියලා.. නිකන් දීමෙන් කවදාවත් රටක් දියුණු වෙන්නේ නැහැ කියලා තේරෙනකම්, මේ දුක අපි හැමෝටම විඳින්න වෙනවා.
1977 ට පස්සේ පාලනය කරපු සියලු දෙනාම අසමත් .රට දුප්පත් කමේ අඩියටම පත් උනා. දැන් ඉතින් සංචාරකයෝ එනකම් ,විදේශ රැකියා වල සල්ලි එනකම් ,බලාගෙන ඉන්නවා. කෙළවරක් නැතුව ණය ගන්නවා .රට කොහේටද මේ යන්නේ .
සර් ෆේල් කියා කියා තව රට වටේ පෙළපාලි යමවු .නියමයි ..
එතකොට අපි නෙමේද හොඳටම කරලා තියෙන්නේ
රටේ මෝඩ ජනතාවක් ඉන්නකම් රට මෙහෙම තමයි
"නිදහස් අධ්‍යාපනය නොමිලේ" කියලා සද්දේ දැම්මට, "නිදහස් සෞඛ්‍ය සේවය නොමිලේ" කියලා කියන්න අපේ රටේ ජනතාවගේ කටවල් ඇරෙන්නේ නැහැ. රෝගීන්ව මෙලෙස ඇඳන් යටට හා කොරිඩෝ වල ගාල් නොකර, තාවකාලික ඇඳක් ලබා දෙන්න රෝහල් පරිපාලනයට නොහැකිද? රෝගීන්, මුදලට විකිනෙන තැනකයි, මුදල මත රෝගීන්ට අත්වී ඇති ඉරණමයි අතර වෙනස දැන් වත් පැහැදිලිද? අපරාදේ, අර නෙලුම් කුළුණ වත් රෝහල පේන මානයේ තිබුනා නම්, ඇඳක් යට ඉඳගෙන කෙඳිරිගාමින් හෝ කුලුනේ පත්තුවෙන ලයිට් ටික දෙස බලා ගෞරාන්විත රෝගී ජනතාවක් ලෙස අපට ආඩම්බර වෙන්න තිබුනා? අන්න එතකොට තමයි හිතෙන්නේ, නෙලුම් කුළුණු සෑම නගරයකම ඉදිකළා නම් කොතරම් සුන්දරද කියලා???
මේ රජය තව මාස තුනකින් රට සුර පුරයක් කරනවාමයි
කලට වේලාවට රට ලොක්ඩවුන් කළා නම් මෙහෙම වෙන්නේ නෑ. කලට වේලාවට එන්නත් ගෙනැල්ලා දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑ. එන්නත් ගේන්න සල්ලි නෑ කිව්ව ආණ්ඩුව ඩොලර් මිලියන 375ක සැප කාර් 228 ක් ගෙන්වන්න එල්.සී. ඇරියා. එන්නත් ගෙන්වනවා වෙනුවට පැණියක් ප්‍රමෝට් කළා. කළගෙඩි නැටුම් නැටුවා. දැන් මුලු රටම මළගමක් වෙලා.
පරිපාලනය හඳෙන් ගෙනත් දෙන්නද? ආණ්ඩුව දැනගන්න එපැයි වැඩිපුර ගොඩනැගිලි දෙන්න ඉස්පිරිතාල වලට....
නිදහස් අධ්‍යාපනය, නෙලුම් කුළුණු මේකට අදාළ නැහැ. භයානක උවදුරක්... ප්‍රතිකාර කරන්න විදිහක් නැහැ. බෙහෙතක් නැහැ. ප්‍රතිකාර කරන හෙද හෙදියන්ද මරණයට පත්වෙනවා. හැමටම බුදු සරණයි. හැමෝම පරිස්සම් වෙන්න. දේශපාලනය ගැන පසුව කතාකරන්න පුුළුවන්...